ලෝ ප්රසිද්ධ ඉන්දියානු දමිළ සිනමාවේ නොමැකෙන සුපිරි තාරකාව වඩිවේලු තම ඉන්ස්ටග්රෑම් ගිණුමේ මෙලෙස යමක් සටහන් කර තිබුණි.
” ඔබට අවශ්ය නම් මිනිසුන් සිටින දේශයක සංචාරය කිරීමට ඔබ අනිවාර්යයෙන්ම ශ්රී ලංකාවට යා යුතුයි “
මා නළුවෙකු වීමට පෙර දක්ෂ චිත්ර ශිල්පියෙකි . මගේ පෙම්වතිය ඇගේ ආසාව උනේ රටවල් කිහිපයක සංචාරය කිරීමටය.
නමුත් ඈ මා සමග පෙමින් වෙලී වසර දෙකක් යන විට මොළයේ පිළිකාවක් නිසා මියැදුනි . ඒ වන විට මා දෛනික රැකියාවක නිරත වූ ඉන්දියානු සාමාන්ය තරුණයෙකි.
මා හට රට රටවල් වල තියා අඩුම තරමේ මුම්බායි වලට පැමිණ දිනක් දෙකක් ගත කිරීමටවත් වත්කමක් නොවීය.
කාලය වෙනස් විය .
වර්ථමානයේ මා මුළු මහත් ඉන්දියාව වගේම ලෝකය පුරා විහිදුනු රසිකයින් සිටින උන්මාද චරිතයකි.
පෙර මිය ගිය මාගේ පෙම්වතිය වෙනුවෙන් මා තනිවම රටවල් වල ඇවිදමින් ඇය යාමට ආසා වූ තැන් වලට යාම සිදු කරමින් ඒ සෑම ස්ථානයක්ම චායාරූපයට පත් කරන්නත් අමතක නොකරේය.
ඇය ආසා කළ රටවල් අතර ඇමෙරිකාව , ජර්මිනිය , චීනය , ජපානය , ඕස්ට්රේලියාව වගේම අල්ලපු රට වූ ශ්රී ලංකාවත් තිබුණි.
රටවල් සියල්ලේම සංචාරය කරමින් මා නැවත පැමිණියේ ශ්රී ලංකාවටය.
එහිදී ඇය වඩාත්ම ප්රිය කරේ අනුරාධපුර මහාසෑය නැරඹීමයට .
කොළඹින් ගොඩ බැස්ස මා දින කිහිපයක් ලංකාව පුරා සංචාරයේ යෙදෙමින් අවසානයේ අනුරාධපුර පිහිටි මහා සෑය නරඹා චායාරූපයට ලක් කරමින් නැවත කොළඹ බලා ඒමට සූදානම්ව ප්රධාන දුම්රිය ස්ථානයට ගොඩ විය .
ඇයගේ සියළු ආශාවන් ඉටු කරලමින් නැවත මව් රට බලා යාමට නියමිත ගුවන් යානයට ගොස් හිමි අසුනේ වාඩි විය.
ගුවන් යානය ඉන්දියාව බලා පිටත් විය. නැවත නිවස කරා යන අතර තුර බෑගය පුරා සොයන්නට උනේ කැමරාව
නමුත් කැමරාව එහි නොවීය.
හදිස්සියේම මතකට ආවේ මහසෑය නරඹා පැමිණෙන විට කැමරාවේ බැටරිය හොදටම බැස තිබූ නිසාවෙන් දුම්රිය ස්ථානයේ අසුන් ගෙන සිටි තැන තිබූ ප්ල්ග් එකක චාජ් වීමට ගැසූ බවයි .
මා කැමරාවේ අදහස අතහැර ගත් අතරම ඇයගේ මතකයත් අමතක කර නැවත නිවසට ගොඩ විය.
ඉන් දින දෙකකට පසුව අලුත් සිනමාවේ වැඩ ආරම්භ විය . එහි දර්ශන තල සදහා රටවල් කිහිපයක් තෝරාගෙන තිබූ අතරම ඉන් එක් රටක් වූයේ ශ්රී ලංකාවයි.
සතියකට පසු නැවත රූගත කිරීම් කිහිපයක් සදහා ශ්රී ලංකාවට යාමට සිදුවිය.
නුවරඑළිය ප්රදේශයේ දර්ශනයන් පැවතියත් හදිස්සියේම අනුරාධපුර දුම්රිය ස්ථානයේ කැමරාව අමතක වී ගිය බව සිහිපත් වී කුලී රථයක් ගෙන දුම්රිය ස්ථානයට පැමිණියෙමි.
දෑස් අදහා ගත නොහැකි විය .
මා කැමරාව චාජ් කිරීමට ප්ලග් කළ ස්ථානයේ තවමත් කැමරාව පවතී.චාජරය ගලවා තිබූ අරම එහි බැටරි ෆුල් චාජ් වී තිබුණි .
දහස් සංඛයවක් මිනිසුන් නෙත ගැටී යන තැනක දින ගණනාවක් යනතුරුම එලෙස කැමරාව එතැනම තිබීම අදහා ගත නොහැකි සිදුවීමක් නිසා ඒ අවස්ථාවේ එහි සිටි ස්ටේෂන් මාස්ටර්ගෙන් මේ සියලු සිද්ධි පවසා විමසීය.
අයියෝ මහත්තයෝ මෙහෙ මිනිස්සු එහෙම තමයි අනුන්ගේ දේවල් වලට ආසා නොකරණ අතර ලද දෙයින් සතුටු වෙලා ජීවත් වෙනවා .
ඒක හරිම සරල පිළිතුරකි නිසැකවම මෙහි මිනිසුන් ජීවත් වීම දැක මා සතුටු විය .
මම ස්ටේෂන් මාස්ටර්ට බොහොමත්ම තුති යැයි පවසමින් එතැනින් පිටත්ව පැමිණියෙමි.
නිමි.
උපුටා ගැනීම: අයිති නැති අකුරු