අමුතු සැකය….. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සැමියකු විසින් සිය බිරිඳව සැකකරනු ලැබුවා.
ඇය ඔහුව රවට්ටන බව සිතුවා.
දිනක් කාර්යාලයේ සිට මිතුරෙකුගේ දුරකතනය හරහා ඔහු සිය නිවසට ඇමතුමක් ලබාගත්තා.
නිවසේ දුරකතනයට ප්රතිචාර දැක්වූයේ නන්නාදුනන කාන්තා කටහඬක්.
“මේ කවුද”
සැමියා විමසුවා.
“මම මේ නිවසේ වැඩකාර කාන්තාව”
අනෙක් පසින් පිළිතුරු දුන්නා.
“අපිට වැඩකාරියක් නැහැ”
ඔහු පිළිතුරු දුන්නා.
“අද උදේ තමයි මේ ගෙදර නෝන මාව කුලියට ගත්තෙ,
උදෑසන 8 සිට සවස 5 දක්වා වැඩකරන්න”
අනෙක් පසින් කාන්තාව පිළිතුරු දුන්නා.
“හොඳයි, මම තමා ඇගේ සැමියා…….
ඇය නිවසේ ඉන්නවද දැන්”
ඔහු නැවතත් විමසුවා.
“ඔව්, ඇය නිවසේ ඉහල මහලේ තිබෙන නිදන කාමරයේ ඉන්නව පිරිමියෙක් එක්ක.”
“ඇය මට ඔහුව හඳුන්වා දුන්නෙ ඇගේ සැමියා කියල”
පෙර කී කාන්තාව පිළිතුරු දුන්නා.
එය ඇසූ සැමියා කෝපයෙන් පුපුරන්නට උනා.
සිය කෝපය මදක් පාලනය කරගත් ඔහු වැඩකාර කාන්තාවගෙන් මෙසේ ඇසුවා.
“ඔබ කැමතිද 100000ක් උපයන්න,
මේ දැන්”
“ඔව් මම කැමතියි, මට මොනවද කරන්න තියෙන්නෙ”
කාන්තාව විමසුවා.
“මුලුතැන්ගෙයි ඇති ලොකු මන්න පිහියක්,
ඒක අරගෙන ගිහින් අර ගනිකාවයි, ඒ එක්ක ඉන්න මිනිහවයි දෙන්නටම කොටන්න,
ඉතිරිය මම බලාගන්නම්”
ඔහු පැවසුවා.
දුරකතනය මේසය මත තැබූ කාන්තාව ඔහු පැවසූ ලෙසටම කලා.
කාමරයේ සිටි දෙදෙනාගේ මර ලතෝනිය ඔහුට දුරකතනය හරහා ඇසුනා.
“මම දැන් මේ මිනී දෙකට මොනවද කරන්නෙ”
නැවතත් දුරකතනය අතටගත් වැඩකාර කාන්තාව විමසුවා.
“විසිකරන්න පිහිනුම් තටාකයට”
සැමියා පිළිතුරු දුන්නා.
“නමුත් මේ නිවසේ පිහිනුම් තටාකයක් නෑනෙ”
දුරකතනය හරහා මද නිහැඩියාවක් තැබූ කාන්තාව පැවසුවා.
අනෙක් පසින් දිගු නිහැඬියාවකට පසු මෙසේ විමසුවා
“මේ 224714 අංකය නේද?”
“නැහැ මහත්මයා මෙහි ලියා තිබෙන්නෙ 227414 කියල”
…………………………………………………………..
මොහොතක් සිතන්න.
අන් අය ඔබට ලබාදෙන අවවාද උපදෙස් පිලිගෙන ඔබ අපහසුතාවලට මුහුන දුන් අවස්තා කොපමණ නම් ඇතිද?
මුදල් නිසා හෝ වෙන කිසියම්ම හේතුවක් නිසා.
ජීවිතයේ එකවරක් හෝ ඔබ මේ ආකාරයේ සිදුවීම් වලට මුහුන පා තිබිය හැක.
නිවැරදි විමසා බැලීමකින් තොරව කටයුතු කිරීම තුලින් අවසානයේ අපහසුතාවයට පත්වන්නේ අපම නොවේද….?
පරිවර්තනයකි …..
මූලාශ්‍රය: Ranjani Indi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!