අඩි 12කට වඩා උස අද්භූත ඔලු දෙකේ යෝධයාගේ මමී සිරුර.. (ලෝක ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කලක් පෘථිවියේ සිටි යෝධ මිනිසුන්ගේ පැවැත්ම සනාථ කිරීමට පුරාණ ලියකියවිලි හෝ වෙනත් සාක්ෂි සමහර ස්තාන වලින් හමු වී තිබේ. කෙසේ වෙතත්, ඔබ කැප් ඩ්වා නම් ඔලු දෙකේ යොධයකුගේ සිරුරක් ගැන අසා තිබේද..?
බොහෝ විට විවිධ සිරුරු කොටස් එකතු කර වෙනම ජීවියකු වන ලෙස ගොඩ නන්වන ලද රැවටීම් නිර්මාණය කර ලෝකය රවටපු අවස්තා පිලිබදව රාම්වණා ඕනෑ තරම් පොස්ට් ගෙනාවා ඔබට මතක ඇති. මේකත් ඒ වගේ යැයි කියන සමහර අය සිටී. නමුත් වෛද්යවරයකු විසින් මෙම සිරුර එසේ කෘතිමව නිර්මාණය කල එකක් නොවන බවට සහතික කර ඇත. තවත් පර්යේක්ශකයකු විසින් එය සත්ය යැයි සනත කර ඇත. කෙසේ වෙතත්, පෘථිවියේ ජීවය පිළිබඳ අපගේ අවබෝධය සඳහා හේතු වන බොහෝ සොයාගැනීම් ද තිබේන අතර කප් ඩ්වාගේ කතාව, මෙම හිස් දෙකේ යෝධ මිනිසා විස්මිත වන අතර, බොහෝ මිනිසුන්ට විශ්වාස කිරීමට අපහසුය.
1673 දී ද්විත්ව හිසක් සහිත මෙම යෝධයා ස්පාඤ්ඤ නැවියන් විසින් අල්ලා ගත් බවට එක කතාවක් පවතින අතර එහිදී යෝධයා ස්පාඤ්ඤ හමුදාව්න් දිවි ගලවා ගැනීමට දිගින් දිගටම සටන් කල බව කියවේ. කෙසේ වෙතත් හමුදව ඔහුව මරා දමා හදවත ගලවාගත් බව එම කතාවල සදහන් වේ.
පසුව ,බොහෝ දෙනා විශ්වාස කරන්නේ 19 වන සියවසේදී මමීකරනය කල යෝධයාගේ සිරුර එංගලන්තයට ගෙන ආ බවයි. ඉන්පසු 1914 දී ඔහුගේ බිහිසුණු මමී සිරුර එඩ්වර්ඩියන් සර්කස් හි ප්රදර්ශනය කිරීමට පටන් ගෙන ඇති අතර පසුවඑංගලන්තයේ නෝර්ත් සොමර්සෙට් හි වසර 45 ක් ප්රදර්ශනය කර ටික කලකට පසු, 1959 දී තෝමස් හොවාර්ඩ් විසින් කැප් ඩ්වාගේ දේහය මිලදී ගෙන ඇත.
මෙලෙස වරින් වර ඔහුගේ සිරුර මිලදී ගෙන ඇති අතර කැප්වාගේ මමීය දැන් මේරිලන්ඩ් හි බොබ් සයිඩ් ෂෝ හි රොබට් ගර්බර් සහ ඔහුගේ බිරිඳට අයත් ඇන්ටික් මෑන් ලිමිටඩ් හි තබා තිබේ.
නමුත් ඇන්ටික් මෑන් ලිමිටඩ් හි හිමිකරු පවසන්නේ කැප් ඩ්වා වෙරළේ දී මියගොස් සිටීයදී නාවිකයකු විසින් සොයාගත් බවයි. ඔහුගේ පපුවට විශාල හෙල්ලයකින් ඇන මරා දමාතිබූ බවත් එය සිදුකලේ කවුරුන්ද යන්න සොයාගත් නොහැකි වූ බවත් ය.
පසුව එය පැරගුවේ වැසියන් විසින් විකෘති කරන ලද අතර, මෙම මමිය බ්රිතාන්ය නැව් කපිතාන්වරයෙකු වන ජෝර්ජ් බිකල් විසින් දැක ඇති අතර පසුව එංගලන්තයේ බ්ලැක්පූල් කෞතුකාගාරයට ගෙන ගොස් වසර ගණනාවක් ප්රදර්ශනය කර ඇත. පසුව මමීය නැවත ඇමරිකාවේ බැල්ටිමෝර් වෙත ගෙන ගොස් ඇත.
එවැනි සත්වයෙකු සත්ය වශයෙන්ම පැවතිය හැකි අතර, කප් ඩ්වා ඇත්ත වශයෙන්ම සත්යයක් විය හැකි නමුත් ලෝකයේ යෝධ මිනිසා ගැන බොරු සාක්ෂි රාශියක් තිබේන බවත් නැවත මතක් කල යුතුය.
1940 ජුනි 27 වන දින මනින ලද පෘථිවියේ උසම මිනිසා උස මීටර් 2.72 ක් බව ලිඛිත වාර්තා ඇත. එබැවින් ඊට වඩා මිනිසෙකුගේ උස අසාමන්ය ලෙස ඉහල යාම පිටියුටරි ග්රන්තියට හානිවීම මත සිදු විය හැකි බව වෛද්ය පර්යේශන හරහා ඔප්පු වී ඇත. මෙය එවැන්නක් විය හැකිය. ඔලු දෙකක් සහිතව නිවුන් මිනිසුන් වර්තමානයේ දී ද ජීවත් වේ. සමහර විට සැත්කම් හරහා ඒවා නිවරදි කරයි. නමුත් අතීතයේ දී එලෙස නොවිනි. ඉතින් හිස් දෙකක් සහිත විශාල මිනිසුන් ජීවත් වීමේ සම්භාවිතාවයක් පවති.
ඔබ සිතන්නේ කුමක්ද..?
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!