හරියට ම මීට සියවසකට ඉස්සර සිදු වුණු මේ පිපිරීමට හේතුව තවමත් හරියට ම නිශ්චිතව කියන්න අමාරුයි. ඒත් විද්යාඥයන් නම් මත කීපයක් ම පළ කරලා තියෙනවා. ප්රධාන මතය තමා වසර මිලියන ගානක් තිස්සේ සක්වළ පුරා සැරිසැරූ යෝධ උල්කාවක් හදිසියේ ම 1908 ජූනි 30 වැනිදා උදේ 7:17 ට පොළොවට කඩා වැටුණු බව. මෙවැනි උල්කා කඩා වැටීම ගැන විමසිල්ලෙන් සිටින විද්යාඥයන් මේ ගැන තොරතුරු තවමත් සොයනවා. ඔවුන් කියන්නේ මෙවැනි උල්කා කඩා වැටීමක් වසර 200කට වරක් හා වසර 1000 කට වරක් අතර කාල පරාසයක් තුළ පෘථිවියට කඩා වැදීමේ ඉඩකඩක් තියෙන බවයි
ඒ මහා පිපිරුමට හේතුව ග්රහකයක් නම් එවැනි ග්රහක ලක්ෂ ගණනක් ඇති වළල්ලක් ම තියෙනවා, අඟහරු හා බෘහස්පතී ග්රහයන් අතර. ඒ ඕනෑම එකක් යන ගමන් මගින් වෙනස් වී ඇවිත් පෘථිවියේ හැපෙන්න පුළුවන්. එහෙම නැතිව ඒ පිපිරීම ඇති වුණේ වල්ගාතරුවක් හෙවත් ධුමකේතුවක් පොළොවට කඩා වැටීම නිසා නම් තත්වය තවත් භයානකයි. ධුමකේතුවක් ග්රහකයකට වඩා ඉතා වැඩි වේගයකින් යන නිසා එවැන්නක් පොළොවේ හැපුණොත් වන විනාශය අති විශාලයි
අලූත් ග්රහයකයක් හඳුනාගත් විට වසර ගණනාවක් තිස්සේ ආ මගත් එහි අනාගත ගමන් මගත් යෙදෙන කක්ෂය අඳින්න පුළුවන්. ඒත් ධූමකේතුවක ගමන්මග ඒ විදියට නිශ්චිතව අඳින්න බැහැ.
ඝන වූ න්යෂ්ටියක් හා දූවිලි වළාවක් සහිත වල්ගයක් ඇති මේ ධූම කේතු සංඛ්යාවෙන් ග්රහකවලට වඩා අඩුයි. විකේන්ද්රික එනම් කේන්ද්රයක් නැති කක්ෂයක ගමන් කරන නිසා කොයිවේලේ කොහෙන් මතු වේවි දැයි කිව නොහැකියි. සමහර ධුමකේතුවකට හිරු වටා යාමට වසර සිය ගණනක් ගත වෙනවා. ඒ නිසා තවමත් අප හඳුනා නොගත් ධුමකේතු තියෙනවා. ඒ නිසා නොදන්නා ධූමකේතුවකින් එවැනි අවදානමක් කොයි වේලේ එල්ල වේවි දැයි කියන්න බැහැ.