හබල පෙති මොනවද කියල අහන උන් කෝන්ෆ්ලෙක්ස් කනවා,
දං බෝවිටියා දැකපු නැති උන් ෆ්රෝසන් බෙරි කනවා,
පාරවල් පොළවල් වල අඹ කෙසෙල් ගස්ලබු කුනු වෙද්දි ඇපල් මිදි උජාරුවට අරන් යනවා,
එළකිරි ගඳයි සෙම වැඩිවෙනවා කියපු උන් පිටිකිරි දියකරන් බොනවා,
කිතුල් පැනි පොල් පැනි තියෙද්දි මේපල් සිරප් එක්ක පෑන් කේක් කනවා,
පොල්තෙල් මුඩු ගඳයි කියල කටුපොල් ඔලිව් තෙල් කනවා,
රට වටේ මූද තියෙද්දි කොඩ් ලිවර් ඔයිල් කැප්සුල් ගන්නවා,
කිතුල් රා පොල් රා දෙකේ කොලේට දාපු උන් කැකෑරුනු කරිඤ්ඤං වයින් චියස් කියල බොනවා,
සිංහල ඇදුම මලාට ඇදපු නැති සරමක ගැටය ගහගන්න බැරි උන් පට්ට රස්නෙ දාඩිය පොල්ල දාගෙන ටයි කෝට් දානවා,
අමුඩයක් ඇදගෙන කුඹුරක් කරනවා දැක්කම චීය අනේ කියල බික්නි ඇදල මොඩ්ලින් කරනවා,
රනවරා පොල්පලා බෙලිමල් වගේද හර්බල් ඩ්රින්ක් බීවම නිරෝගිතාවය ලැබෙනවා,
මුන් ඇට කඩල, කව්පි කුනු කොල්ලෙට තියෙද්දි සස්ටජන් බීල ෆිට් වෙන්න හදනවා,
කොස් ඇට ගස් යට කුනු වෙද්දි ආමන්ඩ් ඇට චෙස්නට් ඇට පෙරේත කමෙන් කනවා,
වැලිගොව්වා,ලූල ගැන කතාවලින් සින්දු වලින් අහන ගමන ඇලස්කන් ස්මෝක් සැමන් කනවා,
අපේ කිරිබත අමතක උනත් හැම පාටියටම චීනගෙ ෆ්රයිඩ් රයිස් එක නම් හදනවා,
කැවුමක් කොකිසක් හදන්න දන්නෙ නැති උන් කේක් හදන්න ටියුෂන් දෙනවා,
උදේට කැද බීපුහම කිරිබත් කාපුහම නිදිමතයි ෆිට් නැහැ කියල කට්ලස් බනිස් පැටිස් පිගානක් ගිලිනවා,
තැබිලි ගෙඩිය මත බහින්න බොන එකක් වෙනකොට කොකාකෝලා පාටි වලට නැතුවම බැරි බීමක් වෙලා,
පැෂන් ෆුට් බිව්වම සෙම ඇවිස්සෙන උන් බෙරි ඇපල් ජූස් බොනවා,
සුද්දට බැන බැන හොරෙන් උන්ගෙ රට වලට යන්න හීන බලනවා,
පුක කිව්වත් මහ ජරා වචනයක් වගේ අප්රසන්නාවෙන් බලන උන් අගට මුලට ෆක් කියල දාලා ඉංග්රීසියෙන් කතා කරනවා,
තව කියන්න දේවල් නම් එමට ඒත් කොච්චර කිව්වත් ඒවා ඉතින් ඇගට ජීර්ණය වෙලා. නමට අපි යක්කු,සිංහයෝ,හෙලයෝ බොලව් කිව්වට අපි රීමික් වෙච්ච ජාතියක්. ලෝකෙ පුංචි වෙනකොට හැම දේම ලංවෙනවා,දකින්න ලැබෙනවා,අත් විදින්න ලැබෙනවා. ඒත් ඉතින් අපේ උන් කරන්නෙ අපේ එක දෙකේ කොළයට දාන එක නැත්නම් පුකට පයින් ගහල පරසක්වලම යවන එක.
හැමදාම වැඩිම වටිනාකම තියෙන්නෙ සුද්දගෙ බිස්නස් හපයට විතරයි. ඇත්තටම අපි 100%ක් බලෙන්ම අනන්යතාවය කුනු කූඩෙට දාන උන්.
උපුටා ගැනීම: ඉෂාන් ඒකනායක.