ලෝකේ ඉන්න වාසනාවන්තම එක්කෙනා ඔයා තමයි කියන හැඟීම කවදා හරි දැනිලා තියෙනවද?
මික්ස්ෂර් මුරුක්කු පැකට් එකක් ගත්තම ඒකේ තියෙන කජු ඔක්කොම තමන්ටම හම්බෙනවා වගේ එකක්?
බිරියානි එකක් ඕඩර් කරල කද්දී හරියට ලොකු මස් කෑල්ලක් සෙට් වුනාම?
පාර මාරුවෙද්දී එකපාරටම වාහනයක් ලඟින්ම ඇවිත් නැවැත්තුවම?
මනුස්සයෙක්ගේ ජීවිතේ මොන පැත්තෙන් බැලුවත් වාසනාවක්! මොකද මොනදේ වුනත් ඒ දේ වෙන්නේ හොඳකටයි කියන එක මට පොඩි කාලේ ඉඳන්ම කියල දුන්න එකක්!
මං 4 වසරේ විතර මරු සිද්ධියක් වුනා. අපේ මිදුලේ පොඩි කාලේ අපි ක්‍රිකට් ගහනවා. එතකොට මුලින්ම සෙල්ලං කරන්න උවමනාවක් එක එක්කෙනා නෙමෙයි අනික් එක්කෙනා තමයි මුලිං බැට් කරන්නේ.
ඉතිං දවසක් සෙල්ලම් කරන්න සෙට් වුනා. මගේ උවමනාවට. ඉතිං අයියා තමයි බැටා, මෑන් ඉතිං බැට් එකත් අරගෙන හෙන උජාරුවෙන් ගියා. පළවෙනි බෝලේ ලකුනු 1යි (බැට් එකේ වැදුනොත් ලකුණයි). දෙවෙනි බෝලේ 4යි. තුන්වෙනි බෝලේ ගහපු ගැහිල්ලට බෝලේ ගියේ තාප්පෙට උඩිං. මිනිහා අවුට්. නීතියට අනුව බෝලේ ගේන්න යන්න ඕනේ ගහපු එකා වුනාට මං පොඩි එකා නිසා යන්න වෙන්නේ මට.
අල්ලපු ගෙදර හිටියේ අලුතින් ආපු පවුලක්. බෝලේ ගිය පලවෙනි පාර නිසා මං බයෙන් බයෙන් ගියේ. ගේට්ටුව ගාවට ගිහිං ලංකාවේ වතු ක්‍රිකට් ගහන කොල්ලොන්ගේ රුවන් වැකිය “ඇන්ටි බෝලේ!! ඇන්ටි බෝලේ!!” කියල දෙපාරක් විතර කෑගැහුවා. කිසි සද්දයක් නෑ. තව දෙපාරක් කෑගැහුවා “ඇන්ටි බෝලේ!! ඇන්ටි බෝලේ!!” කියල ඒත් සද්දයක් නෑ.
වෙන දෙයක් වෙද්දෙන් කියල ගේට්ටුවේ පූට්ටුවට කකුල තියලා පැන්නා ඇතුලට. එතකොටම අන්න අර ආන්ටි ආවා.
“කවුද මේ?”
(කඩ්ඩෙන්) “බෝලේ ගන්න ආවේ”
(කඩ්ඩෙන්) “ඉතිං කතා කරන්න තිබ්බනේ?”
(කඩ්ඩෙන්) “කතා කලා, කවුරුත් නෑ කිය හිතල තමයි ඇතුලට ආවේ”
(කඩ්ඩෙන්) “ආහ් ඔයාද ඇන්ටි බෝලේ කිව්වේ, ඇන්ටි නෙමෙයි ආන්ටි කියන්න.”
(මං මටම) “ආහ් මෙයා පොශ්”
මාත් හරී කියල බොරු හුරතල් සීන් එකක් දාලා බොලේ අරං ගේට්ටුව ලඟට එද්දී “මේ එන්න” කියල අතට පොඩි MARS චොකලට් එකක් දුන්නා. දැං ගොඩයට මැජික්. තිබ්බ දත් සෙට් එකම පෙන්නලා “හී” ගාලා ගොං හිනාවක් දාලා ගෙදර ඇවිත් අයියට පෙන්න පෙන්න කෑවා. දැං මෑන්ටත් චොකලට් එකක් ඕනේ.
මිනිහා මටත් පොයිය දාගෙන බොලේ උඩ දදා ඉදලා ශේප් එකේ බොලේ දැම්මා තාප්පෙන් එහාට. එකපාරටම එයාම මං ගිහිං ගේන්නං කියලා ගිය මනුස්සයා ආවේ බල්ලෙක්ගේ දත් පාරකුයි ඒ ගෙදර අංකල්ගෙන් ගල් පාරකුයි කාගෙන. පාරේ හිටපු බල්ලෙක් ඇඟට පැනලා ඒ බල්ලට ගහපු ගල් පාරක් අයියාගේ ඔලුවට වැදිලා!
බුරිය වටේ එන්නත් 14යි ඔලුවේ මැහුම් 4යි! අම්මෝ ලැබීම, ඔව්! ඔව්!! වාසනාව!
හම්බෙන්න තියෙනවනං ඕන වෙලාවක හම්බෙන්න තියෙන දේ කොහොමත් ලැබෙනවා. එහෙම හම්බෙන්නේ නෑ කියල තිබ්බනං ඔළුවෙන් හිටගත්තත් ලැබෙන්නේ නෑ!
අන්න එහෙමයි මනුස්සයෙක්ගේ ජීවිතේ වාසනාව කියන දේ වැඩ කරන්නේ.
කලිං ගියා වගේම මං දෙවෙනි පාර ගියොත් මටත් බලු බයිට් එක සෙට් වෙයිද?
නැත්තං කලිං පාර අයියා ගියොත් එයාට චොකලට එක සෙට් වෙයිද?
ඔයාලගේ ජීවිතේත් සිද්ධවුනු හාස්‍ය පිරුණු වාසනාවන්ත සිදුවීමක් මතක් කරගෙනම යමු.
ප.ලි – දැං අවුරුදු 16ක් වෙලත් තාම අයියට අල්ලපු ගෙදරින් චොකලට් එකක් ඕනෙද කියල ඇහුවම තද වෙනවා
මං ඔයාලට “නානා” වගේ එයා මගේ නානා
~ නානා
– තම්බියෙක්ගේ ඩයරිය
උපුටා ගැනීම : Saajid Nazmi