අමතක (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔය ඊලග ලෙඩා එන්න
” ආආ… මේ අමාරිස් උන්නැහේනෙ.. මොකෝ මේ පැත්තෙ “
” පාන් ගන්න ආව දොස්තර මහත්තයෝ “
” පාන්….?? පාන් කොහෙද අමාරිස් උන්නැහේ මෙහේ.. ඒකට බේකරියකට යන්න එපැයි “
” ඔන්න බලමුකෝ මතකෙ හැටි.. මට ඔය අමතක වෙන ලෙඩේ තියෙනවා දොස්තර මහත්තයෝ.. මං ආවේ ඒකට බෙහෙත් ගන්න කියල “
” දැන් එතකොට අමාරිස් උන්නැහේට මොන වගේ වෙලාවල් වලටද අමතක වෙන්නෙ “
” වෙලාවක් කියල නෑ මේ ඇහුව දේ මේ මතක නෑ “
” ඒක නම් බොහොම බරපතළ තත්වයක් අමාරිස් උන්නැහේ. මං බෙහෙත් ටිකක් ලියල දෙන්නම් අපි ඒක අරන් බීල බලමු නෙහ් “
” හොඳමයි දොස්තර මහත්තයෝ “
” කොලුවෝ මෙන්න මේ අමාරිස් උන්නැහේට පාන් ගෙඩියක් ගෙනත් දුන්න නම් “
” ඈ…… ඒ මොකටද දොස්තර මහත්තයෝ ඒ “
” දැන් මොකටද අමාරිස් උන්නැහේ මෙතනට ආවෙ “
” ඒක තමයි දොස්තර මහත්තයෝ මාත් මේ කල්පනා කලේ… එතකොට දොස්තර මහත්තයා මෙතන මොකද කරන්නෙ “
” මාත් මේ කල්පනා කලේ ඇත්තටම මං මොකද මෙතන කරන්නෙ කියල තමා අමාරිස් උන්නැහේ “
දොස්තර සහ අමාරිස් තාමත් කල්පනා කරමින් සිටී………..
උපුටා ගැනීම:   සිතිජ ආමන්ත

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!