ඔව් ඇත්තටම එහෙම එකක් තියනවා. මේ සින්දුව අහන බොහෝ දෙනා සිය දිවි හානි කර ගන්නවා. එහෙම සියදිවි හානි කරගත්තවුන් අතරට මෙහි ගීත රචකයා ද ඇතුළත්. මේ සිංදුවේ නම Gloomy Sunday. මම අපේ පේජ් එකට දාපු අරවින්ද අතුකෝරාල කියන රචකයාගේ හොල්මං කතාවකුත් මේ සිංදුව ඇසුරෙන් ලියවිලා තියෙනවා දැකල තමා මේ සිංදුව මොකක්ද එහෙම එකක් ඇත්තටම තියෙනවාද කියලා මට හොයන්න හිතුනේ….
Gloomy Sunday කියන්නේ හංගේරියානු ගීතයක් මෙහි රචකයා වන්නේ රෙස්සෝ සෙරෙස් කියන ගීත රචකයා. සින්දුව මුදා හැරෙන්නේ 1933දී සිංදුවෙ තේරුම වන්නේ යුද්ධයේ භයානක බව හා බලාපොරොත්තු විරහිත බව දරුණු බව හා ඔහුගේ පෙම්වතිය ගේ මරණය පෙම්වතිය ගේ මරණය හේතු කරගෙන ඔහුට ඇතිවන සියදිවි නසා ගැනීමේ අවශ්‍යතාවය. තමන්ම සංවිදානය කරන තමන් ගෙ මල ගෙදරට එකතු වෙන්න කියල රචකයා සින්දුවෙන් කියනවා.
මෙම ගීතය 1936 දී සෑම එම් ලුවිස් නම් ගීත රචකයා විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර හැල් කෙම්ප් නම් ගායකයා විසින් ගායනය කරනවා. කොහොම නමුත් මෙම ගීතය අහන බොහෝ දෙනා සිය දිවි සිය දිවි නසා ගන්නවා. මේ ගීතය හදුන්වන්නේ හංගේරියානු සියදිවි නසාගැනීමේ මේ ගීතය කියලායි. මෙම ගීතය දාම සියදිවි නසා ගැනීම් වලට හේතුවෙනවා වගේම ගීතය ආපු කාලෙම හංගේරියානු සියදිවි නසා ගැනීමේ ශීඝ්‍රතාව ගොඩක් ඉහල යනවා. මෙ නිසා BBC සේවය මෙම ගීතයට පිවිසීම අවහිර කරනවා. නමුත් 2002 දී නැවත එම අවහිර කිරීම ඉවත් කරනවා.
මෙම ගීතය නිසා සියයට අධික පිරිසක් සිය දිවි නසා ගන්නවා. මෙම ගීතය සෙරෙස් විසින් රචනා කරන්නේ ඔහු විෂාදයෙන් පෙළමින් සිටියදී. එනිසා මේ සිංදුවට යොදාගෙන තියෙන සංගීතය ඉතා මූසල බවක් ගන්නවා. ඒ වගේම මෙහි වචනත් හරිම ශෝකී බවක් ගන්නවා.දැනටත් යූටියුබ් වැනි නාලිකා වල නාලිකාවල පවා මේ ගීතය බලද්දි අපිට මුලදී අනතුරු ඇඟවීමක් කරනවා.
මේ වගේ ඔබ නොදත් කරුණු බොහොමයක් දැනගන්න #alpanthiya අපේ page එකට join වෙන්න. ඒවගේම මේ ආටිකල් එකටත් ලයික් කරන්න අමතක කරන්න එපා
ශාපලත් ගීතය මෙතනින් අහන්න පුලුවන්
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි