මගෙ අම්මා අපිව සදහටම දාල ගිහින් ලබන අවුරුද්දට අවුරුදු පහක් වෙනව.අපේ ගෙදර මායි අක්කයි අප්පච්චි ඉන්නෙ.අම්මට කිසිම අසනීපයක් තිබුනෙ නෑ.අම්ම ටීචර් කෙනෙක්.නැතිවෙන දවසෙත් අපට දවල්ටත් එක්කම උයල තමා ගිහින් තිබුනෙ.එතකොට මට අවුරුදු දාසයයි.උදේ ලස්සන කහ පාට සාරියක් ඇඳන් ඉස්කෝලෙට ගියපු අම්ම එදාම මහ රෑ ගෙදර ආවෙ තනි සුදු සාරියක් ඇඳල.හදිසි හෘදයාබාධයක්.මම කියන්න ආවෙ ඒ කතාව නෙමේ.
මගෙ අම්ම හැමදාම කියන කතාවක් තිබුනා..ඒ තමා කෙල්ලො නිදහසේ ඉන්නෙ අම්ම ගාව ඉන්නකම් විතරයි,ඉතින් උන් බඳින කාලෙ එනකම් ටිකක් නිදහසේ හිටපු දෙන් කියල.මගෙ අප්පච්චිත් ඒ කතාව අනුමත කරා.අපි ලස්සනට ජීවත් උනා.අපට මහා ලොකු ප්රශ්න තිබුනෙ නෑ.සරලව ජීවත් උනා.අපි උයන්න දන්නෙ නෑ ඒ කාලෙ.මම නෙමේ මගෙ අක්කටවත් බෑ.ගෙවල් අතුගාන්න වගේ පුලුවන් කම තිබුනා මතක හැටියට.ඒත් හැම වැඩක්ම වගේ කරේ මගෙ අම්ම.අපි නොකරමත් නෙමේ.අම්ම අපට තියන ආදරේට අපෙන් කිසිම උදව්වක් ගත්තෙ නැතිම තරම්.අනිත් වැඩ කරත් කිසිම විදියකින් අපි උයන්න දැනන් හිටියෙ නෑ.
අම්ම නැති වෙලා අපි අසරණ උන තරම් මම හිතන්නෙ තේරුම් ගන්න පුලුවන් අම්ම පොඩි වයසෙදි නැති උන ගෑනු ලමයෙකුට විතරමයි.ඒ පාලුව වේදනාව ගැන නෙමේ මම කියන්න යන්නෙ.මට කියන්න ඕනි අපි වැටුන තරම් ගෙදර වැඩ කරගෙන යන්න තේරුමක් නැති නිසා.නෑදෑයො අසල්වැසියො ගැන හරියටම තේරුම් ගත්ත එක අවස්තාවක් තමා ඒ.අපට ඒ කාලෙ උයාගන්න බෑ.ගෙදරට කවුරුහරි කෑමට අවම අපට ඇඩෙනව එතකොට. අපේ නැන්දම්මලා ටිකක් සැරයි.(අප්පච්චිගෙ නන්ගිලා)උයාගන්න බැරි උනාම ආදරෙන් කියල දුන්න අය හිටියෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්.හැමදේම උපහාසයට ගත්තෙ ගොඩක් වෙලාවට ගොඩක් අය.මගෙ අක්ක ඒ හැමදේම අඩ අඩ ඉගෙනගන්න ගමන් මාව ඉස්කෝලෙ යවනව.මගෙ බස් එක තිබුනෙ පහ හමාරට.ඒ වෙද්දින් බත් එක හදල දෙන්න මගෙ අක්කයි අප්පච්චි තුන හමාරට නැගිටල උයනව.ඊට පස්සෙ පහට මගෙ කොන්ඩෙ ගොතනව.ඒ දවස් වල පන්සලේ දානෙ ලන් වෙද්දින් අපි දෙන්නට උන වගේ උයාගන්න බැරිවෙයි කියල හරියට..ඔය පොඩි ප්රමාණයක් විතරයි ලියල තියෙන්නෙ.අපි හිතේ වේදනාව දරාගෙන අම්ම නැති ජීවිතයකට පුරුදු උනේ පුදුම තරම් අසරණකමකින්.
අද මම කැම්පස් යන්න බලාගෙන ගෙදරට වෙලා ඉන්න අවුරුදු විස්සක කෙල්ලෙක්.මට අද වී තම්බන එකේ ඉදල ගෙදරක තියන හැම වැඩක්ම කරන්න පුලුවන්.ඕන කැවිල්ලක් හදන්න පුලුවන් සාමාන්යයෙන් ගෙදරට අදින්න ඇදුමක් කොට්ට උරයක් මහගන්න පුලුවන් විස්සකට විතර එක පාර රසට කෑම හදන්න පුලුවන්.මගෙ අක්ක අද පින්වත් මෙහෙණින් වහන්සේ නමක්.(එයා අම්ම නැතිවෙන්න කලින් අම්මගෙන් සහ අප්පච්චිගෙන් අවසර අරන් තිබුනෙ.එයාගෙ ජීවිතෙන් මම වෙනුවෙන් තවත් අවුරුදු හතරක් කැප කරල මම ඒලෙවල් කරනකම් මගෙ අම්ම වෙලා මාව බලාගෙන එයාගෙ උතුම් අරමුණ ඉටු කරගත්තෙ)මම අද දන්නව මගෙ වගකීම්.මගෙ අප්පච්චිට මමයි මට අප්පච්චි විතරයි දැන් ඉන්නෙ.
මම මේක කියවන හැම අම්ම කෙනෙක්ගෙන්ම ආදරෙයෙන් දෙයක් ඉල්ලන්නම්. අපේ ජීවත මොන විදියට වෙනස් වේවිද කියල කියන්න බෑ අපට.සල්ලි තියෙන්නෙ පුලුවන්..වැඩ කාරයො තියාන් ඉන්න පුලුවන්.එත් දුවක් ඉන්නව නම් ගෙදරක් පවත්වගෙන යන හැටි දූට කියල දෙන්න.හැම දේම පොඩි වයසෙ ඉදල හුරු කරන්න.සතියකට පාරක් දරුවට එක වේලක් හරි තනියම උයන්න දෙන්න..සතියකට දවසක් ඔයා මොනවත්ම කරන්නැතුව දරුව ලවා වැඩ කරවලා හුරු කරන්න.
මම ඒලෙවල් කරන කාලෙ මම දකිනව මගෙ අතීතෙ සමහර ලමයි යාලුවො තුලින්.මම එයාලට කියන්නෙ නෑ ගෙදර වැඩ ටිකක් පුරුදු වෙයන් උබත් උයන්න පුරුදු වෙයන් කියල.මොකද එහෙම කීවම මම දන්නව එයාල හිතන්නෙ එයාගෙ වගේ අපේ අම්මත් මැරෙයි කියල හිතන් ඇති කියල කියනව කියල.
හැබැයි මම අම්මලාට කියනව අපේ ජීවත තව තප්පරයක් ජීවත් වෙයි කියල අපට විස්වාස කරන්න බෑ..අනේ අම්මේ කරුණාකරල ඔයා නැතුව ජීවත් වෙන හැටි දූට කියල දෙන්න දැන්මම පටන් ගන්න කියල.
උපුටා ගැනීම: Shemi Jayarathna