ආදි මිනිසා ඇඳුම් ඇන්දේ කවදා සිටද? (ලෝක ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ ආදි මුතුන්මිත්තන් ඇඳුම් ඇඟලන්නට පටන් ගත්තේ දෙවන හිම යුගයෙන් පසුව යැයි මතයක් මෑතක් වනතුරු තිබුණා. එසේ ඇඳුම් අඳින්නට ඇත්තේ නග්නව හිඳීමට වඩා එය සුවපහසු යැයි සිතුව නිසා විය හැකියි. ඒ අනුව මානවයා වසර 170,000කට පෙර ඇඳුම් අඳින්න පටන් ගන්නට ඇතැයි කියන්නට සාක්ෂි විද්යාඥයන් විසින් මෑතදී කරන ලද පර්යේෂණයකින් සොයා ගෙන තියෙනවා. ඒ සාක්ෂි සොයා ගෙන ඇත්තේ අප්රසන්න සතකුගේ මාර්ගයෙන්. ඒ අන් කිසි සතකු නොව, අපේ හිස්වල දකින්නට, අද අප ඉතාමත් අකමැති උකුණායි. ඒ අනුව උකුණා, අප ඇඳුම් අඳින්න පටන් ගන්න පෙර සිට ම, වසර 170,000ක් තිස්සේ අප සමග ජීවත්වෙලා තියෙනවා.
මානව පරිණාමය හා සංචරණ රටාවන්ට පිළිබඳව කළ අධ්යයනයකදී වර්තමාන මානවයන් ඇසුරු කර ගෙන ඉන්නා උකුණන් වෙත විශේෂ අවධානයක් යොමු කළා. වසර පහක් තිස්සේ ජාන යොදා ගෙන කළ අනුක්රමික රටා පිළිබඳ අධ්යයනයේදී මිනිසාගේ හිසේ වූ උකුණන් අනුක්රමයෙන් ඇඳුම්වලට ආවේ කොයි කාලයේ දැයි විමසා බැලීමක් සිදු කෙරුණා.
මිනිස් පොසිල සමග තිබූ උකුණන්ගේ ජාන පරීක්ෂාවට ලක් කල අතර මිනිස් හිසෙහි වාසය කළ උකුණන් පසුව ඇඳුම් උකුණන් ලෙසට ඉතා හොඳින් අනුගත වුණ බව ඉන් තහවුරු කෙරුනා. ඒ අනුව මිනිස් හිසේ උකුණන් පසුව, ඇඳුම්වල වාසයට හැඩ ගැසුණු සමයේ මිනිසා ඇඳුම් ඇන්ද බව හෙළි වී තිබෙනවා.
මේ තොරතුරු අනුව පෙනී ගියේ නවීන මානවයා ශීත දේශගුණය ඇති ප්රදේශවලට හා උස් කඳුකරයට සංක්රමණය වීමට අවුරුදු 70,000කට පෙර ඇඳුම් ඇන්ද බවයි. ආදී මිනිසා මේ සංක්රමණය පටන් ගත්තේ ඊටත් වසර ලක්ෂයකට පෙරයි. මේ දිනය කෙළින් ම පුරාවිද්යා කැණීමවලින් තහවුරු කර ගැනීමට හැකියාවක් නැහැ. හේතුව ඇඳුම් වැනි දේ පුරාවිද්ය වැඩ බිම්වල ශේෂව තිබිය නොහැකි බැවිනි.
මේ අධ්යයනයෙන් පෙන්වා දෙන්නේ මානවයන් ඇඳුම් ඇඳීමට පටන් ගත්තේ ඔවුන්ගේ සිරුරෙහි රෝම නැති වී ගිය කාලයට පසුව බවයි. ඒ ජානමය අතින් සමේ වර්ණය වෙනස් වීමෙන් පසුව, එනම් වසර මිලියනය එකකට පෙරාතුවයි. ඒ කාලයේ මානවයා සිටියේ කයේ රෝම මෙන්ම ඇඟට ඇඳුම් ද නැතිවයි.
උකුණන් අධ්යයනය සඳහා තෝරා ගන්නට හේතුව අනික් පරපෝෂිතයනට වඩා පරිණාමය සිදුවන දිගු කලක් තිස්සේ සත්කාරක සත්වයා සමග නොවෙනස්ව ජීවත්වීමට ඔවුන් සතුව තිබූ හැකියාව නිසයි.
උකුණන්ගෙන් දත්ත ලබාගෙන මානව පරිණාමය ගැන කියන මේ සුවිශේෂී ක්රමය සංවර්ධනය කරනු ලැබුවේ පසුගිය වසර 20 ඇතුළතයි. මේ ක්රමයෙන් ලබා ගන්නා දත්ත, වෛද්ය විද්යාව, පරිණාමීය ජීව විද්යාව, පරිසර විද්යාව ආදී ක්ෂේත්ර ගණනාවකම ප්රයෝජනයට යොදා ගත හැකි වෙනවා.
අවසාන හිම යුගය ඇති වූයේ මීට වසර 120,000කට පමණ පෙරාතුවයි. එහෙත් මේ අධ්යයනයෙන් නව මානවයා මුලින්ම ඇඳුම් ඇන්දේ යැයි දින නිර්ණය කර ඇත්තේ වසර 180,000කට පෙර පැවති හිම යුගයට පසුවයි. ඒ හිම තට්ටුවල හරයේ ඇති උෂ්ණත්වයන් පිළිබඳ කරන ලද අධ්යයනයන් අනුව යමිනි. ඒ අනුව ගිලියන් කියන්නේ මුලින් ම නව මානවයන් පහළ වන්නට ඇත්තේ වසර 200,000කට පෙර බවයි.
ආදි මානවයන් මුලින්ම ඇඟලුම් ලෙස පැලැන්දේ සත්ව සම්, ලොම් හා කොළ ආදිය බව අප දන්නවා. ඔවුන් ඒ ගැන ඉතා අතීතයේ අදහසක් ඇති කර ගත්තේ, කෘමි සතුන්ගෙන් සමට වන හානි වළක්වා ගැනීමටත්, ශීත කාලයේ හා ගිම්හානයේ කාලගුණික වෙනස්කම්වලට, වැසිවලට, ඔරොත්තු දෙන්නටත් යන කරුණුවලටයි. අද අපේ ඇඳුම්වලට විවිධ අරමුණු තිබුණත් එදා එකම අරමුණ ආරක්ෂාව සලසා ගැනීම පමණයි.
එහි අතීතය ගැන අපට නිශ්චිත කාලයක් ගැන හිතා ගන්නට නොහැකි වූයේ ඒ ඇඳුම්, ඔවුන්ගේ අස්ථි පොසිල මෙන් හෝ අපට ඒවා ශේෂව නොතිබුණු නිසයි. ඒ වුනත් වසර ලක්ෂ දෙකකට ආසන්න කාලයක ඈත අතීතයේ දී අපේ ආදීම මුතුන්මිත්තන් ඇඳුම්වලට හුරුවූ අයුරු උකුණන්ගේ ජානවලින් සොයා ගැනීමට හැකි වීම ඇත්තෙන් ම විස්මිත කරුණක් නොවේද?
අවසාන වශයෙන් කිවයුත්තක් තියෙනවා. ඒ අපට කෞතුක වශයෙන් අපට හමුවී ඇති ආදී අපේ මුතුන්මිත්තන් ඇඳි වියන ලද පැරණිතම ඇඳුම මීට වසර 5,000ත් 5,500ත් අතර කාලයේ දී භාවිත කළ එකක් බව. ඒ මිසර ශිෂ්ටාචාරය ආරම්භයේදියි. එය හැඳින්වෙන්නේ ටාඛාන් (Tarkhan) කියායි. 1913 ඊජිප්තුවෙන් සොයා ගන්නා ලද මේ ඇඳුම දැනට තැන්පත් කර ඇත්තේ ලන්ඩන් විශ්ව විද්යාලයේ ඇති විශේෂ මිසර කෞතුකාගාරයේයි
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!