සභාවෙං අවසරයි මා මෙතන්ට පැමිණියේ අලි ගැන කතාන්දරයක් කීමටයි
දැනට ලෝකේ අලි වර්ග දෙකක් ඉන්නවා.අප්රිකානු සහ ආසියානු.මේ වර්ග දෙක වෙනස් ගන දෙකකටයි අයිති.අප්රිකානු වර්ගය Loxodonta ගනයටත් ආසියානු වර්ගය Elephas ගනයටත් අයිතියි.මහා ලොකු විද්යාත්මක කරැණු කාරණා වලට නොගිහිං සරල කතන්දර ටිකක් බැලුවොත් අප්රිකානු අලි විශේෂ දෙකක් සහ ආසියානු විශේෂ තුනක් මේ වෙද්දි මේ මහ පොළොව උඩ ඇවිද යනවා.සරල රෑපිය ලක්ශණ ගත්තොත් අප්රිකානු කාණ්ඩය විශාලත්වයෙං වැඩියි වගේම ගෑනු පිරිමි බේදයක් නැතුව දළ තියෙනවා.ආසියානු සෙට් එක පොඩියි සහ පිරිමි සත්තු විතරයි දළ දරන්නේ.හරි මේ බොහෝ දෙනා දන්න දේවල්.දැං වැඩිය දන්නැති කතන්දර වලට යමු.
අප්රිකානු අයියගේ හොඩ අග ඇගිලි දෙකක් තියෙද්දි ආසියානු මල්ලිට තියෙන්නේ හොඩේ එක ඇගිල්ලයි.උඩිං කිව්වනේ අප්රිකාවේ හැමෝම දළ කාරයෝ කියල.හැබැයි ආසියාවේ මල්ලිලාගෙත් හරි පොඩි පිරිසකට විතරයි දළ තියෙන්නේ.මේ දළ කියන්නේ දත් කියල දන්නවනේ.දැං ඔය දත කොයි වර්ගෙද කියල දන්නවද? උලට ආවට ඔය තියෙන්නේ අලියගේ කෘන්තක දත් දෙකක්.අලියෙක්ට මුලු ජීවිත කාලෙට හය පාරක් දත් එනවා.හය වෙනි පාර දත් ඇවිත් ගෙවිලා ගියාම අලියටත් දෙයියංගෙම පිහිට තමා.දැං ඔය ආසියානු සෙට් එකේ දළ දරන එක තීරණය වෙන්නේ නිලීන ජානයක් උඩ.නිලීන ජාන වල ලක්ශණ එලියට එනවා කියන එක සෑහෙන කලාතුරකිං වෙන වැඩක්.අන්නේකයි ආසියානු ඇත්තු අඩු.කාලාන්තරයක් යනකං තිබ්බ මතයක් තමයි ඇතෙක් ඉපදෙන්න වැඩි දායකත්වයක් ලැබෙන්නේ පිය පාර්සවෙං කියල.හැබැයි මේ වෙනකොට ඒ මතයේ වෙනසක් වෙලා තියෙනවා.දළ එන්න පිය පාර්ශවයට වඩා මව් පාර්ශවයේ බලපෑම වැඩි කියල.
හරි අලියට දාඩිය දානවද?සරල උත්තරය නෑ කියන එක.අලියට දාඩිය ග්රන්ථි පිහිටලා නැති නිසාම කාලාන්තරයක් පිළිගත් මතය තමා අලියා කන් හෙලවීම මගින් තමන්ගේ දේහ උශ්ණත්වය යාමනය කරගන්න බව.හැබැයි ඒ මතය මේ වෙනකොට අභියෝගයට ලක් වෙනවා.ඒ අනුව අලියගේ සම හරහා දේහ උශ්ණත්වය යාමනය වෙනවා.මෙහෙමයි වෙන්නේ.අලි හම සෑහෙන රැළි වැටුන හමක්.හැමෝම දැකල ඇති අලි නිතරම මඩ ,වතුර ඇගට ඉහගන්නවා.මේ වතුර අර රැළි වල රැදුනාම මේ වතුර වලින් අලියගේ දේහ උශ්ණත්වය යාමනය වෙනවා.හරියට අපිට දාඩිය දැම්මම වගේ.
කතන්දරේ දිග වැඩි වෙන වගක් දැනෙන නිසා තව එක කාරනාවක් කියල මේ කෑල්ල ඉවර කරමු.අලි මරණය කියන සංසිද්ධිය වටහා ගන්නවා.ඒ සම්බන්ධව වැළපෙනවා.ශෝක වෙනවා.පුදුමයි නේ?
පින්තූරේ ඉන්න හාදයා ගැනත් කතන්දරයක් තියෙනවා.ඊළග කෑල්ලෙං බලමු
උපුටා ගැනීම: Dinuka Liyanage