අලුත ගෙනා මනමාලී. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මගේ මුල් මනාලිය බලන්න ගිය කතාව පෙරදිනක සදහන් කලෙමි. ඈ අහිමිවීගිය සංවේගය මා සිතින් මැකුනේ නැත..මා දුකින් ඉන්නා බවක් කෑම පිරියක් නැති බවක් සියල්ල අහිමිවූ හැගීමෙන් ඉන්නා බවක් අම්මාට පෙනෙන්නට ඇත…
“උඹ ගෑනු ගැන දන්නවද බත්ටික කාපන් බොටම ගැලපෙන ගෑනු දරුවෙක් ඉන්නව.ලෑස්ති වෙයන් ඉරිදට යාලගම යන්න. අක්කටයි නංගිටයි මං එන්න කිව්ව. කපුමහත්තය කිව්වෙ මේ බලන්න යන ලමය කාගෙවත් දිහා ඇහැක් ඇරල බලන ලමයෙක් නෙවේ කියල.යහපත් දෙමාපියන්ගෙ ලැජ්ජ බයට හැදුන දරුවෙක්. එහෙම ගුනයහපත් කෙනෙක් තමයි මේ ගෙදරට ගේන්න ඕනි.නැතුව බොට නාස් ලනුව දාන අර වගේ සක්කරවට්ටම් නෙමේ. අම්මාගේ හා අක්කාගේ අවවාද අනුශාසනා මැද අපි ඉරිදා දිනයෙහි දෙවෙනි වරටත් මනමාලියක් බැලීමට පිටත්උනෙමු.
ගෙදරට ගොඩවූ මොහොතේ සිට මා මනමාලී බැලීමට මාහට ඉස්පාසුවක් නොවීය.
“කෙල්ලට එන්න කිව්වනම් බලන්න අම්මා…
“හිටපන් ටිකක් උඹට මං දුන්න අවවාද මතක නැද්ද?”
හරි හරි කොනිත්තන්න එපා අම්මා..
පෙර මනාලියට වඩා හාත්පසින්ම වෙනස් වූ චාම් සාරියකින් හැඩවූ තරුනියක් අප ඉදිරියේ පෙනී සිටියාය. මට මුහුණ බැලීමට තදබල ආසාවක් ඇතිවුනිද ඒ සදහා විනාඩි ගානක් ගතවුනේ ඈ බිම බලාගෙනම සිටි නිසාය. මුහුන වටකුරු තලෙලු, කොන්ඩය තනි කරලට ගෙතු මා හට ඇය මෙනෙහි වූයේ ඉස්කෝලේදී ගනිතය ඉගැන්වූ ගුනවතී ඉස්කෝලේ හාමිනේය.
කලු ගුනවතී මිස් වගේ නේද අම්මා…
මා අම්මාට කල රහස් මන්ත්රනය ඇයට ඇසිනි.. ඈ දෑස් පුන්චිකොට මා දිහා බලා නැවතත් බිම බලාගත්තාය.
“අපේ පුතාලට ඉගැන්නුවා මේ වගේම ලස්සන මිස් කෙනෙක්..එයා ගැන ඔය කිව්වෙ.. “
කෙසේ වෙතත් අම්මාගේ හා අක්කාගේ අශිර්වාදය නොවඩුව ලබමින් මගේ විවාහය සිදුවුනේය… විවාහ උත්සවය පිළිබදව වෙනම ලිපියක් ලියයුතු හෙයින් එය ගැන ලිවීම පසුවට තබමි.
විවාහ වී පලමු සතියේම මගේ යහලු සමාගම සම්බන්ධයෙන් ඇගේ මතය යහපත් නොවීය.
“නෝනෙ මං වෙනදත් පඩි අරන් යාලුවො එක්ක බියර් එකක් බොනවනේ…..
“යන්න වුවමනා නෑ . ගෙදර ගෙනත් බොන්න අපේ තාත්තත් ඔය යාලුවො එක්කයැයි බිව්වේ..
එහෙමනම් ගෙදරට ගේන්න පුලුවන්
ඉන් මාස ගනනකට පසු එක්තරා වැටුප් ගත් දිනයක අම්මා නිවසේ නොවීය.මා නිවසට පැමිනියේ බියර් බෝතල් දෙකක්ද සමගිනි
“මටත් ඇගට හරි මහන්සියි..පොඩ්ඩක් මටත් දෙන්න ගෑනුත් බොන ජාතිනේ ඔය”
“ගන්න නෝනේ.”
ගෙනා බියර් බෝතල් දෙකෙන් එකක් හිස් කල පසු ඇගේ ගතිපැවතුම් සියල්ල වෙනස්විය.
මේ ගෑනු අපි ඉන්නෙ කුස්සියෙ උයන්න විතරක් නෙමේ.මෙහෙම කුස්සියට කොටුවෙලා ඉදපු ගෑනියෙක් නෙමේ මං. අපිටත් පිරිමින්ට වගේ අයිතිවාසිකම් තියෙනවා. අපිව කුනුමුල්ලට දාන්න හදන පිරිමිත් ඉන්නවා. ඉස්සරහ මිදුලේ තියෙන දරකොටේ දිරලා යනවා ඒක පලන්නෙ මංද. මං ගේ අතුගෑවොත් ඔයා මිදුල අතුගාන්න ඕනෙ. මේවා කියන්න වෙලාවක් එනකම් මම හිටියේ..
මේ සිදුවීමෙන් මා අන්ද මන්ද වීමි. බියර් ගෙදරට ගෙනවිත් මා කලේ මොනතරම් ගොන් වැඩක්ද. එකෙනෙහිම මාගේ නංගීද අපගේ නිවසට පැමිනියේය.
“බලන්න අයියේ අල්ලපු ගෙදර එකී අදත් මං ඉන්දපු මල්වැට ගලෝල වීසිකරානේ. උන්ගෙ වත්තෙයි කියල හැමදාම රංඩු මේ වැට මායිමට කිසිම නිදහසක් නෑ මේ ගෑනිගෙන්.මං පොලීසියට යන්න හදන්නෙ මේක කියන්න පුදුම අසාදාරනයක්නේ
එකෙනෙහිම මගේ නෝනේ හඩ අවදි කලාය. ඇය බියර් බී ඇති බවක් නංගී නොදන්නේය
එහෙම කොහොමද නංගී… ඕවට දැම්ම පියවර නොගත්තොත් ඕකුන් ඔලුවෙ අතහෝදනව. එන්න යන්න.බේරුමක් කරගන්න.මේ ඔයත් එන්න මා එක්ක යන්න.
අපි පස්සෙ යමුද නෝනේ..ඕව කලබලෙන් කරන්න හොද වැඩ නෙමේ.
මේ එනවා ..එනවා ..යමු නංගී
අහෝ මං කුමක් කරන්නද? මාද පසුපසින් යමි.මා එක් අඩියක් ඉදිරියටත් ඊලග අඩි දෙක පසුපසටත් තබමින් පිටුපසින් යමි.දැන් ඔවුන් මට වඩා බොහෝ ඉදිරියෙන්ය. එම නිවස කිට්ටුවේදී මා පොල්ගසකට මුවාවිය. ගැහැනු හුටපට වලට මැදිවීම පිරිමි අපට ඒහැටි හොද දෙයක් නොවේ..
“ඒයි සුනීතා මොකද්ද මේ නංගිගෙ වැට ගලෝලා”
“ඒපාර අද ඊයෙ ආව තෝත් ආවද මට හයිරං දාන්න.කොහෙ තියෙන අයිතියක්ද යකෝ තොට”
සුනීතාගේ හඩ ඉවරවීමට ලැබුනේ නැත.නෝනේ ඈ බදාගෙන කෙස්වැටියෙන් අල්ලා පහරදෙයි. ඊලගට නෝනේට අහුවුනේ සුනීතාගේ හැට්ටයයි. ඈ හැට්ටය ඉරා වීසිකර දැම්මාය.
ඇගේ තනපටත් දැන් ඉරා වීසිකරාවිදෝ සැකයක් මගේ සිතට ඇතුල්විය. කෙනෙකුට කලාතුරකින් දකින්නට ලැබෙනා මෙවන් දර්ශනයක් තව තවත් ලංකොට බැලීමට මගේ යටිසිත මා පෙලඹීය. මා මුවාවූ පොල්ගසෙන් මෑත්ව තවත් ලංවුනෙමි.
සුනීතා මා දැකීමෙන් දැඩි අපහසුතාවයකට පත්ව වහා නෝනේගේ ග්රහනයෙන් මිදී ලැජ්ජාවෙන් ගෙට පැන්නාය.
“ඔහොම කරල මදි ඔය ගෑනිට තනපටත් ගලවන්න තිබුනේ”මම පැවසීමි.
නෝනේ ඇස් කොනින් බලා ඇස් යටකොට මට රැව්වාය..
පසුදා අම්මා නිවසට පැමිනීමෙන් අනතුරුව මා පැවසූවේ..
“මුලින් මනමාලි බලන්න ගියවෙලාවෙ අම්මයි අක්කයි කියපු දේ හරි..
“ගෑනු ගැන මං දන්නෙත් නෑ..අම්ම දන්නෙත් නෑ අක්ක දන්නෙත් නෑ..
නැවත බියර් නම් ගෙය හතර මායිමේ නොගෙනීමට මම වගබලාගතිමි.
උපුටා ගැනීම:  Lalith ID

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!