උසස් පෙල විභාගය කියන්නෙ අපිට පුංචි කාලයෙ ඉදන්ම තිබුණ හීන වලට යන්න ප්‍රවේශයක් හා සමාන දෙයක්. ඉතින් අවුරුදු දෙකක් තුනක් පුරාවට ඒ වෙනුවෙන් මහන්සි වෙන තරමට වියදම් කරන තරමට ප්‍රතිඵල ගන්න බැරිවෙන එක ඇත්තෙන්ම කණගාටුවට කරුණක්. උසස් පෙල විභාගයෙන් ප්‍රතිඵල ගත්ත බහුතරයක් කියන දෙයක් තමයි ” මම හිතාගෙන හිටපු තරම් රිසල්ට්ස් නැහැ ” කියලා.ඒ වගේම ” අපි තරම්වත් වැඩ නොකරපු අයට හොද රිසල්ට්ස් තියනවා ” කියලත් ඒ හා සමානව අහන්න ලැබෙන දෙයක්.
ඇයි ඔයා හිතන තරම් ප්‍රතිඵල ගන්න බැරි වෙන්නෙ …

(1) පාඩම් කරන ආකාරය.
ගොඩාක් අය හිතන්නෙ වැඩි වෙලාවක් පාඩම් කරන එක හොද ප්‍රතිඵලයකට යන්න හේතුවක් කියලයි. ඔයාගෙ කාල සටහනෙ පාඩම් කරන කාලය කොයිතරම් වැඩි වුනත් ඒ දේවල් ඔලුවට යන්නෙ නැතිනම් පලක් වෙන්නෙ නැහැ. ඒ වගේම මුළු විෂය නිර්දේශයම කට පාඩම් කරනවා වෙනුවට අත්‍යවශ්‍ය වැදගත් හරය ඔලුවට ගන්න ඕන. මේ වැදගත් කරුණු ඔස්සේ තමයි ප්‍රශ්න පත්‍ර වලට ප්‍රශ්න ලැබෙන්නෙ.ඉතින් වඩාත් හොදින් විභාගයට මුහුණ දීලා හොද ප්‍රතිඵලයකට යන්න අවශ්‍යයයි නම් ඉතාමත් වැදගත් කරුණු හොදින් ධාරණය කරගන්න කටයුතු කරන්න.
තවත් දෙයක් තමයි කලින් වතාවක හොද ප්‍රතිඵලයකට ගියපු කෙනෙක් නිසා හෝ හොදින්ම වැඩ කරන යහලුවෙක් ගෙ ක්‍රමයක් ඔයාටත් හොදයි හිතලා අනුගමනය කරනවා වෙන්න පුලුවන්.සමහරවිට ඒ ක්‍රමය ඔයාට එතරම් ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්.ඒ නිසා තමන්ට වඩාත් ගැලපෙන, තමන්ගෙ ධාරිතාවයට සුදුසු ක්‍රමයක් අනුගමනය කරන්න.
(2) අමතර පන්ති.

ගිය වතාවක හොද ප්‍රතිඵල ලබාගත් සිසුවා සහභාගි වුන අමතර පන්තියකට සහභාගි වෙන්න ඔයා දෙපාරක් හිතන්නෙ නැහැ නේද ? ඒ වුනාට ධාරණ ශක්තින් එකිනෙකාට වෙනස්. ඇත්තෙන්ම හොද ප්‍රතිඵලයක් ලබාගන්න අමතර පන්ති වලින් ලැබෙන්නෙ සුලු උපකාරයක් වුනත් වැඩිම වැඩ කොටසක් තියෙන්නෙ ඔබ අතේයි.
අමතර පන්තියක් තෝරාගැනීමේදී අංක එකට කියලා දෙන දේවල් තමන්ට ඉතා හොදින් තේරෙන්නෙදැයි බලන්න. ඒ වගේම තියරි කොටස් වලට අමතරව ප්‍රශ්න වලට මුහුණ දීමට සූදානම් කරනනෙදැයි බලන්න. මේ හැමදෙයක්ම ගැන හිතලා බලලා කටයුතු කරනවානම් විභාගයක් අවසානයෙ වියදම් කරපු මුදල ගැන පසුතැවිල්ලක් ඇතිවන්නෙ නැහැ.
(3) ප්‍රශ්න ගැන අවබෝධයක් නැතිකම.

කොයිතරම් පාඩම් කලත්, කරුණු මතක තියාගත්තත් පලක් වෙන්නෙ නැහැ ඔයා හරියට ප්‍රශ්න පත්‍රවලට මුහුණ දෙන්න දන්නෙ නැතිනම්. ප්‍රශ්න පත්‍රයකින් සිදු කරන්නෙ නිසි කාලයක් තුල විෂයෙ හරය ඔබ අවබෝධ කරගත් ආකාරය මැන බැලීමයි. ඉතින් කරුණු මතක තියාගැනීමට අමතරව ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න ඉතා හොදින් පුහුණු වීමෙන් ඉහලම ප්‍රතිඵලයකට යන්නට පුලුවන් වෙනවා.
පාඩම් කරපු විදියට ප්‍රතිඵල නැහැ කියන අයගෙන් ප්‍රශ්න වලට සූදානම් වුන විදිය ගැන ඇහුවොත් ගොඩාක් අය ඒ වෙනුවෙන් හරියට සූදානම් වෙලා නම් නැහැ.හොද ප්‍රතිඵලයකට යන්න නම් අවම වශයෙන් ප්‍රශ්න පත්‍ර කිහිපයකටම පිලිතුරු සපයලා පුහුණුවක් තියෙන්න ඕන.
විශිෂ්ට ප්‍රතිඵලයකට යන්න නම් මම අද කියලා දීපු කරුණු ගැන වැඩි අවධානයක් දෙන්න.
- තමන්ට ඉතාමත් සුදුසුම ආකාරයට වැදගත් විෂය කරුණු ගැන හොද අවබෝධයක් ගන්න, මතක තියාගන්න තමන්ට සුදුසුම ක්‍රමයක් ඔස්සෙ ස්වයං අධ්‍යයනයෙ යෙදෙන්න.
- අමතර පන්තියක් තෝරාගැනීමේදී තමන්ට හොද අවබෝධයක් ලබාගන්න පුලුවන් ඵලදායී වැඩ කොටසක් සිදුකෙරෙන ගුරුවරයෙක් තෝරාගන්න.
- අවසාන වශයෙන් වැදගත්ම දේ වෙන්නෙ තමන් අවබෝධ කරගත් කරුණු හරි විදියට පත්‍රයකට යොමුකරන ආකාරය ගැන අවබෝධයක් ලබාගැනීමයි.ඒ වෙනුවෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිලිතුරු සපයමින් හොද පුහුණුවක් ලබාගන්න කටයුතු කරන්න.
ඉතින් මේ ක්‍රම තුන ඔස්සෙ හරි විදියට වැඩ කලොත් මහන්සියෙ විදියට ප්‍රතිඵලයක් නැහැ කියලා දුක්වෙන්න වෙන්නෙ නැහැ.ඔබට ජය.