අලි මිනිසාගේ කතාව (2 කොටස)| චරිත

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කියවන්න: අලි මිනිසාගේ කතාව (මුල් කොටස)| චරිත

සංදර්ශනය වල පල්ලට

1885 වර්ෂය වන විට විකෘති වූ මිනිසුන්ගේ සන්දර්ශන බලන්නට තිබූ උනන්දුව ක්‍රමයෙන් අඩු වුණා. මේ නිසා “අලි මිනිසා” සංදර්ශනය තවදුරටත් බ්‍රිතාන්‍යය තුළ ප්‍රදර්ශනය කිරීම ඵලක් නැති බව සිතූ ප්‍රදර්ශන හිමිකරුවන් මීළඟ ප්‍රදර්ශන මාලාව බෙල්ජියමේ පවත්වන්න තීරණය කළා. නමුත් බෙල්ජියමේදී  ප්‍රමාණවත් තරම් ආදායමක් ලබන්න ඔවුන් අසමත් වුණා. බංකොලොත් වුණු ප්‍රදර්ශන හිමිකරුවන් ඒ පාඩුව පියවා ගත්තේ අසරණ ජෝසපගෙනුයි. එතෙක් ජෝසප් සතුව තිබුණු ඉතිරි කළ මුදල් සියල්ල කොල්ලකෑ  ඔවුන් මේ වන විට සෞඛ්‍යමය අතින් ඉතා දරුණු ලෙස පිරිහී උන්නු ජෝසප් ව, මහ මග අත්හැර  දමා ගියා.

නැවතත් එංගලන්තයට

කෙසේ හෝ එංගලන්තය වෙත එන නෞකාවකට ගොඩ වෙන්නට හැකිවෙන්න  තරම් ජෝසප් වාසනාවන්ත වුණා. ලිවර්පූල් නගරයේදී සැක සහගත පුද්ගලයෙකු ලෙස සලකා, පිරිසක් විසින් ඔහුව අල්ලාගෙන ගොස් පොලීසියට බාර දෙනවා. තත්වය වඩාත් නරක අතට හැරුණේ පොලීසිය විසින් ඔහුගෙන් කළ ප්‍රශ්න විමසීම් වලට ඔහු දුන් පිළිතුරු අපැහැදිලි වීම නිසයි. කොතරම් ප්‍රයාස කලත් හරි පිළිතුරක් නොලැබුණු තැන  පොලිස් නිලධාරීන් ජෝසප් ව පරික්ෂා කරන්නට උණා. අහඹු ලෙස ජෝසප්ගෙ රෙදිපිළි අතර තිබී හමු වුණු වෛද්‍ය  ට්‍රෙවිස්  ගේ Business card පත නිසා ජෝසප් නිර්දෝෂී බව නිගමනය කළ පොලිස් නිලධාරීන් ඔහුව වෛද්‍ය ට්‍රෙවිස් සේවය කළ, ලන්ඩනයේ මූලික රෝහල වෙත යොමු කරනවා. වසර දෙකකට පසුව නැවතත් තමන්ගේ රෝගියාව පරීක්ෂා කරන වෛද්‍ය ට්‍රෙවිස්, ජෝසෙප්ගේ රෝග තත්ත්වය තවදුරටත් සුවකළ නොහැකි තත්ත්වයක පවතින බව දැනුම් දෙනවා.

මේ වෙන විට කිසිවක් තනිවම කර කියාගත නොහැකි තත්ත්වයක පසුවුණු ජෝසප් වෙනුවෙන් මූල්‍ය ආධාර ඉල්ලමින්, රෝහල් පාලනාධිකාරිය “ද ටයිම්ස්” පුවත්පතේ දැන්වීමක් පළ කරනවා.

නොසිතූ විරූ තරම් ආධාර

රෝහල් පාලකයින් පාලකයිනුත් බලාපොරොත්තු නොවුණු අයුරින්, ලන්ඩනයේ සතර දෙසින්,  ජෝසප්  වෙනුවෙන් සිත උණු වූ  දානපතියන් ජෝසප් වෙනුවෙන් පරිත්‍යාග කරන්නට පටන් ගත්තා. ඒ අතර වේල්සයේ කුමරිය ඇලෙක්සැන්ඩ්‍රා ත් සිටියා. ඒ මුදල් ජෝශප්ගෙ ඉතිරි ජීවිත කාලයටම, ජීවත්වෙන්න නිවසක්, ප්‍රතිකාර වලට වගේම එදිනෙදා වියදම් වලටත් ප්‍රමාණවත් වුණා. රෝහලේම කොටසක්, ඔහුගේ නවාතැන්පොළ ලෙස සකස් කරන්න වෛද්‍යවරුන් තීරණය කළා.

අවසාන කාලය සහ සමුගැනීම

ලන්ඩන් රෝහලේ ගත කළ අවසන් වසර කිහිපය තුළ, ඔහු සන්දර්ශනයන්ට සහභාගී වුණු රඟහලට එක් වරකුත්, ඔහු වඩා ප්‍රිය කළ ගම්බද ප්‍රදේශයන් වල කිහිප වරක්මත් සංචාරයේ යෙදුණා. 

ඔහුගේ හිසේ අසාමාන්‍ය ලෙස විශාල  වටප්‍රමාණය නිසා,  ඔහුට කිසි දිනෙක සාමාන්‍ය පුද්ගලයෙක් මෙන් මෙන් උඩු බැලි අතට නිදාගන්නට හැකිවුනේ නැහැ. ඒ වෙනුවට ඔහු කළේ හකුළාගත් දණහිස් මත හිස තබාගෙන නින්දට යන එකයි. 1890 වර්ෂයේ අප්‍රේල් මස 11 වැනිදා වයස අවුරුදු 27ක්  වූ ජෝශප්  සදහටම මෙලොව හැර ගියා. ජෝසප්ගේ ප්‍රාණ නිරුද්ධ වූ සිරුර, සාමාන්‍ය පුද්ගලයෙකු නින්දට ගිය විටෙක මෙන් සයනය මත උඩු බැලිව වැතිර තිබුණා.

 

මූලාශ්‍රය: https://www.google.com/amp/s/www.biography.com/

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!