අඩෝ විහගයා.පොඩි ගමනක් යමන්කෝ.
කොහේද බං.
හෙට වැලන් ටයින්නේ.
ඉතින්
කෑල්ලට ගිෆ්ට් එකක් ගන්ඩ යමන්කෝ.
හරි යමන්කෝ.
.
අන්න ඒ බය තියා ගනින් යාලුවා



අනේ උබෙයි මගෙයි බය.





හරි හරි මං එන්නම් උබව ගන්ඩ.
හරි වරෙන්කෝ.
මං විහග.මට ඉන්නේ මගේ අම්මා විතරයි.මොකද තාත්තා මං පොඩි කාලෙදිම අම්මයි මාවයි දාලා යනවා.එයාගේ සතුට හොයාගෙන.එදා ඉදන් අම්මා තමා තාත්තටයි අම්මටයි දෙන්නටම මට ඉදියේ.එය මට ගොඩක් ආදරෙයි.ඒ ආදරේ තරම අද වෙන තුරුවත් මෙහෙමයි කියලා කියන්ඩ බැරි තරම්.
අඩෝ තෝ ලැස්ති උනේවත් නැද්ද බල්ලෝ
ඉදපන් සර්ට් එකක් දාන් එන්නම්.
හරි හරි වරෙන්.
අම්මේ මං යනෝ.කොහෙද මේ ඉදිකට්ටයි නූල් පටයි යන්නේ ඇ.
නැන්දට යේලියෙක් ගේන්ඩ.
මේ ඇත්තද පුතේ.
මුට පිස්සු අම්මේ.
හරි හරි පරිස්සමේන් ගිහින් එන්ඩකෝ
දෙන්නම.
හරි අම්මෙ අම්මත් පරිස්සමින්.
මායි උයි උගේ දඩුමොනරෑ ගියේ ටවුමට.
ගිහින් ඉස්සෙල්ලම ගියේ .කෑම කඩේකට මුගේ පොකට් එකට විදින ඔනි නිසා.
අඩෝ උබනම් බඩ ජාරියෙක් බං.ආපු ගමන්ම කලේ පොකට් එකට විදලා කෑම කඩේට අපු එක.
අනේ ඉදපන් උබත් එක්ක රවුම් ගහද්දි නොකා බෑ.
හා හා කාපන්කෝ.
අපි දෙන්නම බඩ පැලෙනකන් කාලා ගියේ පැන්ඩො ඉන්න කඩේකට.ඒ කඩේට ගිහින් කලේ පැන්ඩෝ තෝරපු එක.මූ එක එක සයිස් ඒවා අරන් මගෙන් අහනවා හොදයිද් කියලා.ඌ ගන්න ගන්න එකට මන් නෑ කියනවා.මූ මටබැන බැනා ලස්සන පැන්ඩෙක් අරන් බිල ගෙවලා කඩේ අයිති කාරයන්ට කියලා ගියේ අපි හෙට එනවා ගිනි යන්ඩ කියලා.
ඊට පස්සේ අපි ගියේ උගේ කෙල්ලට මුද්දක් බල්න්ඩ ජුවරලි කඩයකට.ඒකට ගිහින් මු කලේ පැය ගානක වෙලේ ඉදන් මුදු තෝරපු එක.මාත් මූත් එක්ක මුදු තේරුවා.
ඒ අතරේ එතන තුබුනු මුදුවලින් එක මුද්දන් මගේ හිතට ගොඩක් කා වැදුනා.මං කරපු දෙ මගෙ අතේ තිබ්බ සල්ලි ටික දීලා.ඒ මුද්ද ගත්තු එක.ඒක ගත්තා විතරයි මගේ යාලුවා මං දිහා බලන් ඉදියේ පුදුමයෙන්.
අඩෝ උබට කෙල්ලෙක් නෑ කියුවා නේද.


කාටද මේ ගත්තේ.
මගේ කෙල්ලට
උබට කෙල්ලෙක් නෑනේ.
ඉන්නවා බං.
අඩේ කවුද ඒ .
කවුරු හරිනේ..
මට කියන්ඩ බැද උබට.
කියන්නම් ඉතින්.හෙට වරෙන්කෝ උබේ කෙල්ලත් එක්ක අපේ ගෙදර.අපි පාටියක් දාමූ මගේ කෙල්ලත් එනවා කියුවා.
අඩේ සිරා.
ඔව් එහෙනම් අපි එනවා හොදේ.
හා වරෙන්.
ඉදපන් මං දැන්ම කෝල් කරලා කියන්ඩ
හා කියපන්.








ඔන්න හරි.දැන් යමං වැඩේ හරි.
මායි ඌයි කෙලෙන්ම ගියේ මගේ කීමට ෆුට් සිටි එකට බඩු වගයක් ගන්ඩ.ගිහින් ගෙදෙට්ට ඕනී කරන ඒවා ටිකක් ගත්තේ.හෙට අරුන්ට කන්ඩදෙන්ඩ.බඩු ටිකත් අරන් ගෙදරට ගියේ ගොඩක් මහන්සි වෙලා ගෙදර යද්දී රැ උන නිසා නොකා නාලා නිදා ගත්තේ ඇගට තෙහෙට්ටුව නිසයි.මට ඇහැරෙද්දි එලි වෙලා.වෙලාව 7යි.
ඉක්මන්ට නැගිටලා මුන හෝදන් අම්මටත් කලින් මං කෑම හැදුවා.ඔක්කෝම කරලා වෙලාව බලද්දි 9ට විතර ඇති.
ඒ වෙනකොටන මගෙ අතිජාත මිත්ත්රයයි උගේ කෑල්ලයි ආවේ අපේ ගෙදර හිනා වෙවී.ඇවිත් ඉදගෙන.
ආ මේ පුතාලත් ඇවිත් ඉන්නේ.
ආ ඔවු නැද්දේ විහගයා එන්ඩ කිවුවේ.
ආ එහෙනද .අද මොකක් හරි විසේස දවස්ක ඔයාලට.
ඇයි නැන්දේ.
අද පුතා නැගිටා ගේ අස්පස් කරලා කැම එහෙමත් හැදුවා.
ආ නැන්දා දන්නැද්ද අද විහගය උගේ කෙල්ල පෙන්නනවා කිවුවා.
අපේ පුතා.
ඔව් නැන්දට කියිවේ නැද්ද.
නෑනේ.
අද ඉතින් එනවනේ.නැන්දට බලා ගත්තහැකි.
බලමුකෝ එහෙන්ම්.
හරි හරි.
ආ ඉතින් කෝ උබේ කෙල්ල.
ඇවිත් ඉන්නේ බං.
කෝ බං මෙතන ඉන්නවා.
කවුද පුතා
මෙතන ඉන්නවා අම්මා.
විහගගේ යාලුවා කෙන්තියෙන් වගේ බැලුවේ එයාගේ gf දිහයි.
හැමෝන පුදුමයෙන් වගේ බලන් ඉන්නැද්දි විහග තමන්ගේ අම්මා ඉස්සරහට ගිහින් දන ගහලා වැදලා අම්නට කිවුවේ මං ගොඩක් ආදරෙයි මගේ අම්මට තත්ටා නැති දවසේ ඉදන් මට තාත්තෙක් උන අම්මේක් උනාට මේ මගෙන් පුංචි තැග්ගක් කියලා අම්මගෙ අත අරන් මුද්ද දැම්මේ ගොඩක් ආදරෙන්.එතන ඉදපු විහගගේ යාලුවට වගේම එයාගේ fb ටත් අම්මටත් ඇස් වලට කදුලු අවේ පොඩී කාලේ ඉදන් බලා ගත්තු පුතාගෙ තිබ්බ ආදරෙ තාමත් එහෙමයි කියලා දැනුන නිසයි.
නිමි.





යාලුවනේ වැලන්ටයි කියන්නේ අපි ආදරය කරන අය වෙනුවෙන් වෙන් කරලා තියෙන දිනයක්.ඒ දිනේට අපි ආදරේ කරන්නේ කාටද කියන එක අදල නෑ.මොකද අපි හිතන් ඉන්නේ වැලන් ටයින් කියන්නේ පෙන්වතුන්ට පෙම්වතියන්ට වෙන් උන දිනයක් කියලා.නෑ එහෙම නෑ.වැලන් ටයින් කියන්නේ අපි ආදරය කරන අය වෙනුවෙන් වෙන් උන දිනයක්.
ඉතිනි අපි ආදරේ අපිට ආදරෙ අපේ අම්මා විතරයි.මොකද කොල්ලෙක්ට හම්බවෙන පලවෙනි පෙන්වතිය පලවෙනි ආදරය අම්මගේ ආදරය.කෙල්ලෙක්ට තම්න්ගේ තාත්තගේ ආදරය.ඉතින් ඒ ආදර වන්තයින්ගේ දිනේ දවසේ තමන්ගේ පෙන්වතත් එක්ක පෙන්වතියත් එක්ක කාමර අස්සේ පාරවල් ගානේ බෝක්කු ගානේ ගස් අස්සේ ඉන්නවට වඩා.ඔය ඒවට මේවට වියදන් කරන සල්ලි වලින් අපිට ආදරේ මහ ගොඩක් දෙන තමංගේ අම්මට තාත්තට වටිනා තෑග්ගක් දෙන්න.
මොකද අපි හොයන ආදරෙව් අඩු නැතුව තියෙන්නේ ඒයලා ගාව විතරයි.
යාලුවනේ.මේ මං ලියපු පුංචිම පුංචි කතාවක්.හොදයිද දන්නෑ අඩු පාඩු ගොඩක් ඇති.මොකද ලෙඩ වෙලා මං ඉන්නේ.මං කතා නොලියා ඉන්ඩ හැදුව්වේ එත් ගොඩක් අය කියලා තිබ්බ මට කතා ලියන්ඩ කියලා ඒ අය වෙනුවෙනුයි මං මේ කතාව දැම්මේ.අඩු පාඩු ගොඩක් ඇති ඒවට සමා වෙන්ඩ.අනික මට ඉක්මන් සුව පාර්තනා කරපු මගේ යාලුවන්ට ගොඩාක් පිං.එහෙන්ම් මං නවතිනවා.ඔයාලට බුදු සරනයි







උපුටා ගැනීම: Kavishka Malith