රුහුණු විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම පීඨයෙ උපාධි වර්ග කිහිපයක්ම තිබුණත් අද අපි කතා කරන්න යන්නෙ රුහුණු විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම පීඨය මගින් පිරිනමනු ලබන,
Agri resource management technology උපාධිය සහ Agribusiness management උපාධිය ගැනයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ Agricultural technology and management උපාධිය තිබුණත් ගොඩක් අය හිතන්නෙ මේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ සහ රුහුණු විශ්ව විද්‍යාලයෙ මෙම උපාධි සමානයි කියලයි.ඒ වුනත් පොඩි පොඩි වෙනස්කම් සහිතව සිලබස් වල යම් වෙනසක් සහිතයි. හැබැයි ශ්‍රී ලංකාවෙ පේරාදෙණියට පසුව හොදම කෘෂිකර්ම උපාධියක් ලබාගන්න පුලුවන් වෙන්නෙත් රුහුණු විශ්ව විද්‍යාලයෙන්.රුහුණු විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම පීඨය ස්ථාපිත වෙලා තියෙන්නෙ මාතර මාපලාන ප්‍රදේශයයෙයි.මේ පීඨය තුල සිසුන්ගෙ සියලුම දේශනශාලා, ආපනශාලා, විද්‍යාගාර, පුස්තකාල සහ ෆැකල්ටි ෆාම් එකකුත් අඩංගු වෙනවා.
මේ රුහුණු විශ්ව විද්‍යාලය මගින් කෘෂිකර්ම උපාධි තුනක් පිරිනමනු ලබනවා.ඒ තමයි,
(1) Agri resource management technology
(2) Agri business management
(3) Green technology
මේ උපාධි තුනම සකස් වෙලා තියෙන්නෙ රැකියා අරමුණු කරගෙනයි.ඒ වගේම නව දැනුමෙන් සහ නව චින්තනයෙන් යුක්ත ව්‍යවසායකයින් බිහිකිරීමේ දැක්මකිනුත් කටයුතු කරනවා. මේ උපාධි සකස් වෙල තියෙන්නෙම රැකියාවක් සදහා සම්පූර්ණ සුදුසුකමක් ලැබීම සදහායි.ඒ කියන්නෙ රැකියාවෙ අපේක්ෂාව අනුව දැනුම ලබාදීමක් සිදුකරනවා.
රුහුණු විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම පීඨයෙ ප්‍රධානම දැක්ම වන්නෙ..
විද්‍යාත්මක,තාක්ෂණික, කළමනාකරණ ,ආර්ථික ,පාරිසරික සහ සමාජීය මූලධර්ම උපයෝගී කරගනිමින් ආහාර ක්ෂේත්‍රය , සත්ත්ව ආහාර ක්ෂේත්‍රය වැඩිදියුණු කරමින් උපාධිය මගින් ලබාදෙන දැනුම ප්‍රායෝගික ලෝකය තුල නව්‍යකරණය කොට විශ්ව අවශ්‍යතා සපුරාලිය හැකි නව්‍ය චින්තකයින් බිහිකිරීමයි.
-
කෘෂි සම්පත් කළමනාකරණය හා තාක්ෂණය පිලිබද විද්‍යාවේදි උපාධිය.
Agri resource management technology.
මෙම උපාධිය වසර හතරක ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සෙ පවත්වනු ලබන විශේෂවේදී ගෞරව උපාධියක්.මෙම උපාධිය විශේෂයෙන්ම සකස් වෙලා තියෙන්නෙ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වෙනුවට නවීන තාක්ෂණයෙන් අනූන නව්‍යකරණය වුන ඵලදායී නවීන ලෝකයට ගැලපෙන ලෙසයි.

ඔයාට මේ උපාධියෙදී හදාරන්න ලැබෙන විෂයයන් තමයි මම පහතින් සදහන් කරන්නෙ.
Crop science
Animal science
Agric biology
Agric engineering
Agric economics
Soil science
Food science and technology
Anatomy and physiology of farm animal
Agricultural botany and weed science
Farm power and mechanization
Introductory biochemistry and food chemistry
Agroecology and sustainable agriculture
Nursery management
Wildlife management
Floriculture and landscape gardening teaching
මෙම උපාධියෙ පලමු වසර දෙකම මේ කියපු විෂයන් ඔස්සෙ හදාරන්න සිදුවෙන අතර තුන්වන වසර වනවිට ඔයාට කැමති විෂයයන් හදාරන්න තෝරාගන්න පුලුවන්.ඒවා තමයි.
Animal products for consumers
Plant protection practicum
Database management system
Nursery management
Ergonomics
Fermentation technology
Land suitability evaluate
ඔයාලට මේ තෝරගන්න තියන විෂයයන් ඔස්සෙ තමයි ඉදිරියට යන ක්ෂේත්‍රයන් තෝරාගන්න තියෙන්නෙ.එ වගෙම මේ උපාධිය animal science , food science සහ agricultural යන ක්ෂේත්‍රයන් තුනම ආවරණය වෙන් විදියටයි සකස් කරලා තියෙන්නෙ.තුන්වන වසරෙදි ඔයාට 2.7ට වැඩි GPA අගයක් තියනවනම් special programme එකකට අයදුම් කරන්න පුලුවන්.සිව්වන වසරෙ අවසාන සෙමෙස්ටර් එක ඔයාට රිසර්ච් එකක් කරන්න තමයි තියෙන්නෙ.ඊටත් පසුව විශ්ව විද්‍යාලය මගින් ඔයාට මාස හයක විශේෂ පුහුණු කාලයක් තියනවා.
-
කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිලිබද විද්‍යාවේදී උපාධිය.
Agribusiness management.
කෘෂිකර්මාන්තය ,ව්‍යාපාර කළමනාකරණයත් සමග එකට එකතු කරලා හොද දැනුමක් ලබාදෙන්න සකස් කරලා තියන උපාධියක් තමයි මෙ. වසර හතරක් පුරා දිවෙන මේ උපාධිය මගින් ප්‍රායෝගික කුසලතා සහ නව අදහස් සමග නව්‍යකරණය වුන කෘෂිකර්මාන්තයට වාණිජමය වටිනාකමක් ලබාදීම සදහා අරමුණු කරගත් උපාධි වැඩසටහනක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.විශේෂයෙන්ම මෙම උපාධිය මගින් කෘෂිකර්ම සිද්ධාන්ත, කෘෂිකාර්මික නිශ්පාදන, වාණිජ ශක්‍යතාව සහ ව්‍යාපාර කළමනාකරණය පිලිබද දැනුම ලබාදෙනවා.
මේ උපාධියෙ පලමු වසර තුල තියන විෂයයන් :
Introductory crop botany and weed science
Basic mathematics and statistics
Principle of agronomy
Microeconomics
Agriculture and the Sri Lankan economy
Farm power and mechanization
Introductory biochemistry and food chemistry
Computer awareness
English

දෙවන වසර :
Forage crop production
Fundamentals of plant physiology
Information and communicational technology in agricultural
Applied statistics
Macroeconomics
Principles of business management
Introductory soil science
Compulsory noncredit courses
English
තුන්වෙනි අවුරුද්දේදි තෝරාගන්න පුලුවන් විෂයන් කිහිපයක් තමයි :
Animal diseases and hygiene
Past and diseases management
Export agriculture management
Plantation crop management
Food preservation and processing technology
Land resource management
එතකොට මේ උපාධියෙ හතරවන වසරෙ අවසානයට තියෙන්නෙත් රිසර්ච් කරන්නයි.කොහොම වුනත් මේ උපාධිය රැකියාවකටත් එහා ගියපු ව්‍යවසායක හැකියාවන් ඔප්නංවා ගනිමින් මෙරට ආර්ථිකයට දායක වෙන්න පුලුවන් ආකාරයට හොද න්‍යායාත්මක සහ ප්‍රායෝගික කුසලතා වලින් පරිපූර්ණ ව්‍යවසායකයින් බිහිකරලිමට අත්වැලක් සපයනවා.
ඔයාටත් මේ උපාධි දෙකන් එකක් හදාරන්න බලාපොරොත්තුවක් තියනවනම් රුහුණු විශ්ව විද්‍යාලය කියන්නෙ හොදම තේරීමක්.