ආදරය නැති උනාද / Breakup (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තරුන වයසෙ කෙනෙක්ට එන්න පුලුවන් ලොකුම ප්රශ්නයක් තමයි එක පාරට වෙන Breakup / නැත්තන් ඇත්තටම ආදරේ කරන කෙනා ඈත් වෙන එක. ඇත්තටම තරුන වයස මේ වගේ අත් දැකීමකට මුහුන දෙන හුග දෙනෙක්ට මේ අත්දැකීම හරියට Manage කරගන්න අමාරුයි. කෙටියෙන්ම ඒක දරාගන්න බෑ. මන් මේ කියන්න යන දේ කෙල්ලෙක් හෝ කොල්ලෙක් වෙන්න පුලුවන්, දෙගොල්ලන්ටම පොදුයි.
පලවෙනි දේ තමයි මොකක්ද මේ love එකක් කියන්නෙ. මොකක්ද breakup වෙනව කියන්නෙ.
අපි ආස කරන, ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් මොලයේ රසායනික ක්රියාවලියක ආරම්භය තමයි මේ ආදරයක් විදියට හදුන්වන්නෙ. එක විදියකට මේක ඇබ්ගැහි වීමක්. මත්ද්රව්යයක් දිගු කාලීන පාවිච්චිය වගේ තමයි. මේක ආදරය කියල හිතල විටක ආසාව නිසාත් ඇතිවෙන දෙයක්. යම් විටක මේ ක්රියාවලිය කෙනෙක් නිසා ඇති උනොත් දීර්ග කාලයක් මේ ක්රියාවලිය නිරන්තරයෙන් සිදු වෙනව, ඒ වගේම අපි කලින් ගතකල සමාන්ය ජීවන රටාවත් මේකත් සමග වෙනස් වෙනව. අපිට ඒක දැනෙන්නෙ නෑ. නමුත් ආදරය නිසා හෝ කැමත්ත නිසා කෙනෙක්ට ලන් උනාම ඊට කලින් ජීවිතයට වඩා පසු ජීවිතය සම්පුර්න වෙනස්. දිනෙන් දින මේක වෙනස්ම අතකට ගලාගෙන යනව.
හොදයි. දැන් මේ Breakup එකේදි මොකක්ද වෙන්නෙ. අපිට මේක වේදනාවක් විදියට දැනෙන්නෙ ඇයි?
මන් කලින් කිව්ව ක්රියාවලිය නොකඩවා මේ අසාව හෝ ආදරය නිසා සිද්ද වෙනව. දිනෙන් දින ඒ පිලිබද නොකඩවා හිත යොමු කිරීමෙන් මේ ක්රියාවලිව සමගම ඔබේ ජීවිතය හුරු කරවනව. මේ අතර වාරෙදි එක පාරටම යම් හේතුවක් නිසා ඔයාට ඒ කෙනා ඈත් වෙන බව දැන ගන්නකොට ඔයාගෙ මොලය සිග්නල් එකක් දෙනව ඒක නැතුව ඔයාට ඉන්න බෑ කියල. මොකද මේ වෙනකොටත් සම්පූර්න ක්රියාවලියට මේ මොලයේ රසායනික ක්රියාවලිය බලපාල තියෙන්නෙ. එ කෙනා ගිය ශනිකව ඒ ක්රියාවලිය නතර කරල ඔයාව කලින් හිටපු කෙනා බවට පත් කරන්න අමාරුයි. එතකොට මේ අවස්තාවෙ ඔයාව back to normal කරන්න මොලයට choices 2 ක් තියනව.
1. ඒ කෙනා නැවත ඔයාට එකතු වෙන එක හා අර ක්රියාවලිය continue කරන එක.
2. සම්පූර්න ඒ කෙනාගෙ mind එකෙන් ඔයාව නිදහස් කරල පෙර කී ක්රියාවලිය නවත්වන එක.
නමුත් මේ වෙලාව මොලයට ලේසිම දේ තමයි ඔයාව නැවත ඒ කෙනාට ලන් කරල මේක continue කරන එක. මොකද සම්පූර්ණයෙන්ම ඒ දෙයින් මුදවන්න කල් යන නිසා. ඉතින් මේ හේතුවෙන් මොලය නිතරම ඔයාව විඩාවට පත් කරනව ඒ කෙනාව නැවත කෙසේ හෝ ලබා ගන්න බල කරන්න.. මේ අවස්තාවේදී..
ඒ කෙනා ගැන මතක / පෙනුම / කතා විලාශය / ගමන/ ගතිගුන ආදී සියලු දේවල් නිති පතා ඔයාට මතක් කරවනව සහ ඔයාට ඒව මතකෙට එන සම්බාවිතාව අදික ලෙස වැඩි කරනව.
මේ දේ තමයි breakup එකේදි වෙන වේදනාව..
ඒක කොච්චර දරුනුද කිව්වොත්..
අහාර අනවශ්යතාවය, නින්ද අනවශ්යතාවය , පවුලේ ආදරයේ නීරස , කලින් තමන් ආස කල ආදරය කල දේවල නීරස සහ ජීවිතයේ අප්රිය තාවය පවා ඇති කරවල ජීවිතය නැති වෙන තැනටම මේ serious breakup එකකදි වෙන්න පුලුවන්.
ඉතින් අපේ තරුන පරපුර බහුතරයක් ඔතනදි නවතිනව සහ මේ වෙලාවෙ හිත කරන circulation එකට අහු වෙන එක තමයි වෙන්නෙ. එතනදි මේකෙන් ගැලවෙන්න කරන්න කරන එකම දේ පුලුවන් තරම් ඒ කෙනාව නැවත ලන් කරගන්ම try කරන එක හෝ ජීවිතයෙන් වන්දි ගෙවන්න හදන එක. මේක එක එක්කෙනාට බලපාන විදිය වෙනස්.
මේ හේතුව නිසා තමයි breakup එකකින් පස්සෙ..
1. කරපු කැප කිරීම් හෝ තමන්ගේ සාදාරනත්වය නිසා ඇති වෙන තරහ, බැනිම, අන් අය සමග මේ පිලිබද කතාබහ.
2. දුක, සමාව අයදීම , දිගු කෙටි පනිවිඩ හා ඇමතුම්.
3. නොනිදා නිරාහාරව සිටීම.
4. සුලු හෝ විශාල වශයෙන් තමන්ගෙන් පලි ගැනීමට තැත් කිරීම.
ඉතින් කෙනෙක්ට කල්පනා කරන්න පුලුවන් එයා දැන් ඉන්නෙ මොන step එකේද කියල. නමුත් මේ මොන step එකේ ඉදියත්, ඔයා ආදරය කරපු කෙනා මේ ලොකෙ ඉන්න හොදම කෙනා ලස්සනම කෙනා, හුරතල්ම කෙනා උනත්. ඔයාට 100% ක් recover වෙන්න පුලුවන්.
ඇත්තටම ඔයා මුලින්ම කරන්න ඕන පුලුවන් තරම් ඉවසන එක. මොකද මේවැනි deep ගියපු breakup එකකදි කෙනෙක්ට ජීවිත හානියක් කරගන්න එක ඉතාව සරලයි. ඒකට හේතුව ඔහු 100% පියවි සිහියෙන් මේ කාලය ගත කරන්නෙ නෑ, තමන් ආපු ගමන් මග, අම්ම තාත්තා කල කැප කිරීම, තමන් විදපු දුක්, තමන්ගෙ අනාගතයවත් පේන්නෙ නෑ, තමන්ගෙ ජීවිත කාලෙන් යම් කෙනෙක් වෙනුවෙන් ඇති වෙන හැගීමක් නිසා අර සියලු කාරනා දූවිල්ලක් වෙන්න යන්නෙ තප්පරයක් වගේ සුලු කාලයක්.
මේ වෙලාවෙ ඔයා කරන්න ඕන දරාගන්න එක. හිතට එන හැමදේම පුලුවන් උපරිමෙන් දරාගන්න එක, මේකෙ පලවෙනි step එකේ අත්දැකීමෙන්ම ඔයාට දරාගන්න අපහසුනම් කරුනාකර මේ සම්බන්ද ඔයාට කිව හැකි සහ විස්වාස වන්තම කෙනාට මේක කියන්න. ඒ කෙනා expert කෙනෙක් වෙන්න ඕන නෑ. මොකද කෙනෙක් වැරදි තීරයක් ගන්න යන තප්පරේ හරි ඒකෙන් මග ඇරෙන්න පුලුවන්. තමන්ට handle කරගන්න බැරි අවස්තාවක් ආවොත් මාව හරි සම්බන්ද කරගන්න. ඔයාගෙ own situation එකට valuble coaching service එකක් ලබාගන්න පුලුවන්..
ඊට පස්සෙ මේ process එක ටික ටික ඒ කෙනා නැතුව ඔයාව control කරන්න හිත හුරු කරන එක කරන්න අවශ්යයි.. ඒක කරන්න පුලුවන් දෙයක්.. ඒකට පොඩි කාලයක් සහ ඉවසීම අවශ්යයි. ආදරය කල කේනාට තියන addiction එක නැතුව ඒ දේ කරන 100% සාර්තකම විදිය ගැන වෙන ලිපියකින් පල කරන්නම්. අවශ්යනම් ඔයාගෙ personal situation එකට අවශ්ය සාර්තක උපදේශන සේවාවක් උනත් ලබා දෙන්න පුලුවන්..
ඇත්තටම Breakup කියන දේ සහ එයින් මිදීම (get over) කියන්නෙ ගොඩක් පුලුල් දෙයක්, ඉතාම කෙටියෙන් මේ දේ කිව්වට.
මොන දේ කොහොම දැනුනත් හැම මොහොතකම ඔයා නොදන්නව උනාට ඔයා ඉහලින්ම ඉන්නව. කාලෙට ඉඩ දීල ඔයා වෙනුවෙන් වැඩ කරන්න. දවසක ඔයා විදවන මේ දවස ගැන මතක් උනාම ඔයාට ඇයි මන් එහෙම හැසිරුනේ කියල හිතෙයි. ඒ දවස ලගා වෙන්න කලින් අමාරුවෙන් ලබාගත්ත ජීවිතේට වරදක් කරගන්න එපා. ඔයාගෙ අම්ම තාත්ත දුක් වින්දෙ ඔයාට ආදරේ කලේ ඔය ජීවිතයට අතරමග එන අය නිසා ඔයා විදවනව දකින්න නෙමෙයි.. ජිවිතේට මිනිස්සු දාස් ගනන් යනව එනව. එයින් කෙනෙක් වෙනුවෙන් වටින ජීවිතේ හෑල්ලු කරන්න එපා.. ඔයා ඒ තරම් දුර්වල නෑ.
උපුටා ගැනීම:  Nandimal Edirisooriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!