මගේ එක ආදරයක්….
මට 17යි එයාට 15යි එයාගේ යාලුවා මගේ යාලුවෙක්ගේ ග්ර්ල්…උන් දෙන්නා ලව් කරනවා බලාගෙන මට ඉන්නත් මොකක්ද වගේ…
මමත් එයාගෙන් යාලුවෙන්න ඇහැව්වා.(මොනවා නැතත් මට හයියක් තිබ්බා කෙල්ලගෙන් අහන්න)
එයා මට අකමැති නැ කිව්වා
මට හරි සතුටුයි
චොක්ලට් එකකුත් දුන්නා ඒක ගත්තේ නැ
යාලුවට දුන්නා
ඒකි ගත්තා
යාලුවෝ ටික එක මට පෙන්නම කෑවා
එයා කෑවේ නැ
ඒත් මට සතුටුයි චොක්ලට් එක ලග හරි එයා හිටියනේ…
බස් එකේ ලග යනවා කතා නැ ලැජ්ජවෙට වෙන්න ඇති මම හිතුවා
මට ඒත් සතුටුයි මගේ ලග හරි හිටියනේ..(එහා පැත්තේ හිටි කෙනාටත් එහෙම හිතුනද දන්නේ නැ)
කතරගම ගිහින් ආදරයෙන් තැග්ගක් ගෙනවා..ඒක දුන්නා ඒක ගත්තෙත් නැ
යාලුවට දුන්නා යාලුවා ගත්තා .
මට සතුටුයි යාලුවා දෙයි කියලා..
ඊලග දවසේ කී ටැග් එක යාලුවාගේ බැග් එකේ..
මට සතුටු හිතු නා කියලා හිතුවද නැ මට හදා දුක හිතුනා
ඔහොම මාසයක් ගියා
බස් එකේදි මම අත ඇල්ලවා එයගේ එයා ශේප් එකේ අත ගත්තා
ලැජ්ජාව නිසානේ කියලා හිත සතුටු කර ගත්තා ලාවට හරි ගැවුනානේ කියලා.
මාස දෙකකට පස්සේ එයා වෙනස් වුනා
මම ඇහැව්වා වෙනස් වෙන්න නම් ඇයි කැමති වුනේ කියලා
මේකි මෙහෙම කියපි
කවුද කැමතියි කිව්වේ
මම කිව්වේ අකමැති නැ කියලා විතරයි
ඇත්තනේ ඒකි බොරුවක් කියලා නැ මට සතුටුයි…
නංගිට ජය
උපුටා ගැනීම: Kelum Dilanka Thennakoon