අඟහරු ග්රහයා වෙත මෙතෙක් යවා ඇති අති නවීන රෝවරය පෙබරවාරි 18 වන බ්රහස්පතින්දා ගොඩබෑමට නියමිතය. අභ්යවකාශය හරහා සැතපුම් මිලියන 300 ක් පමණ දුරින් මාස හතක පමණ ගමනකින් පසු රෝවරය අඟහරු මතට ගොඩබසිනු ඇත.
එය රතු ග්රහලෝකයට යවා ඇති වඩාත්ම දියුණු රෝවරය වන අතර එය පෙබරවාරි 18 වන දින පුරාණ ගංගා ඩෙල්ටාව වන ජෙසෙරෝ ආවාටය අසල ගොඩබාන අතර අතීත ජීවයන් පිළිබඳ සාක්ෂි ගවේශනය මෙහිදි අරමුනු වේ.
රෝවරය මගින් එකතු කරන ලද පාෂාණ සාම්පල අවසානයේ ආපසු රැගෙන එනු ඇත. නමුත් එය සිදුවීමට පෙර නාසා ආයතනයට එඩිතර ගොඩබෑමක් කළ යුතුය.
අඟහරු ග්රහයා මතට ගොඩබෑම පහසු කාර්යයක් නොවේ. නාසා ආයතනයට අනුව අඟහරු ග්රහයා වෙත යවා ඇති යනාවලින් 60% ක් පමණ අසාර්ථක වී ඇත.
ගොඩබෑම සමඟ සියල්ල හොඳින් සිදුවුවහොත්, පෘථිවියේ සිටින සෑම කෙනෙකුටම පසුකාලීනව අඟහරු මතට ගොඩබෑම කෙසෙ වන්නේදැයි බැලීමට සහ ඇසීමට හැකි වේ. රෝවරයේ කැමරා 19 ක් සහ රෝවරයේ පැත්තට සවි කර ඇති මයික්රෆෝනයක් ද ඇතුළුව ඉතිහාසයේ වෙනත් අන්තර් ග්රහලෝක මෙහෙයුමකට යොදා ගත්තාට වඩා අධි තාක්ෂනික උපාංග මෙම මෙහෙයුමේ යොදා ගෙන ඇත.
එහි ඉන්ජෙන්ට් නම් හෙලිකොප්ටරයක් අඩංගු අතර එය වෙනත් ග්රහලෝකයක සිට පාලනය කළ හැකි, ගුවන් ගමනක් සඳහා උත්සාහ කළ පළමු ගුවන් යානය ලෙස ඉතිහාස ගතවනු ඇත. ඉලක්කය වන්නේ හෙලිකොප්ටරය දින 30 ක් තුළ අඟහරු මත ගුවන් ගමන් එකක් හෝ කිහිපයක් සිදු කිරීමයි.
2021 පෙබරවාරි 18 වන දින එනම් හෙට දින ප.ව. 3:55 ට අඟහරු මතට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහිදී කලින් කී අවදාන්ම කාලය උදා වේ. ඒ මෙහෙයුමේ වඩාත්ම තීව්රම කොටස වන අඟහරු මතට පිවිසීම, බැසයාම සහ ගොඩබෑමේ කාලයයි.
“මිනිත්තු 7 ක භීෂණය” ලෙස පොදුවේ හැඳින්වෙන මිනිත්තු හතක කාලය ආරම්භ වන්නේ අභ්යවකාශ යානය අඟහරුගේ වායුගෝලයට පැයට සැතපුම් 12,100 වේගයෙන් ඇතුළු වන අවස්තාවේ සිටය.
රෝවරය වායුගෝලයට ඇතුළු වී තත්පර 240 කට පමණ පසු පැරෂුටයක් යොදවා වේගය පැයට සැතපුම් 200 ක් දක්වා අඩු කල යුතුය.
ඉන්පසු එය මතුපිට සිට අඩි 6,900 ක් පමණ ඉහළින් ඇති විට රෝවරය බැක් ෂෙල් එකෙන් පහත වැටෙන අතර රොකට් බලයෙන් පහලට බැසීමේ අදියර පටන්ගනී.
බැසීමේ අදියර පැයට සැතපුම් 1.7 ක් දක්වා මන්දගාමී වන විට “ස්කයික්රේන්” උපාමාරුව ආරම්භ වේ.
යානය අගහරු පොලව ස්පර්ශ කිරීමට තත්පර 12 කට පමණ පෙර සහ මතුපිට සිට අඩි 66 ක් පමණ ඉහළින් සිට පහලට බැසීමේ අවසන් අදියර උදාවන අතර අඩි 22ක් දිග කේබල් මෙහිදී උපයෝගී කරගනී. පැයට සැතපුම් 12,100ක වේගය මිනිත්තු ගානක් තුල 1.7 දක්වා අඩු කිරීම සහ ඒ ඒ අවස්තාවෙදී උස සහ වේගය නිවරදි කර ගොඩ බෑම අතිශයින් අවදානම් කාලරාමුවක පවති.
උපුටා ගැනීම: රාම් වණා