“මගේ පැටව් යළි හිමි වෙනවා නම්
මහ වැව් පතුළෙන් මං නැගිටින්නම් “
මොල්ලිගොඩ නිළමේ ඇතුළු නිළමෙ මණ්ඩලයේත් වඩුග ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේත් අවනීතිය නිසා නිකරුණේ දිවි අහිමි වූ ඇහැළේපොල කේදවාචකය ලංකා ඉතිහාසයේ සිදුවූ බරපතළ හා සාදාරණීයකරණය කළ නොහැකි අපරාධයකි…
ඇහෙළේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් වාසළ රණමුක මුදියන්සේ නොහොත් කවුරුත් දන්නා බසින් නම් ඇහෙළේපොළ නිළමේත් , මොණරවිල වලව්වේ පොඩි කුමාරිහාමි නොහොත් ඇහැළේපොල කුමාරිහාමිත් ලොකු බණ්ඩාර ,මද්දුම බණ්ඩාර පුතණුවන් දෙදෙනාත් කුඩා බිළිදු දියණියත් මේ ඇහැළේපොල වලව්වේ පදිංචි කරුවන් වූහ..
ඇහැළේපොල වලව්ව රජ මාළිගයේ සිට මීටර දෙසීයක් පමණ දුරින් ස්වර්ණ කළ්‍යාණ වීදිය නොහොත් වර්තමාන රජ වීදියට මුහුණලා පිහිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජ යුගයේ ඉදිවූ සුප්‍රසිද්ධ වලව්වකි…
මහනුවර රාජදානියේ ඈත අතීතයේ සුප්‍රසිද්ධ වලව් 18 න් ප්‍රධානතම වලව්වක් ලෙසින් මේ ඇහෙළේපොළ වලව්ව හදුන්වන්නට පුළුවන….
ඉපැරණි ගඩොල් වලින් ශක්තිමත් කොට සිංහල උළු සෙවිලි කර සෑදූ මේ ඇහැලේපොළ වලව්ව ඉපැරණි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය යටතේ ඉදි වූවකි….මැද මිදුල ,වලව්වේ ඇති උස කුළුණු හා ආරක්කු , වලව්වේ ලී තරප්පු පෙළ ,ඉහළ මන්දිරය , වලව් කාමර සහ ලී උළුවහු අදටත් පෙර පැවති ශ්‍රී විබූතිය මැනවින් කියාපාන අතරම අදටත් නොනැසී යහපත් තත්වයේ පවතින ලංකාවේ වලව් අතරට ඇහැලේපොළ වලව්වත් එකතු වී ඇත…
වලව්වේ ඇතුළත දොර උළුවහු හා ජනෙල් ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණශිල්පියේ ආබාෂයෙන් නිමකර තිබේ….
ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ මාළිගයේ හතර වෙනි සී මැදුරු කවුළුවට ඇහැලේපොළ වලව්වේ සදළුතලය අදටත් හොදින් දැකබලා ගන්නට පුළුවන..ඇහැලේපොළ කුමාරිහාමිගේ රූප ශ්‍රීයට වශී වුණ නාගසින්හම් නොහොත් ශ්‍රී වික්‍රම රාජසිංහ /කන්නසාමි පෙරුමාල් රජු මේ සී මැදුරු කවුළුව ළගට වෙලා රහසේ කුමාරිහාමි දිහා එතුමියට නොපෙන්නට බලන් ඉන්නටත් ඇත…
අතීතයේ පරණ වෙලාවෙන් රාත්‍රී 8 ට මහවාසලේ වැඩ නිමා වෙද්දී නුවර වීදී වල වැඩ නිම කිරීමේ ඝණ්ඨාරයක් නාද කරන අතර ඉන්පසු නුවර වීදි වල ආලෝකයක් අතේ නොමැතිව වීදියක ඇවිදීම බරපතළ වරදක් විණි…ඒ වෙලාවට රාත්‍රී වලව්වේ සියළු වැඩ නිම කරන වලව්වේ සාමාජිකයන් අද වැනි තාක්ෂණයක් නොමැති අතීතයේ වලව් ආලින්දයට වී කතා බහ කරමින් කල්
ගෙවන්නට ඇත ….
ඇහැලේපොළ මහ නිළමේ නොහොත් සබරගමුවේ දිසාවේ රජු මරා රජකම ගන්නට යන බවට රජුට කේළම් කිවූ මොල්ලිගොඩ ප්රමුඛ නිළමේ මණ්ඩලේ කූට කුමණ්ත්‍රණය විශ්වාස කළ රාජසිංහ රජ ඇහැලේපොළ කුමාරිහාමිත් දරුවන් තිදෙනාත් 1814 මැයි 17 වනදා අධික වද බන්දන්ට පමුණුවා මරා දමන ලදී ….
1815 මාර්තු දෙවනදා වන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිය රාජදානියත් ඔටුන්නත් අහිමි කරගෙන හිර බාරයට පත් වෙනවා ..ඉන් පසු ඇහැලේපොළ වලව්වේ පරිසරය ගැන කතා කළහොත් එවකට සිටි සුදු නිළදාරීන් වලව්ව සිර ගෙයක් කර එහි පළවෙනි සිරකරුවා බවට පත් කරන්නේ කළක් සුදු නිළදාරීන්ටම රජුට විරුද්ධව සහයෝගය දැක්වූ ඇහැළේපොළ නිලමේවම වීම විශේෂත්වයකි….
ඇහැළෙපොල නිළමේ පමණක් නොව තවද ඇහෙළේපොළ කුමාරිහාමිගේ ලොකු අයියණ්ඩිය වූ මොණරවිල කැප්පෙටිපොල මහ නිළමේ තුමාද ඇතුළු නිළමේ වරුන් 52 ක් මරා දමන තුරුම මේ වලව්වේ නිවාස අඩිස්සියේ තබා ඇත ….(ඇහැලේපොළ නිළමේ හිස ගසා මරා නොදැමූ බවත් මුරුසි දිවයිනට පිටුවහල් කළ බවත් සළකන්න ..ඒ ගැන පසු ලිපියකින් ඉදිරිපත් කරමි )
බෝගම්බර රිච්මන්ඩ් බන්දනාගාරය ලෙසින් පසු කළෙක පරිවර්තනය කළ ඇහැලේපොළ වලව්ව රැදිවියන් තිදෙනෙකු එකළ එකවර එල්ලා මරා දැමිය හැකි බන්දනාගාරයකි…නමුත් මෑත කාලයේ එනම් 2013 දී බෝගම්බර රිච්මන්ඩ් බන්දනාගාරය සන්නසකින් රජයට පවරාගැනීමෙන් අනතුරුව රැදිවියන් එයින් ඉවත් කරනු ලැබුවත් වලව්ව බන්දනාගාරයක් බවට පත් කිරීමෙහි අතුරු ප්‍රථිපල ලෙසින් වලව්වේ පෞරාණික වටිනාකම් බොහොමයක්ම වත්මන් පරපුරට දැකගත නොහකි වන අයුරින් නැති නාස්ති වී ගොසින් තිබේ….
අතීතයේදී ඇහැලේපොළ කුමාරිහාමි වන්දනාමාන කළ කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වලව්ව ඉදිරිපිට මහ මිදුලේ තිබුණ බවක් පැවසුණත් වර්තමානය වන විට ඒ පිළිම වහන්සේ ඉවත් කර තිබෙන අතර ඒ පිළිම වහන්සේ පිළිබදව පැහැදිළි විස්තරයක් ඉන් ඔබ්බට හමුවන්නේ නැත…
වසර 250 ක් පමණ පැරණි ඇහැලේපොළ වලව්වේ සාඩම්බර ඉතිහාසය ,පුරාතන ගෘහ නිර්මාණ ශිල්පය හා පෞඩත්වය සුදු අධිරාජ්‍යවාදීන්ගේ මෙන්ම මෙරට පාළකයන්ගේ ද ඇතැම් වැරදි නිසා වත්මන් පරපුරට අහිමි වී ගොස් හමාරය…එය සැබැවින්ම සමස්ත ජාතියෙහිම කේදවාචකයකි…
නෙතු කවුළු ✍️✍️
(කතෲ අයිතිය සුරකින්න )