මේ තමයි දික්කන්ද වලව්ව . තියෙන්නෙ යක්කල රදාවාන පාරෙ දික්කන්ද කියන ගමේ. මේකෙ හරි නම ඔබේසේකර වලව්ව. අයිති ලංකාවේ හැමෝම දන්න ඔබේසේකර පරම්පරාවට.මේකෙ දැනට පදිංචි ඔබේසේකර පරම්පරාවේ අන්තිම සාමාජිකයා සහ සේවකයෙක් විතරයි.
ඔහුත් ඒ කාලෙ ප්රභල දේශපාලන පවුලක තරුණියක් නොලැබීම නිසා විවාහ වෙලා නෑලු. ඒකියන්නෙ මේ වලව්වට ඊලග උරුමක්කාරයෙක් නෑ.මේක තියෙන්නෙ අක්කර සිය ගණනක් විශාල පොල් වත්තක මැද පිහිටපු ලොකු කදු ගැටයක් උඩ. මේකට ඇතුල් වෙන්න කිසිම කෙනෙකුට අවසර දෙන්නෙ නෑ.
හොරෙන් ඇතුල් උනොත් වෙඩි තියන්න උනත් පසුබට වෙන්නෙ නෑලු. (කලින් එහෙම වුණු සිදුවීම් තියෙනවලු).අවුරුදු 150කට වඩා පරණ මේ වලව්වෙ කාමර 100කට ආසන්න ගානක් තිබුනත් පාවිච්චි කරන්නෙ එකක් දෙකක් විතරයිලු. නිතරම අදුරු ගුප්ත බවක හුදෙකලා වෙලා තියෙන නිසා හොල්මන් අවතාර සෑහෙන්න තියෙන්වා කියලා තමයි සලකන්නේ. මේවට මුහුණ දුන්නු අයත් ගමේ ඉන්නවා.මීට අවුරුදු 30/40කට කලින් මේක වදකාගාරයක් වෙලා තිබුනලු.
ඒ නිසාම මේක ශාපලත් තැනක් විදියට සලකනවා. හද පායන දවසට මේ වලව්ව පැත්තෙන් ගැහැණු සහ ළමයි අඩන සද්ද ඇහෙනවා කියල ගමේ අය කියනවා.මේක බලාගන්න පුලුවන් එකම තැනයි මුලු ගමටම තියෙන්නෙ. ඒ තමා මේරිලන්ඩ් කියන සුසාන භූමිය. වෙනත් කිසිම තැනකට පේන්නෙ නෑ. සොහොන් කොත් අතරින් ඈත පාලු ගුප්ත ගරාවැටුණු වලව්ව බලාගන්න පුලුවන්.කොහොම නමුත් ගවේෂකයන්ට හෝ නරඹන්නන්ට ඇතුල් වීමට අවසර නෑ.
මේ කිසිම කරුණක් 100%ක් ඇත්ත කියලා සහතික වෙන්න බෑ. මොකද මේ හැම දෙයක්ම ගමේ අයගෙන් සහ තතු දන්න අයගෙන් දැනගත්තු දේවල්.කොහොම උනත් මේ ගැන හොයන උනන්දුවක් දක්වන අයට එක දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි කිසිම වෙලාවක කිසිම හේතුවකට මේක ඇතුලට හොරෙන් නම් යන්න හදන්න එපා. ඒක අපි හිතනවට වඩා දරුණු බරපතළ දෙයක්.
උපුටා ගැනීම: රාම් වණා