කට්ටිය ෆේස් බුක් එකේ වැලැලෙනවානෙ සාදික්කා අම්මෝ වස කියලා..පාරම්පරික වෙද ගෙදරක උපන් මමත් මේක ගැන පුස්කොළ පොතින් විතරක් නෙවෙයි වැඩිහිටියන්ගෙන් එහෙමත් අහලා මා උගත් දෑත් එක්කම ලියන්නෙ මේ ටික
#සාදික්කා — හෘදයාබාධ වැළැක්මට,අධිරුදිර පීඩනයට,ඇඟ දැවිල්ලට,ආතරයිටීස් වේදනාවට,කශේරුකා ආබාධවලට,ධමනි සිහින් වීම වැලැක්මට,චර්මරෝග සමනයට,කෙස් නිරෝගීවිමට,විශබීජ නාශයට,ස්නායූ ආබාධ සුවයට,ඔසප් චක්‍රය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට,ඔසප් වේදනාවට,පුරුෂ හා කාන්තා බෙලහීන බවින් මිදීමට,පිලිකා මර්ධනයට,වකුගඩු රෝග නිවාරණයට,සුව නින්දක් ලැබීමට,අජීර්ණ සුවයට,බඩ පිපුම සුව වීමට,වමනය පාචනය වැලැක්මට,මුක රෝග පීනස ඉක්කා ඇඳුම රෝග සුවයට කදිම ඖෂධයක්.ඔබත් ඇතැම්විට මළ බුරුලෙන් පිටවන අජීර්ණයට සාදික්කා මදය දෙහි හෝ ලුණු වතුරින් ගලගා පානය කර සුවය ලබන්න ඇති
දවසට වැඩිහිටියෙක් ග්‍රෑම් 2-3කට වඩා ගන්න හොඳ නැත්තේ මත්කාරකයක් නිසා විස වීම් වෙන්න පුළුවන් නිසා..ඉහත ගුණ යම් පමණ ලබන්න එදිනෙදා වෑංජන හදද්දි සාදික්කා කුඩු පිහිතුඩට මද පමණ ගෙන එක් කිරීමෙන් වුවත් සෑහේ ..
# එහෙව් බේතක් එක්ක මී පැණියෙන් බේත් බොන්නේ ඇයි කියා හිතෙනවනම් බොන්න එපා 😂
#අමු ඉඟුරු —
සෙම්ප්රතිශ්යාවෙන් වැලැක්මට,ශරීරයෙ විස ඉවත්කිරීමට,පිලිකා මර්ධනයට,උණ රෝග වෛරස් රෝග සමනයට,පටක ඉදිමීම් වැලැක්මට,ඉරුවාරදය සුවයට,හිස කැක්කුම් සුවයට,ප්රතිශක්තිවර්ධනයට,කාන්තා රෝග සමනයට හා ඔසප් අධික රුදීර වැස්සීම් වැලැක්මට,රුධිර වාහිනි අවහිරතා දුරු කිරීමට,හෘද රෝග සමනයට,බරවා වේදනා සුවයට,යොවුන් බව සුරැක්මට කදිම ඖෂධයක්…❤ අම්මෝඔ….ඕවා දාපු මී පැනී බේතක් අන්තිම බයානකයි කියා සිතේනම් බොන්නම එපා 😂.
#කොත්තමල්ලි..
එකක් නොවේ ගුණ විසි එකක් තියෙනවා.උණ රෝග වෛරස් රෝග සමනයට,තුන් දොස් කිපුම වැලැක්මට,ප්‍රතිශක්තිය වැඩි කිරීමට අහිතකර කොලෙස්ටරෝල් ඉවත්කර හිතකර කොලෙස්ටරෝල් වැඩිකිරීමට විටමින් A ලබා ගැනීමට,කැරොටින්,ෆෝලික් අම්ලය විටමින් K ලබා ගැනීමටත් මින් පුළුවන්,මොළයේ යහපත් පැවැත්මට,සිරුරට අවශ්‍ය අම්ල තන්තු යකඩ කැල්සියම් මැග්නීසියම් මේවා ලබා ගන්න,අක්මාවේ පිත වර්ධනයට,වේදනා සුවයට,විස හරණයට,කුරුලෑ ලප කැලැල් ඉවත්වීමට,මූත්‍රා ආසාධන සුවයට චර්මරෝගයනට, විශේෂයෙන්ම රුධිරයේ සීනීපාලනයට උපකාර කරන කොත්තමල්ලිත් තියෙන මීපැනි එක්ක පැනියක්නම් බුදු අම්මෝ එපා යැයි හැඟේනම් බොන්න එපා 😂.
#මී පැණි —
සූද්ර ජීවි නාශනයට,තුවාල සුව වීමට,උදර වේදනා සුවයට,මද සරු බව නැති කිරීමට,පිත්තාෂයේ ගල් සුවයට,හෘදයේ ආරක්ෂාවට,ලස්සන වෙන්න,ඇදුම පීණස සුවයට,සුව නින්දට,උණ සහ වෛරස් රෝග පාලනයට,තරබාරුව අඩු වීමට,මතක ශක්තිය වැඩිවීමට,ස්නායූ පණ ගැන්මට,සෙම් රෝග සුවයට,දුම් බීමෙන් පෙණහලු තුල හටගන්න විකෘතිතා සුවයට,හොඳ සිහිකල්පනාවට මෙන්ම දීඝායූ ලැබීමට මහෝපකාරී දෙයක් මී පැනි.
ඉතින් බුදු අම්මේ අර කලින් කියපු වර්ග එක්ක මීපැනිත් බාගෙට බාගයක් දාලා මිලි දහයක් බිව්වම ඒක වසක්නම් විසක් නම් හත් වලාමේ මැගීම චිකන් රහට කාපියව් මෙලමයින් හා කටුපොල් ගුණයත් එක්ක කිරි පිටිනමින් එන රස පානයන්ම බීපියව්..ආ අහවල් ඊ බීජි නැතුව කන්න නම් එපා.උඹලාට නිරෝගී සුව එක්ක නිවන් සුවම ලැබේවා.
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි