අක්මාවේ රෝග නසන හීංබෝවිටියා (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
😲හීන්බෝවිටියා ශාකය ශරී ලංකාවේ පමණක් ඇති ඒක දේශික ශාකයකි. හීන් බෝවිටියා ශාකයේ දීප්තිමත් දම් පැහැති අලංකාරවත් මල දකුණු පලාත් පුෂ්පය වශයෙන් නම් කර ඇත. බෝවිටියා වර්ග ගණනාවක් ලංකාවේදී මෙන්ම ලෝකයේ ඉන්දියාව ඇතුලු රටවලදී ද දැකගත හැකිවුවද හීන්බෝවිටියා ශාකය ලංකාවේම පමණක් දකින්නට ඇති ඖෂධීය වටිනාකම් සහිත ශාකයකි.
☘️හීන් බෝවිටියා ශාකයේ ගුණාත්මකභාවය පිලිබඳව ඌව පළාත් සෞඛ්ය හා දේශීය වෛද්ය අමාත්යංශයේ සහය මහාචාර්ය කෘෂි විද්යාඥ පියල් මාරසිංහ මහතා මෙසේ විස්තර කලේය.
☘️ඖෂධීය ගුණාත්මක භාවයෙන් යුතු හීන්බෝවිටියා ශාකයේ කොළ හෙවත් පතර විශේෂයෙන් අක්මාවේ ආබාධ සුවකිරීමේ හැකියාවෙන් අනූනවූවකි. අක්මාව ආශිරත පීඩාකාරී සෙංගමාල උණ රෝගයේදී පරත්යක්ෂ හා පරධානම ඖෂධය වශයෙන් දේශීය ආයුර්වේද වෛද්යවරුන් භාවිතා කරන ඔසුවකි.
☘️අක්මාව ආශරිත අසාදන හා රෝගීතත්වයන් සමනය කර නිසි කරියාකාරිත්වයෙන් පරකෘති තත්වයට පත්කිරීමේ සුවිශේෂ හැකියාවක් හීන්බෝවිටියා ශාකයේ කොළවල සාරයෙහි ඇත. ඖෂධයක් වශයෙන් හා පාරම්පරික ආයුර්වේද වෛද්ය පරතිකාරවලදී භාවිත වෙයි. හීන්බෝවිටියා ශාකයේ කොළවල සාරයෙහි අක්මාව නීරෝගී සුවයෙන් ආරක්ෂා කිරීමේ පරබල හැකියාවක් ඇතිබව පාරම්පරික වෛද්යවරුන් පවසයි. එසේම පරයේෂණ මගින්ද ඒබව සනාථව ඇත.
☘️වර්තමානයේදී ශරී ලංකාවේ කෘෂි රසායනික වර්ග භාවිතයෙන් වගාකළ ආහාර වර්ග පරිහරණයදී මෙන්ම වෙනත් පරිසර දුෂණ තත්වයන්, ජල අපවිතරවීම් වැනි ගැටලු හමුවේ මිනිස් සිරුරේ විශාලතම අභ්යන්තර ඉන්ද්රිය වන අක්මාව ආශරිතව ඇතිවන අසාදන, අහිතකර රෝගීතත්වයන් සමනය කර අක්මාව නිරෝගී කරියාකාරිත්වය ආරක්ෂා කර ගැන්මට මේ ශාකයේ කොළ සාරය භාවිතය වඩාත් සුදුසුවේ.
☘️හීන්බෝවිටියා පතර කොළකැඳ වශයෙන් හා දළු කොටස් ඉතා නැවුම් පරණිත රසයකින් සම්බෝල වශයෙන් සකසා ආහාරයට එක්කර ගත හැකියි. මෙසේ විවිධාකරයෙන් හීන්බෝවිටියා කොළ හෙවත් පතර සහ ලපටි පතර හෙවත් දළු ආහාරයට ගැනීමේ පරවණතාව මෑතකාලීනව වර්ධනයව ඇත.
☘️හීන් බෝවිටියා ශාකයේ සිහින් කොලය සහ මලෙහි නෙත් කළුවු වර්ණ සංකලනය වන දීප්තිමත් දම් පැහැයත් මලේ රේණුවල කහපැහයත් සහිතව එක යායට දක්නට ලැබෙන විට එය ඉතා චමත්කාර ජනක දසුනකි. එයද ගත සිත පරබෝධමත් කරවයි.
​ඔසු ගුණයත් ඊට අමතරව ඉතා සශරීකව මල් පිපෙන හීන් බෝවිටියා ශාකයේ විසිතුරු වර්ණවත් මලේ පැහැයත් නිසා ගෘහ අලංකරණ පැලෑටියක් වශයෙන්ද මෙම ශාක වගාව සිදුකළ හැක.
☘️රී ලංකාවේ තෙත් කලාපයන්හි සහ අතර මැදි දේශගුණික කලාපයන්හිද දකින්නට ලැබෙන එකම තැනක බහුලව ව්යාප්තවූ ශාක විශේෂයකි. හීන් බෝවිටියා ශාකය කුඩා කඳු ගැටිතිවලත්, බෑවුම් වැටි, පාංශු ස්ථිර සහිත පරදේශ සහ වන ලැහැබ වලද බහුලව ව්යාප්තව ඇත. රත්නපුර ශරීපාදය ආසන්න ගම් පරදේශවල මාර්ගය දෙපස බහුලව ඇති මෙම ශාකයේ ඉතාමත් සරුවට වැඩුණු මල් පිපුණ සුන්දර දසුන ඒ මාර්ගයේ ස්වභාවික අලංකාරය වර්ධනය කරවන්නකි.
☘️නමුත් මෑත කාලීනව සංවර්ධනය සඳහා සහ වෙනත් වගාවන් සඳහා කැලෑ එළි කිරීමේදී සහ වෙනත් මිනිස් කරියාකාරකම් නිසා සීගරයෙන් මෙම හීන්බෝවිටියා ශාක විශාල වශයෙන් හානියට පත්ව විනාශව ඇත.
මෙම හීන්බෝවිටියා ශාකය අඩි දෙකක් හෝ දෙකහමාරක් තරම් උස පැළෑටි වශයෙන් දැකිය හැකියි. එහි පතර තරමක් රළු ස්වභාවයකින් යුතුය. මාබෝවිටියා නැතිනම් මහ බෝවිටියා වශයෙන් හඳුන්වන ශාකයේ කොළ හෙවත් පතර විවිධ පරමාණවලින් ලොකු, කුඩා වශයෙන් පිහිටියත් හීන් බෝවිටියා ශාකයේ පතරවල සිහින් ඒකකාරී ස්වරූපයක් දැකිය හැකියි. එකිනෙකට සමාන්තරව සිහින්ව පිහිටි හීන්බෝවිටියා පැළෑටියේ පතර තරමක් තද ඝන කොළ පැහැයක් ගනියි. එහි දළු එම පතරවල දැකිය හැකි කොල පැහැයට සාපේක්ෂව තරමක් ලාපහැති කොළ පැහැයෙන් යුතුවේ.
☘️හීන් බෝවිටියා ශාකයේ මල මහ බෝවිටියා ශාකයේ මලට වඩා කුඩා ස්වරූපයක් ගනියි. මෙම ශාක දෙකේම මලෙහි වර්ණය එක හා සමාන ස්වරූපයක් දරයි. නමුත් එම ශාක දෙකෙහිම පිපෙන මල් දෙස වඩා නිරීක්ෂණයෙන් බලනවිට හීන්බෝවිටියා සහ මා බෝවිටියා ශාකයන්හි මල් එකිනෙකින් වෙනස් ස්වභාවයකින් යුතුවන අතරම එම ශාකවල මල් පෙති සහ රේණුවල වෙනස්කම් ඇතිබව දැකගත හැකියි.
☘️හීන්බෝවිටියා ශාකසාර ගුණයෙන් ඉහල ගුණාත්මක අගයකින් යුතුවේ. හීන්බෝවියා ශාකයේ ඉතා කලාතුරකින් ඇතිවිය හැකි දක්නට ලැබෙන සුදුමල සහිත හීන්බෝවිටියා ශාකය ඖෂධීය ගුණාත්මක භාවයෙන් පරබල ශරීලංකාවේම පමණක් ඇති ඉතාම දුර්ලභ හීන්බෝවිටියා ශාකයකි. මෙය එලබෝවිටියා වශයෙන් හඳුන්වයි.
☘️මෑතකාලිනව සොයාගත් මෙම එල බෝවිටියා ශාකය, හීන්බෝවිටියා ශාකයේ ඇලි තත්වයක් බව ඒ පිලිබඳව පර්යේෂණ සිදුකරන ඌව පලාත් සෞඛ්ය හා දේශීය වෛද්ය අමාත්යංශයේ සහය මහාචාර්ය කෘෂි විද්යාඥ පියල් මාරසිංහ මහතා පවසයි. ඉහල ඖෂධීය ගුණාත්මක බවින් පිරිපුන් එල බෝවිටියා ශාකය කොතැනක හෝ දුටුවහොත් එය සංරක්ෂණය කිරීම ලාංකීය අපට පමණක් නොව ලෝකයටම කරන සත් කාර්යයක් බවද ඒ මහතා පරකාශ කලේය.
☘️මෙහි එම එල බෝවිටියා ශාකයේ සුදු පැහැති මලෙහි ඡායාරූපය ඇතුලත් කර ඇත. එම එල බෝවිටියා මලෙහි ඡායාරූපයද අපවෙත ලබාදුන්නේ මහාචාර්ය කෘෂි විද්යාඥ පියල් මාරසිංහ මහතා විසිනි. පාඨක ඔබ වෙනුවෙන් එම දුර්ලභ ඡායාරූපය ලබාදීම සහ මෙම ලිපිය සැකසීමේදී අපට සුවිශේෂි තොරතුරු ලබාදෙමින් දැනුවත් කිරීම සම්බන්ධව අපගේ ගෞරව පරණාම ස්තුතිය ඒ මහතා වෙත පුදකර සිටිමු.
☘️අක්මාව ආශරිත රෝගවලදී හීන් බෝවිටියා ශාකයේ මෙහි කොළවල සාරය ඉතා ගුණැති පරත්යක්ෂ ඖෂධයක් වන අතරම මෑත කාලීනව මිනිස් ශරීරයේ රුධිරගත රෝගී තත්වයන් පාලනය කරන ඖෂධයක් වශයෙන්ද පරතිකාර සඳහා මේ ශාකයේ කොලවල සාරය භාවිතා කරන බව දේශීය වෛද්යවරු පවසති
✔️✔️මේ ලිපිය ඔබට වැදගත් වූනානම් අනිත් අයටත් බලන්න share කරන්න අමතක කරන්න එපා🤗🤗🤗
උපුටා ගැනීම: Suwa arana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!