අක්කෙක් හොයාගන්න ගිහින් වෙච්චි හදියක් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මට එතකොට වයස අවුරුදු 15ක් විතර වගේයැයි මතකය, මුලින්ම කියන්න ඕනේ මම කුඩා කල සිටම වැඩිමල් සොයුරියකට කැමැත්තක් තිබුනි, මම පවුලේ වැඩිමලා නිසා මට යලිත් වැඩිමල් සොයුරියකන් ලබා දීමට දෙමාපියනට බැරිය නමුත් මම වැඩිමල් සොයුරියකගේ සෙනෙහස නිරතුරු හෙව්වාය, යාලුවන්ගේ අක්කලා මගේ අක්කලා කරගන්න ගොස් වෙච්ච අකරතැබ්බ බොහෝය
මේ කතාව මෙහෙමය, මගේ යාලුවා සම්පත් ය මගේ පලමුවැනි නම චමීර වගේම දෙවෙනි නම සම්පත් ය ඒක මගේ යාලුවෝ දනිති, යාලුවා මට වඩා වැඩිම්ල් ය, ඔහුගේ එවකට පෙම්වතිය වූ දේවිකා
ද මට වඩා වැඩිමල්
දේවිකා මට කතා කරන්නේ මල්ලි කියාය, මට ඉතින් ඊට වඩා දෙයක් නැත, සම්පත්ගේ ආදර හසුන් දේවිකාට රැගෙන යන්නේ මං ය, මම පොඩි එකා නිසා ඔවුන්ගේ ගෙදර එවුන් මාව එච්චර ගනන් ගත්තේ නැත, ආ කියන්න අමතක වුනා දේවිකාගේ අය්යලා දෙන්නා හමුදාවේය, මම දේවිකාගේ ගෙදර ගොස් පෙම් හසුන්ද දී මොනවා හරි කාලා එන්න එන කොට මගේ මල්ලි පරිස්සමෙන් ගිහිල්ලා එන්න කියා මගේ නලලට හාදුවක් දිමට දේවිකා අක්කා අමතක නොකරයි, මම ඒ ආදරයට ගොඩාක්ම ප්රිය කරේය
එක දවසක් ගිනි විජ්ජුම්බරයකි, මගේ යාලුවාගේ ලිපියක් දේවිකාගේ අය්යාට හමුවී ඇත, අය්යලා දෙදෙනාම සම්පත්ව හොයාගොස් ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගෙන ඇත, මේකා බයවෙච්ච පාර කියා ඇත්තේ ඕක මගේ ලියුමක් නෙවෙයි ඕක චමියගේ වෙන්න ඇති උගේ දෙවෙනි නමත් සම්පත් ය කියාය, මම ඔය කිසි දෙයක් නොදැන හවස දේවිකාලගේ ගෙදර ගියවිට අය්යලා දෙන්නා ඉතාම ආදරයෙන් මාව පිලිගෙන ඊටත් වඩා ආදරයෙන් මගේ බෙල්ලෙන් අල්ලා කීවේ තෝ ආයි මේ පැත්තේ ආවොත් එම්බාම් කරනවා කියලාය, දේවිකා අක්කා ඇඩු කදුලෙන් බලා සිටියාය, ඒ මං ගුටි කාපු දුකට නොව ඇයගේ සම්පත්ගේ මගුල අහවර නිසාය
ඔය කේස් එක වේලා දවස් තුනකට පසු තව බෝම්බයක් පත්තු විය, අර කේස් එක වෙනකොටත් සම්පත් දීපු තව ලිපියක් දේවිකට දෙන්න කියා මට දී තිබිණි ඕක මට අමතක වෙලා තිබ්බේ වැඩේ දැන් අහවර නිසාය, ඔය අස්සේ මගේ මේස උඩ තිබී අපේ අම්මට අහු වෙලාය
අපේ අම්මට රූස්සන්නෙම නැති පව්ලක හුරුබුහුටි ලමෙක්ගේ නමද දේවිකාය, අම්මා හිතා ඇත්තේ මම ඒ ලමයා එක්ක පැටලිලා කියලාය, දේවිකාගේ අය්යලා දෙන්නාගෙන් වඩා අම්මාගෙන් කැමක් මම කැවේය, කොච්චර රසට කෑවේද යත් දවස් කීපයක් හොදින් වාඩි වෙන්නට බැරි විය
ජොලිම වැඩේ අපේ අම්මා අර පව්ලටත් මේ ගැන කියා ඇති නිසා ඒ දේවිකාත් කිසිම දෙයක් නොදැනම එයාගේ අම්මාගෙන් ගුටි කා ඇත
අන්තිමට ආදරේ කරපු සම්පතුයි දේවිකායි සනීපෙන් ය, අහක හිටපු මේ සම්පත් යි දේවිකායි ගුටි කෑ සේක
උපුටා ගැනීම:  චම් ද සිල්වා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!