අලුත් ජෝඩුව පුංචිඅම්මාගේ ගෙදර ගිහින් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මගේ බිරින්දෑ බලන්න ගිය කතා හා බිරින්දෑ ගැන කතා මෙහි පලකලෙමි.මේ ඒ සම්බන්ධයෙන් වූ තවත් කතාවකි.
මගේ මංගල්යයෙන් පසු ඇයගේ පුංචිඅම්මා බැලීමට නුවර යාමට මාගේ භාර්ය්යාව යෝජනා කලේය. හැමවිටම ඇයගේ අදහසට මුල් තැන ලබාදෙන මා එයට කැමැත්ත පලකලේ ඈ හා නැති ප්රශ්න ඇතිකරගෙන මං අසරණ වූ අද්දැකීම් මගේ මතකයට ආ නිසාය,
එසේ නොවුනහොත් ඔලුව බේරාගෙන ගෙදර සිටීමට නොහැකිවීමත්,දින දෙක තුනක් වත් නිරාහාරව හෝ හොරෙන් කඩෙන් කෑමට වූ සිදුවීම් වල නීරස බව අත්දැක ඇති නිසාත්, මා සාමකාමීව සිටීමට ඇති කමැත්ත හා නුවර පලාත දැකගැනීමේ ආසාව සිතට ආ නිසාය.
“මේ අපේ පුංචි ගේ දූ බැදපු කෙනානම් එක ජාතියක එයාගෙ පුරාජේරුවමයි දොඩවන්නෙ.”
“ඒ කිව්වෙ නෝනෙ”
“ඔයා කට පරිස්සං කරගන්න ඕනි හොදද”.
“මං කොහොමද එහෙ ගිහින් ඉන්නඕනි”
“වැඩි බජනයක් ඕන්නෑ. ගියාම තේරේවි .”
නුවර අයට මාලු විශේෂ ආහාරයක් වේවි කියා සිතූ මා එහි ගෙනයාමට තලපත් මාලු කිලෝ දෙකකින් ඇඹුල්තියල් හදා ගත්තේ අම්මාට කියාය.නෝනේ අනෙක් කලමනා සුදානම්කොට අපි කොලඹට පැමින දුම්රියෙන් මහනුවර බලා පිටත්වුනෙමු.
“ආ අලුත් ජෝඩුව එනකම් අපි මග බලාගෙන උන්නේ”
ඉතා ආදරයෙන් අපි පිලිගත් පුංචිඅම්මා ඇගේ බෑනාටද මා හදුන්වා දුන්නේය.ආගිය කතා, සතුටුසාමීචිය අපේ පැමිනීමේ සතුට දෝරේ ගලා ගියේය .
“යං වත්ත පහලට ගම් රට බලන්නත් එක්ක.”
අයියා යෝජනා කලාය
නෝනේ වැඩි බජනෙට යන්නට එපායැයි මට අවවාද කරතිබුනද මට ඔහුගේ ආරාධනය පිලිනොගෙන ඉදීමට පුලුවන් කමක් නැත.කවදත් මිතුරු සමාගමට ප්රිය මා.
“නෝනේටත් එන්න කියන්නද අය්යා.”.
“ඒගොල්ලො මහා කතාවක්නෙ අපි යං.අනික ඔය හැමදේම ගෑනුන්ට කිය කිය ඉන්න සිරිතක් මෙහෙ නෑ යං යං..”
“මල්ලි කිතුල් රා බීල තියෙනවාද? “
“ආ..ඔව් අවිත්තාවෙ යාලුවෙකුගෙ ගෙදර ගිහින් බිව්ව එකපාරක්..”
“ඒහෙ මොන රා ද මල්ලි මෙහෙනේ රා තියෙන්නෙ ආයේ තනි මලේ සුපිරි බඩු.මං කියන්නම් මහ පීල්ලට නාන්න යන විදිහට යමු.සබන් කෑල්ලයි සාලුවයි මං අරන් එන්නම්.
අම්මේ මං මේ මල්ලි එක්ක මහපීල්ලට ගිහින් නාගෙන එන්නම්”
“ගියාට කමක්නෑ කෑම හීතලවෙන්න ඉස්සෙල්ලා එන්න ඕනි.මේ ලමයට ඔය ව්තුර අල්ලන එකකුත් නැතිවෙයි”.
මා නෝනේගේ මුහුන බැලුවේ හොරැහිනි. ඇගේ නොරිස්සුම් මුහුණ මා දෙස බලා ඉවතට ගත්තේය. කිතුල් රා බීමේ මහත්වූ කෑදරකම මාවෙත පැමින අවසානය ඒය නොරිස්සුමට ඉහලින් ය.
“අයියා .”
“මොකෝ”
“අපි එනකොට මාලුවගයකුත් අරන් ආවා..”
“අම්මෝ මාලු ශා..ග් නියමයිනේ මල්ලි.
මං කොලේක ඔතාගෙන එන්නම්”
“අයියා පරෙස්සමින් “
පාලුවට ගිය පාරෙන් හැරී ගල් උඩින් පනිමින් මානාන පදුරු අතරින් සැතපුම් භාගයක් පමන ගිය අපි තවත් කෙටි පාරක් අසලට සේන්දු උනෙමු.
“මල්ලි ඔතන උඩින් නැගල පීල්ලට යන්න.මං “රාහු” වගෙන් බඩු ටික ගත්ත ගමන් මෙතන. මං එනකන් නාන්න .”
මම කෙටි පාරදිගේ ගල් උඩින් පැන පැන ඉහලට ගියෙමි.ටික දුරක් යනවිට හැමුවේ නහය හකුලුවා යන අසූචි ගදකි.ඒ සමගම පාර අයිනේ වූ අසූචි ගොඩවල්ය.මා අතින් නහය වසාගත්තෙමි.එකක් පෑගීමෙන් කකුල පොලවේ අතුල්ලා ගත් මට ඔක්කාරයට ආවේ නිලමැස්සන් මා පසු පස පැන්නීමෙනි.ඉදිරියෙන් කුඩා අපිරිසිදු දියපහරකි.මා ඒ ඔස්සේ ඉදිරියට ඇදුනෙමි.එහි ගල්වලින් වටවූ තැනක නෑමට යන්තමින් වතුර ඇති වලකි.
මේ මිනිස්සු නාන වතුරෙ හැටි මොනව කරන්නද ඉතින් නානවා කියාගත් මා සබන් පෙට්ටිය හා සාලුව ගලඋඩ තබා බිම වාඩිවී නා ගත්තෙමි .ස්වල්ප මොහොතකින් අයියා කිතුල් රා මුට්ටියක්ද සමග පැමිනියේය .
“ශා..ශා..මල්ලි මොකෝ මේ.”.
“වතුර නම් අඩුයි අයියා පෑවිල්ලත් දරුනුනේ.කමක් නෑ සීතල වතුරටික..”
“අයියෝ මල්ලි මේ නාන තැන නෙමේ.ලැයිමේ දෙමල මිනිස්සු මලපහ කරන්න එනතැන.පස්ස හෝදන්නෙ ඔතනින්.යං යං කවුරුත් දකින්න කලින් යමු. නාන තැනට අතනින් හැරෙන්න ඕනි පීල්ල එතන.”
හැකි ඉක්මනින් පීල්ලට ආ මම නැවතත් හොදින් නා ගත්තෙමි.නමුත් සාලුවෙන් ඇගපිහින්නට අපිලක් ඇතිවුනින් සාලුවද සෝදා මිරිකා පිසදා ගත්තෙමි.
“පංකාදු රා ටික අයියා..”
දෙදෙනාම රාමුට්ටිය හිස්කලෙමු
.
“අයියාට ටිකක් වැඩී වගේ නේද ?”
“මං රාහුවගෙන් උදේත් වීදුරු තුනක් බීලා මචං ඉන්නේ”.
අයියා කොහොම උනත් මං අතන නාපු කතාව ගෙදරට කියන්න ඕන නෑ.
“පිස්සුද මචෝ ඕව කියනවාද..එහෙම මිනිහෙක්ද මං,ඔය ගෑනු ගති මාලග නෑ..”
“එහෙනම් අයියා කියන්නෙ නෑ නේ..”
හෝරාවකින් පසුව අපි නැවත ගෙදරට පැමිනියෙමු .
“කොහෙද ඔය ලමය අරන් ගියේ.දැන් කීයද වෙලාව..”
ඒ පුංචීය
“තමුසෙ පරක්කුවුනේ රා බොන්න ගියා නේද? එන හැටියෙන්ම මට පෙනුනා.ගෙදරට පිට කෙනෙක් ආවමවත් නොබී ඉන්නබැරිවුණා .”
ඒ පුන්චි අම්මාගේ දුව අක්කායි.
මේ දෝස් මුරය රන්ඩුවකට පෙරලීමකි.නෝනෙ මට මුකුත්ම නොකීවේ ඒ හැටි මත් ගතියක් අය්යාගෙන් තරම් නොපෙනුන නිසාවෙනි.
අයියාද කටපියාගෙන හිටියෙ නැත .
“කොහෙද ඕයි පරක්කු වෙන්නෙ නැද්ද,අපේ අලුත් මනමාලය පීල්ල දන්නෙ නෑ පාර වැරදිලා දෙමල ලැයිමෙ උන්ගේ අසූචි වලේ නාල.උං එලිබැහැල පස්ස හෝදන එකෙන්.ඉතිං දෙපාරක් නානකොට පරක්කු වෙන්නෙ නැද්ද .මමද වැරදි .නේද මචෝ.
මම බැලුවේ නෝනෙගේ මුහුනය.එයනම් අබ දැම්මත් පුපුරන සුලු විලාසයකි.පුංචිඅම්මා හා නංගී මාගැන හිතන්නට ඇත්තේ මා ඔවුන්ගේ පවුලට එකතුවූ හොදම ගොබ්බයා කියාය.
“නෝනෙ මං ආයෙත් නාලයි ආවෙ.”
ඈ මා හා කතා නොකලාය.
“දරුවො කෑමටික කන්න දැන් කීයද වෙලාව”.
දින දෙකක්වත් නවතින්නට සිටි අප පසුදාම රාත්රී දුම්රියෙන් ඒමට නිවෙසින් පිටවූයේ මට බොහෝ වැඩ ඇතැයි නෝනේ පැවසීමෙනි.මට දුම්රියේදී සිහිනෙන් පවා පෙනුනේ ගෙදරගිය පසු මට මුහුණපාන්නට වෙන සිදුවීම්ය.
ගෙදර ඇවිත් සිදුවූ සිදුවීම් මා මෙහෙ පල නොකරමි. ඒය ඒතරම්ම වේදනාකාරීය.තවත් කතාවක් ලියන්නට තරම්ය. පසුව අයියා නෝනේගේ සියලු සමීපතයන්ට මේ සිදුවීම පවසා මගේ සායම යවා ඇත.
“නෝනෙ කිව්වදේ ඇහුවා නම් මට මේ දේ වෙන්නෙ නෑ .පුරාජේරුව විතරක් නෙමේ ඕකගෙ මහා කුප්පගතිගුන තියෙන්නෙ . ඕක ගෙදර අයට කියන්නෙ නෑ කියල මට පොරොන්දුත් උනා.
“කතාකරනවා නෙමේ ඔය ගැන තවත්..”
නැවතත් නුවර යෑමට ඈ කිසිදිනක මට ආරාධනා නොකලාය..
උපුටා ගැනීම: Lalith ID

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!