ලෝක ජනගහනයෙන් 20% ක් සමස්ත සම්පත්වලින් 80% පරිභෝජනය කරති. සංවර්ධනය වන රටවලට ආධාර ලබාදීමට වඩා 12 ගුණයකින් දියුණු රටවල් යුද්ධය හා හමුදා නඩත්තුව සඳහා වැය කරති.
සෑම දිනක ම ආසන්න වශයෙන් 5.000 කට ආසන්න ජනයා අපිරිසිදු ජලය පරිභෝජනය නිසා මිය යති. ගෝලීය ජනගහනයෙන් බිලියන 1 කට ප්‍රමාණවත් පානීය ජලය නොමැත. 40% ක් වගාවට සුදුසු භුමිය දිගු කාලීන ආපදාවට පත් වෙයි. සෑම වසරක ම වනාන්තර හෙක්ටයාර් මිලියන 13 ක් ලෝක සිතියමෙන් අතරුදහන් වෙයි.
සෑම ක්ෂීරපායි සත්ත්ව විශේෂ 1/4 ක්, පක්ෂි විශේෂ 1/8 ක්, උභය ජීවීන් 1/3 ක්, වඳව යාමේ අවදානමට ලක් ව ඇත. ස්වභාවික වඳවයාමේ ක්‍රියාවලියට වඩා 1.000 ගුණයක වේගයෙන් මානව ක්‍රියාකාරිත්වය නිසා සත්ත්ව හා ශාක විශේෂ වඳ වෙයි. සාගර මත්ෂ්‍ය භූමි 1/3 ක් ප්‍රමාණය ඉක්මවා මසුන් මැරීම නිසා ද, සාගර දූෂණය නිසා ද විනාශයට පත් වෙයි.
ගෙවී ගිය වසර 15 තුළ ඉතා උණුසම් දේශගුණයක් වාර්තා වී ඇත. වසර 40 ක් තුළ අයිස් ආවරණය 40% කින් තුනී වී ඇත. 2050 වන විට ලොව පුරා දේශගුණික අනාථයන් මිලියන 200 ඉක්මවයි. 21 වන සියවස අවසන්වීමට පෙර නූතන ශිෂ්ටාචාරය ඇතැම්විට අවසන් වනු ඇත
උපුටා ගැනීම: රාම් වණා