වර්තමානයේ ජීවත්වීම හා මරණය අතර සටනක ලෝකයේ සියලුදෙනා නිරතවෙලා . අද ජීවත්වන කෙනාට හෙට මොකක්ද වෙන්නෙ කියල කාටවත් කියන්න බෑ.
මෙහෙම අකලට ජීවිත මිලිනවෙන්න මේ වගේ ආපදා කාලයක් එන්නම ඕන නෑ. ලෝකයේ ඉතාම ප්‍රසිද්ධියට පත්වෙලා කෙටිකාලයකින් දිවි රඟමඩලට සමුදුන්න අය ගැන කල්පනා කලාම අපි කවුද කියල හිතෙනව .
ඉතින් ලෝකය පුරා නම රැන්දූ ඒත් ඉතාම කෙටි දිවිගමනකට උරුමකම් කියපු අයගෙන් කීපදෙනෙක් ගැනයි මේ සටහන. ඒ අය කවුරුවත් එහෙම කෙටිකාලයකින් යන්න ආපු හෝ එහෙම යායුතු අය නෙවෙයි !
1 මහා ඇලෙක්සැන්ඩර්. -:
මැසඩෝනියාවේ 3 වන ඇලෙක්සැන්ඩර් ලෙසින් රජවූ මුලුලොවපුරාම මහා ඇලෙක්සැන්ඩර් නමින් ප්රචලිතවූ ග්‍රීක් රජුගේ ආයුකාලය අවුරුදු 35 කි. මැසඩෝනියාවේ දෙවන පිලිප් රජතුමාට දාව ක්‍රි. පූ. 356 ඉපදුණු ඔහු ඉන්දියාව දක්වා තම අධිරාජ්‍යය පුලුල්කොට ක්‍රි.පූ. 323 දී මැලේරියාව සෑදී මියගියේ තම මිනියට කලයුතු අවසන් චාරිත්‍ර ගැන අපූරු උපදෙස් මාලාවක් තබමින් .
තම මිනිය ගෙනියනවිට හිස් අත්දෙක එලියට විහිදෙන ලෙස ගෙනියන සේ අණදුන් ඔහු කීවේ එවිට මිනිසුන් තමන් ජීවත්ව සිටියදී කොතරම් දේ රැස්කලද මියයනවිට හිස් අතින් යනබව තේරුම් ගනු ඇති බවයි. ( නමුත් අවුරුදු 2500 කට පසුවත් ඒ සත්‍යය මිනිසුන් අවබෝධ කරගෙන නැත.)
2 බොබ් මාලේ -:
ලෝ සුපතල ගායකයෙකු , සංගීතඥයකු හා ගීත රචකයකු වූ බොබ් මාලේ ජීවත්වූයේ අවුරුදු 36 කි. : 1945, පෙබරවාරි උපන් ඔහු 1966 දී Rita සමග විවාහ වූ අතර 1981 මැයි මාසයේදී Acral lentiginous melanoma උග්‍ර වීම නිසා අභාවප්‍රාප්ත විය.
3 බෲස්ලී-:
Lee Jun-fan කිව්වම කවුරුවත් දන්නෙ නැතිවුණාට බෲස්ලී කිව්වම නොදන්නා කෙනෙක් නෑ. Fist of Fury, Enter the Dragon වැනි චිත්‍රපටිවලින් ලෝපුරා පතල වූ බෲස්ලී අතිදක්ෂ සටන්කරුවකු මෙන්ම Jeet Kune Do නමැති සටන්කලාව ලොවට හඳුන්වාදුන් තැනැත්තා ද විය. 1940 නොවැම්බර් වල උපන් ඔහු 1973 ජූලි මාසයේදී මියගියේ අධික ලෙස වේදනානාශක ගැනීමෙන් බවයි කියවෙන්නෙ .
4 ශ්‍රී දේවී-:
1963 දී උපන් ශ්‍රී දේවිගෙ මුල් නම Shree Amma Yanger Ayyapan. ඈ රඟපෑ නාගීනා චිත්‍රපටිය බලපු නැති කෙනෙක් ලංකාවෙන් හොයාගන්නත් අමාරුයි . දකුණු ඉන්දියාවෙන් ඇවිත් මුලු බොලිවුඩය ම අවුරුදු දහයක් විතර අල්ලගෙන හොල්ලගෙන හිටිය එකම නිලිය ඇයයි. සාමාන්‍යයෙන් නිලියන්ට එච්චර කාලයක් ක්ෂේත්රයේ රැඳන්නවත් අමාරුයි . ජීවත්ව සිටින කාලයේ තෙලිඟු, දෙමල, මලයාලම්, කන්නඩ හා හින්දි බසින් නිපදවූ චිත්‍රපටි අතිවිශාල ගණනාවක රඟපෑවා.
2018 දී නානකාමරයේදී සිදුවුණු හදිසි අනතුරකින් ඈ මියගියා. එතකොට ඇගේ වයස අවුරුදු 55 යි.
5 මයිකල් ජැක්සන්-:
Michael Joseph Jackson නමින් හඳුන්වන මයිකල් ජැක්සන් නමින් ලෝපුරා තරුණ සිත්සතන් අදටත් කුල්මත් කරන මයිකල් ජැක්සන් ගැන නොදන්නා කෙනෙක් නෑ. 1958 දී උපන් ඔහු කෙටි කාලයක් තුල තමන්ගෙ නැටුමෙන් ගැයුමෙන් මුලු ලෝකයම හෙල්ලුවා.
කොයිතරම් ලෝකෙ හෙල්ලුවත් මාරයා පරාජය කරන්න බැරිවුණා . අධික ලෙස වේදනානාශක ගැනීම නිසා 2009 දී ඔහුට ආදරය කල සුවහසක් රසිකයන් සෝ සයුරේ ගිල්වමින් ඔහු සදහටම දෙනෙක් පියාගත්තා!
6 ඩයනා කුමරිය -:
වේල්සයේ කුමරිය ලෙස හැඳින්වූ ඩයනා ගැන නොදන්නා කෙනෙක් නැතිතරම්. ඒ ඈ රජපවුලට සම්බන්ධ වූ නිසාම නොවේ. ඇගේ සිනාව පෙනුම ඇගේ විවාහක ස්වාමිපුරුෂයාගේ හැර මුලු ලෝකයේ ම මිනිසුන්ගේ සිත් ඇදබැඳගැනීමට සමත්වුණා .
1961 වර්ෂයේ ඉපදී 1997 දී හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ මැය තව සියවස් ගණනාවක් පුරාවටම මිනිසුන්ගේ මතකයේ රැඳෙනු නොඅනුමානයි.!
7 මැරිලින් මොන් රෝ-:
අද ඉන්න පරම්පරාවට අලුත් නමක් උනාට 1950 දශකයේ හොලිවුඩ් පුරවරයේ ජයකෙහෙළි නංවාගෙන සරාගීබවේ මූර්තියක් ලෙස සැලකුණු Norma Jeane Mortenson උපත ලැබුවේ 1926 දී. මැරිලින් මොන් රෝ ලෙස ප්‍රසිද්ධවී දශකයක් පුරාවට වැඩිම අයකිරීමක් කල ඈ 1962 දී සියදිවි හානිකරගත්බවයි කියවෙන්නේ.
වරක් ඇගේ ඇඳුම් මෝස්තරයක් දැක එය අලගෝනියකට සමකල නිවේදිකාවකට ඈ පිළිතුරු දුන්නේ අලගෝනියකින් කල ගවුමක් ඇඳ තමා අලගෝනියක් ඇන්දත් ලස්සන බව පෙන්වමින් ( ඡායාරූපය බලන්න)
හොලිවුඩයේ ස්වර්ණමය ඉතිහාසය තුල එයට බලපෑම් කල නිලියන් අතර හයවන තැන අදටත් ඇයට හිමියි!
8 එල්විස් ප්‍රෙස්ලි -:
ඇමෙරිකාවේ සාමාන්‍ය පවුලක 1935 දී උපන් Elvis Aaron Presley කියන්නෙ අදටත් ලෙජන්ඩ් එකක්. King of Rock and Roll නමින් හැඳින්වෙන ඔහු ලෝකයා දන්නෙ එල්විස් ප්‍රෙස්ලි කිව්වම. ඔහු අකැමැති උනත් ඔහුට ‘ elvis the pelvis ‘ නමින් පටබැඳි නමකුත් තිබ්බ.
Grammy Awards තුනක් ජයග්‍රහණය කල එල්විස් ප්‍රෙස්ලි වයස අවුරුදු 36 දී Grammy Lifetime Achievement Award පවා ලබාගත්තා. එසේ උනත් ඔහු වයස අවුරුදු 42 ක් වනවිට මෙලොව හැරගියේ හෘදයාබාධයකින් .
9 ජෝන් ලෙනන්-:
John Winston Ono Lennon එහෙම නැත්නම් කවුරුත් දන්න විදියට ජෝන් ලෙනන් කියන්නෙත් අකලට මෙලොව හැරගිය ඉතාම ජනප්‍රිය ගායකයෙක් , ගීතරචකයෙක්, ඒ වගේම සංගීතඥයෙක්!
අපි කවුරුත් අසා තිබෙන Beatles සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් . 1940 දී ඉපිද 1980 දී උමතු රසිකයෙකුගේ වෙඩිපහරකින් මියගියත් ජීවත්වූ කෙටිකාලය තුල
ගීතරසිකයින්ගේ සිත්සතන් අමන්දානන්දයට පත්කල ඔහු අදටත් ඒ අයගේ හදවතේ ජීවත්වෙනව.
—————–//////—————–
( ඡායාරූප අන්තර්ජාලයෙන්




උපුටා ගැනීම: Channa Witha