අයියෙ ආච්චි….අයියෙ අක්කා… (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දැන් අයට නැති උනාට ඉස්සර අපිට කැම්පස් යන්න කලින් නායකත්ව පුහුණුව කියලා එකක් තිබුනා. හැම පැත්තකින්ම එක එක විශයන් කරපු අය එක්ක දවස් 21ක් අපිට පුහුණුව දුන්න. එහෙදි තමයි මට එයාව මුලින් මුන ගැහුනෙ එයාගෙත් මගෙත් පළවෙනි අෆෙයර් ඒක නිසා දෙන්නම ඒක නැති කරගන්න කැමති උනේ නෑ අපි දෙන්න කැම්පස් දෙකකට ගියත් අවුට් වෙනකම්ම අපේ සම්භන්ධතාවෙ තිබුනා.මම උපාධිය ඉවරවෙලා නාවික හමුදාවට බැදුනා.උපාධියක් තිබුන නිසා තරමක් හොද තනතුරක් එක්ක හොඳ වැටුපක් ලැබුනා.නිදහසක් නැති උනත් වැටුප තනතුර නිසා ඉවසගෙන හිටියා. එයා තවදුරටත් ඉගෙන ගත්තා.
මට හිටියෙ නංගියෙක් විතරයි. එයාට හිටියෙ මල්ලියෙක් විතරයි. මල්ලි විතරක් අපේ සම්භන්දෙ දැනන් හිටියා.එයාගෙ අම්මත් තරමක් දැනන් හිටියා.එයා ජොබ් එකකට යනකම් අපි ගෙදරට නොකිය ඉන්න තීරනයක් අරගෙනයි තිබුනෙ.
සිදුවීම උනේ මෙහෙමයි.
දවසක් උදේ නංගි මට කෝල් එකක් අරන් කිව්ව ආච්චි අම්මට ගොඩාක් අමාරුයි කියලා.ඒ වෙද්දි ආච්චි අම්මට වයස 88ක් විතර එයා නිතර අසනීප වෙන නිසා මං ඒක ඒතරම් ගණන් ගත්තෙ නෑ.
ඊට ටිකකට පස්සෙ අරයා කෝල් එකක් අරන් කිව්ව ” ඇයිද දන්නෙ නෑ අද මගේ ඔළුව ටිකක් වෙලාවක ඉදන් රිදෙනවා කියලා” එයා ඉස්සරත් ඔහොම ඉද හිට කිව්වට එවෙලෙම ඒක ඇරිලා යන නිසා මම වත් එයා වත් ඒක ගණන් ගත්තෙ නෑ.
පස්සෙ හවස් වෙන්න වගේ නංගි කෝල් එකක් අරන් කිව්වෙ අයියේ ආච්චි අම්මට බෙහෙත් වලට අඩුවක් නෑ හොස්පිටල් අරන් යනවා කියලා.
ඊට ටික වෙලාවකට පස්සෙ මල්ලි කෝල් එකක් අරන් කිව්වෙ අයියේ කලබල වෙන්න එපා අක්ක එකදිගට ඔලුව රිදෙනවා කියල අඩනවා අපි එයාව හොස්පිටල් ගෙනියනවා කියල.එතකොට රෑ 9ට විතර ඇති.
ආයෙත් නංගි කතා කරලා කිව්වෙ බලන්නකො අයියෙ ආච්චි අම්මා ඇඩ්මිට් කළා අම්මත් එයා ළග කියලා.
ඊට පස්සෙ මල්ලි කතා කරලා කිව්වෙ අයියෙ අක්කව ඇඩ්මිට් කළා අම්ම ළග ඉන්නව හෙට විතර එවයි කියලා.
අනික් පහුවදා උදේම නංගි කතා කළා අනේ අයියේ ගෙදර එන්න මටයි තාත්තටයි තනියම මේවා බලන්න බෑ ආච්චි අම්ම පළාත් හොස්පිටල් එකට මාරු කළා කියලා
මල්ලිට ගත්තම එයා කිව්වෙ බලන්නකො අයියෙ අක්කට සිහිය නෑ. හොදටම අමාරුයි පළාත් හොස්පිටල් අරන් ගියා.අම්මත් ගියා කියලා
මං නිවාඩු ඉල්ලලා ලියුමක් දීලා බෑග් එක හදලා මුලින් එයා බලලා ගෙදර යනවා කියලා හිතා ගත්තා.
ඒ එක්කම නංගි කෝල් එකක් අරන් මට කිව්වෙ ආච්චි අම්ම ICU දැම්ම කියලා.
මං නිවාඩු අරන් ඉක්මනට එලියට ආවා.ඒ එක්කම වගේ මල්ලි කෝල් එකක් අරන් කිව්වෙ අයියේ අක්කට සිහිය එන්නෙම නෑ එයාව ICU දාලා කියල.
ඊට පස්සෙ නංගිගෙන් කෝල් එකක් ආවා…” අයියේ ආච්චි අම්ම නැති උනා “
මගේ ඔළුව යකාගෙ කම්මල වගේ උනා. මට ඒ වෙද්දි කෝල් එකක් ආවත් බයයි. ආච්චි අම්ම ගැන දුකක් හිතුනත් එයාගෙ වයසයි අසනීපයි එක්ක හිත හදාගන්න පුලුවන් උනා.ඒත් හොදට හිටපු එයාට එක පාරටම මොකද උනේ කියල මට හිතාගන්න බැරි උනා.මං හීනෙන් වගේ එයා ඉන්න හොස්පිටල් එකට ආවේ.ඒක ලෙඩ්ඩු බලන වෙලාවක් නෙවෙයි ඒත් මගේ රැකියාවයි තත්තවයයි කිව්වම මට විශේෂ අවසරයක් එක්ක ඇතුලට යන්න දුන්න.ඒත් ඒ යද්දි එතන තව අය හිටියා.එයාලගෙ අම්ම පේන්න හිටියෙ නෑ..ICU එක ඇතුළෙ පිට අයව තියාගන්නෙ නැති නිසා ළග පහළ ඇති හිතුවා.මල්ලිගෙ 4න් එක ඒ වෙද්දි වැඩ කළේ නෑ. මම එතන ඉන්න නර්ස්ට එයාගෙ නම කිව්වම ටිකක් වයසක අංකල් කෙනෙක් මමත් එයා බලන්න තමයි.ඔයා කවුද එයාගෙ ඇහුවා.
නර්ස් අපි දෙන්න දිහාම බලලා ඔයාලා ඔය කියන පේශන් සිහියක් නැතුව ඉන්න තරුණ වයසෙ ළමයෙක් ඔයාල දෙන්නට දෙන්න දන්නෙත් නෑ..එයාගෙ අම්ම දැන් ඒවි එයා ආවම එන්න කිව්ව.
එයා මගේ දුව. ඔයා කවුද මගෙ දුව බලන්න කියලා..කිව්වමයි මට මතක් උනේ එයා ඉස්සර මට එවපු පොටෝ වල හිටිය එයාගෙ තාත්තා කියලා.මං නර්ස්ට කිව්ව එයාට යන්න දෙන්න කියලා. ඒත් නර්ස් අපි දෙන්නගෙන් කාටවත් යන්න දුන්නෙ නෑ අඩුම ලෙඩාගෙ විස්තරයක්වත් කිව්වෙ නෑ.
එයාගෙ අම්මට මට මොනවත් කිව්වෙ නෑ අනික මං ගැන හොයන මානසික මට්ටමක් එයාට තිබුනෙ නෑ. අන්තිමේ මං අම්මට කතා කරලා එයා නොබලම අපේ ගෙදර ගිහින් ආච්චි අම්මගෙ අවසන් කටයුතු කළා. එයාට ඒ වෙද්දිත් සිහිය ඇවිත් තිබුනෙ නෑ..එයාගේ මොළය ඉදමිලා ඔලුවෙ නහරයක කැටිත්තක් ඇවිත් දවස් 7කින් විතර එයාට සිහිය ආවා..ආච්චි අම්මගෙ දානෙත් දීලා මං එද්දි එයා හොදින් හිටියා. එයා තාමත් බෙහෙත් බොනවා.මුලින් MRI එකක් කළා නම් මේ තරම් දරුණු නොවී එයාව සුව කරගන්න තිබුනා. කවදාවත්ම රෝගයක් ගැන සුලුවෙන් හිතන්න එපා..අපේ ළගම අය අපිට සදහටම නැති කරලා දාන්න උනත් ඒ සුළු රෝගයට පුලුවන්..
උපුටා ගැනීම: Kavindu Tharaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!