කොළඹ රත්නපුර පාරේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා පාසල් මාවතේ මීටර් 200 කදු මුදුනට පිවිසෙන්නෙකුට අලංකාර භුමිභාගයක පිවිසි මෙම ගොඩනැගිල්ල දැකගත හැකිය. ඉංග්‍රීසි සහ දේශිය ගෘහ නිර්මාණ සම්ප්රදායේ සංකලනයක් ලෙස බිහිව ඇති මෙම අන්තඃපුර මාලිගය සුවිශේෂි ඉතිහාස කතා පුවතක් අනාගත පරපුර වෙත උරැමකරණා නිර්මාණයකි.
ශී‍්‍ර වික්‍රම රාජසිංහ රජදවස, සබරගමු වැසියා රජුට ගෙවිය යුතු බදු පැහැරමින් සිටි අතර, ඒ පිළිබද සොයා බලා කටයුතු කිරීමට ඇහැලේපොළ අධිකාරම් සබරගමුව දිශාවට පිටත් කළහ. ඔහු එතැන් සිට මෙම ප්‍රදේශය පාලනය කළහ.
විවිධ කුමන්ත්‍රණ ඔස්සේ ඇහැලේපොළ අධිකාරම පිළිබඳ රජු කෝපයට පත්ව සිටි අතර, සබරගමු වැසියා, ජන ප්‍රධානීන් ඇහැලේපොළ වටා ඒකරාශිවන්නට විය. ඔහු මීට පෙර බටුගෙදර ප්‍රදේශයේ වලව්වක පදිංචිව සිටි අතර පසුව නගර මධ්‍යයේ දැනට කෞතුකාගාරය පිහිටි ඇහැලේපොළ වලව්ව හෙවත් නිල නිවස ඉදි කළහ. ඊට ඉහළින් මෙම අන්තඃපුර මාලිගය ඉදිකළ අතර දැනට ලංකාවේ සුරක්ෂිතව පවත්නා අන්තඃපුර මාලිගයක් ලෙස හැදින්වීම වරදක් නොවේ. තවද මහනුවර පත්තිරිප්පුවේ හැඩයට අනුව මෙහි ඇති ඉදිකිරීම රජුට රිදවීමේ බලාපොරොත්තුවෙන් සිදුකරන ලද්දක් යැයි අනුමාන කල හැකිය.
මෙම අන්තඃපුර මාලිගයට රහසින් පිවිසිය හැකි උමං කිහිපයක් පැවති අතර, ඉන් රත්නපුර ඕලන්ද කොටුව, කළු ගග, ඇහැලේපොළ අධිකාරම් නිල නිවස යන ස්ථාන වෙත මෙමගින් පිවිසිය හැකි බව පැවසේ. එම උමං දැකි පිරිස්ද මේ අවට ජිවත් වෙති.
ඇහැලේපොළ අධිකාරම්ගෙන් පසු මෙම අන්තඃපුර මාලිගය විවිධ සුදු ඒජන්තවරුන්ගේ නිල නිවාසයක් ලෙස පැවති අතර දැනට රත්නපුර දිස්ත්‍රික් ප්‍රදේශිය පුරාවිද්‍යා කාර්යාලය ලෙස පවත්වාගෙන යනු ලබයි.
(උපුටා ගැනීම අසිරිමත් සබරගමුව )