මේ කතාව මම පෙර පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කළ කාලයේ වුනු සිද්ධියක්.
මගේ දරුවන් බලා ගැනීමේ අපහසුතාවයක් නිසා මං රැකියාවෙන් සමු ගත්තා. ඒත් ජීවන අරගලයට මුහුණදීමේදී ඇති වූ ප්රශ්ණ වලට විසඳුමක් විදිහට විවෘත විශ්ව විද්යාලයෙන් පෙර පාසල් ගුරු පුහුණුවක් ලබල ගෙදරම පෙර පාසලක් පටන් ගත්තා.
කාලයක් ගතවුනා.
එක දවසක් මගේ පෙර පාසලට පුංචි පුතෙක් ඇතුළත් කරන්න ඒ දරුවගේ අම්මයි ආච්චි අම්මයි ආවා. දරුවා ඇතුලත් කරල ආච්චි අම්මා මට විශේෂ දෙයක් කියන්න තියෙනවා කියලා කිව්වා.
” අපේ දුවට ප්රශ්නය ක් වෙලා
දික්කසාද වෙන්න නඩුවක්
දමල තියෙන්නෙ. දරුවා මං
හරි අපේ දුව හරි ඇරෙන්න
වෙන කවුරු ආවත් දෙන්න
එපා.”
ඒ ආච්චි මාව දැනුවත් කරා.
ඒ පුතා ගෙ නම පසන්. නමටම ගැලපෙන ලස්සන හුරුබුහුටි පුංචි පුතෙක්.
අම්මා ගාමන්ට් එකක රස්සාව කලේ. අම්මා ප්රිය මනාප පෙනුමක් තියෙන කෙනෙක්.
අහිංසක පාටකුත් තිබුනා. වැඩි
කතාබහකුත් නැහැ.
ටික දවසකට පස්සෙ මොන්ටිසෝරිය ඇරිලා දරුවො ගිහිල්ලා. අම්මලා එන්න පරක්කු
වෙච්ච දරුවො තුන් දෙනෙක් විතර හිටියා. ඒ අතර අර චූටි පුතා පසන් හිටියා. එක පාරටම
” ටීචර් අපේ තාත්තා
ඇවිල්ලා” කියල පසන් පුතා
සතුටින් කෑ ගැහුවා.
මට ආච්චි අම්මා කියපු දේ
මතක් වුනා එක පාරටම.
කොහොමත් ගේට්ටුව අරින්නෙ
මං දරුවන් ගේ බාරකාරයෙක් ආවට පස්සෙ තමයි.
මං දරුවව අනිත් ටීචර් ට බලා ගන්න කියල ගේට්ටුව ළඟ ට ගියා.
පසන් පුතාගේ තාත්තා කියන පුද්ගලයා ගේට්ටුව ළඟ.
මම ඇයි කියල ඇහුවම
” ටීචර් මට පොඩ්ඩක් ඇතුළට එන්න දෙනවද? මට ටීචර්
එක්ක කතා කරන්න ඕනේ.”
ඇත්තට ම මම ටිකක් බය වුනා.
මේ මනුස්සයා දරුව ව බලෙන්
අරගෙන ගියොත් කියලා.
” මං හිතනවා මේ පසන් පුතාගේ
තාත්තා වෙන්න ඇති. පසන්
පුතා කිව්වා මට. දැන් පුතා ගේ
අම්මා එනවා. එයා කැමති නම්
එයත් එක්කම ඇතුළට
ගන්නම්. “
එහෙම කියල මම යන්තම් බේරුනා. අහිංසක පාට
මනුස්සයෙක් බැලුවම නම්.
ඒත් ඉතින් කියන්න බැහැනේ.
ඊට පස්සේ පසන් පුතා ගේ අම්මා ආවම එයාගේ කැමැත්ත ඇතුව තාත්තා වත් ඇතුළට අර ගත්තා.
පසන් පුතා දුවගෙන ඇවිත්
තාත්තා ව බදා ගත්තා. තාත්තා පුතාව වඩාගෙන තුරුලු කරගෙන මුහුණ සිප ගත්තා.
ඒ ක දැක්කම මගේ ඇහැට
ඇත්තටම කඳුළක් පිරුනා.
මොන තරම් දුකක් ඒ දෙන්නගෙම හිත් වල තියෙන්න ඇත්ද කියලා.
එදා තමයි මම එයාලගේ කතාව
හරියටම දැන ගත්තේ.
පසන් පුතාගේ තාත්ත යි අම්ම යි
ආදර සම්බන්ධයක් හින්දා විවාහ වෙලා තියෙන්නේ. ඒත් පසන් පුතාගේ තාත්තා ගේ අම්මා විරුද්ධ වෙලා තියෙනවා.
ඒකට හේතුව අක්කයි නංගියි
දෙන්නා ඉන්දැද්දි පසන් පුතා ගේ
තාත්තා විවාහ වුනු එකට.
කොහොම හරි විවාහයෙන් පස්සේ එයාල ඔක්කොම එකම ගෙදරක තමයි ඉඳල තියෙන්නෙ.
ටික ටික නැන්දම්මා ලේලි ප්රශ්ණ පටන් අරගෙන.
එක දවසක් ප්රශ්ණ යක් දුරදිග ගිහින්. එදා පසන් පුතාගේ තාත්තා පුතා ගේ අම්මා ට ගහපු පාරට එයා මේසෙක වැදිල ඔලුවත් තුවාල වෙලා.
ඊට පස්සෙන්දා පසන් පුතාගේ තාත්තා වැඩට ගියාම පසන් පුතාවත් අරගෙන පසන් පුතාගේ අම්මා එයාලගේ ගෙදර ඇවිත්.
පසන් පුතාගේ සීයා ටිකක් වසයිලු. එයා කරල තියෙන්නෙ
ප්රශ්නය විසඳල පවුල සමාදාන කරන එක නෙමෙයි.
මං දරුවො හැදුවෙ එක එකාගෙන් ගුටි කන්න නෙමෙයි කියල ආපහු යන්න නොදී ගෙදර නතර කර ගත්තු එක. ඒ මදිවට
පසන් පුතා ගේ අම්මගේ කැමැත්තක් නැතුවම දික්කසාද නඩුවකුත් දමල. එයත් තාත්තා ට බයේ නිශ්ශබ්ද වම ඉඳලා.
පසන් පුතා ගේ තාත්තා හුඟක් පසුතැවිලි වුනා මං ඉදිරියේම
බිරිඳට පහරදීම ගැන.
මට තේරුන එක දෙයක් තමයි
දෙන්නම ආයෙමත් පවුල ගොඩ නගා ගන්න කැමති බව.
මං හිතා ගත්තා පසන් පුතා වෙනුවෙන් කොහොම හරි මේ
දෙන්නගේ ප්රශ්නය ට මං මැදිහත් වෙනවා කියලා.
ඊට පස්සෙ ත් තාත්තා ඇවිත් පුතාව හුරතල් කරල යනවා.
එදාට පසන් පුතා හරිම සතුටෙන් ඉන්නේ. දරුවෙකුට අම්මගේ ආදරය වගේ ම තාත්තා ගේ ආදරයත් මොන තරම් වටිනවද?
මං දවසක් පසන් පුතා ගේ ආච්චි අම්මා ට පණිවිඩයක් යවල ගෙන්න ගත්තා. පුංචි පසන් පුතාගේ අනාගතය ගැන හිතලා දික්කසාද නඩුව අස්කර ගන්න කියලා කිව්වම එයා කිව්වේ
පසන් පුතා ගේ සීයාකැමති වෙන එකක් නැහැ කියලයි.
මාව මුණගැහෙන්න කියල සීයාට පණිවිඩයක් ඇරියට ඒ මනුස්සයා ආවේ නැහැ.
ඔය දවස්‌වල අපි මොන්ටිසෝරි යෙන් ට්රිප් එක යන්න සූදානම් වුනා. මං දෙමව්පියන් එක්ක මයි ට්රිප් එක යන්නේ. පසන් පුතාගේ තාත්ත යි අම්ම යි දෙන්නමත්
ඒකට ආවා. මං ආච්චි අම්මත් දැනුවත් කලා. දරුවත් එක්ක දෙන්නම යන බව.
මං ආච්චිට කිව්වා
සීයා ටත් කියන්න ආපහු කුරුලු කූඩුව හදල කුරුලු පැටියා සන්තෝසෙන් තියමු. ඒක පිනක් කියලා.
ආච්චි අම්ම ගෙත් කැමැත්ත තිබුණා. එයාලව එකතු කරන්න. මුරණ්ඩු සීයා ව තමයි ප්රශ්නෙකට තිබුනේ.
අපි ගියේ සත්තු වත්ත බලන්න.
එදා ඒ පුංචි පවුලේ ආදරය සතුට පිරිලා ඉතිරිලා. ඒ තාත්තා මට ස්තුති කරා එයාව ගමනට සහභාගි කර ගත්ත එකට.
ට්රිප් එක ගිහින් ආවට පස්සේ මට හොඳ අදහසක් ආවා. සීයාගේ මුරණ්ඩු කම නැති කරන්න
හොඳම මුණුබුරා කියලා. මගේ
අදහස මං පසන් පුතාගේ අම්මටත් කිව්වා. එයත් ඒකට කැමති වුනා.
ඒ සීයා මුණුබුරාට හරිම ආදරෙයිලු.
මං පසන් පුතාට කිව්වා ඔයා සීයට කියන්න
” අනේ සීයේ මං ආසයි
තාත්ත යි අම්ම යි දෙන්නා ම
එක්ක ඉන්න.” කියලා.
පසන් පුතා සීයට එහෙම කියලා.
පසන් පුතා ගේ අම්ම ත් එක්ක
සීයා කතා කරලා දික්කසාද නඩුව අස් කර ගන්න කැමති
වෙලා.
ඊට පස්සෙන්දා උදේ පසන් පුතාගේ අම්මා ඇවිල්ලා මට ඒ ගැන කියන කොට එයාගේ
මූණේ තිබුනු හිනාව සතුට
රටක් රාජ්යයක් ලැබුනා වගේ.
මගේ හිතට දැනුන සතුට කියල නිම කරන්න බැහැ.
මං පසන් පුතාගේ තාත්තා ව දැනුවත් කරා පුංචි ඇනෙක්ස්
එකක් හරි අරගෙන වෙනම ජිවත් වෙන්නත්. එයාගේ අම්මලා සහෝදරියන් ගැනත් බලන්න කියලා.
කොහොම හරි දරුවා මොන්ටිසෝරියෙන් අස්වෙලා යනකොට එයාලා සතුටින් ඉන්න පුංචි පවුලක්.
ඊට අවුරුද්දකට පස්සෙ ආයෙමත් ඒ පුංචි පවුල මාව
බලන්න ආවා තවත් ලස්සන
චූටි දෝණියෙකුත් වඩාගෙන.
පසන් පුතාගේ තාත්තා බුලත්
අතක් දීල මට වැන්දා.
” ටීචර් නිසා අපි අද හරිම
සතුටෙන් ඉන්නේ. ටීචර් ට
ගොඩක් පින්” කියලා.
මට සතුට වැඩිකමටම ඇස් දෙකේ කඳුලු පිරුනා.
මං කර ගත්තේ ලොකු පිනක් කියල අදටත් මට ඒ ගැන හිතෙන කොටත් සතුටුයි.
උපුටා ගැනීම: Manel Dissanayake