ආනයන සීමා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
රට මුහුණදී තියෙන විදේශ විනිමය හිඟයට පිළියමක් විදිහට අත්යාවශ්ය නොවන භාණ්ඩ වර්ගීකරණය යටතේ තවත් භාණ්ඩ විශාල ප්රමාණයක් මෙරටට ගෙන්වීම සීමා කරන්න මුදල් අමාත්යාංශය සූදානම් වෙනවා කියලා ආරංචියක් යනවා.
මේ විදිහට ආනයන සීමා පනවන්න යන්න භාණ්ඩ අතරට ජංගම දුරකථන, පරිගණක, ශීතකරණ, අනෙකුත් ගෘහ විදුලි උපකරණ, සුවඳ විලවුන් වර්ග සහ රූපලාවන්ය ආලේපනත් ඇතුළත් වෙනවා කියලා තමයි කියන්නේ.
සුවඳ විලවුන්, රූපලාවන්ය අලේපන සහ අනෙකුත් ගෘහ විදුලි උපකරණ ගේන එක ටික කාලයකට සීමා කළාට කමක් නැහැ කියමුකෝ. ඒත් ගෙදර ඉඳලා වැඩ කරන්න සහ පාසල් දරුවන්ට ගෙදර ඉඳලා ඔන්ලයින් ඉගෙන ගන්න පොළඹවන මේ වගේ කාලයක ජංගම දුරකථනයි පරිගණකයි ගෙන්වන එක සීමා කරනවා නම්, ඒක ඉස්සහරට ලොකු ප්රශ්නයක් වේවි.
ආණ්ඩුව මේ වෙද්දි බරපතළ මූල්ය අර්බුදයක ඉන්නේ කියලා ජොන්ස්ටන් සහ නාමල් රාජපක්ෂ වගේ ඇමැතිවරු නොදන්නවා වුණාට වැස්සකට හරි ඉස්කෝලෙකට ගොඩවුණු ලංකාවේ ඕනෑම මනුස්සයෙක් ඒක දන්නවා. ජනාධිපති එක සැරයක් මහ බැංකුවේ නිලධාරීන්ට ප්රසිද්ධියේ බැන්නට පස්සේ මහ බැංකු ගොඩනැගිල්ලේ රෑ 7 න් පස්සෙත් ලයිට් දාගෙන වැඩ කරනවා කියලා පෝස්ට් සමාජ මාධ්යවල හුවමාරු වුණා. දැන් තමයි ඒ ඇයි කියලා තේරෙන්නේ. මහ බැංකුවේ වැඩ කරන අය මහ රෑ වෙනකම් ඇහැරගෙන කරන්නේ සල්ලි අච්චු ගහන එක. මහ බැංකුව කොච්චර හොඳට සල්ලි අච්චු ගහන වැඩේ කරනවද කිව්වොත් ජූනි 28 වැනිදා විතරක් රුපියල් බිලියන 208.45 ක් වටින මුදල් අච්චු ගැහුවා කියලා “ඩේලිමිරර්” වෙබ් අඩවිය කියනවා. ඒක ලංකා ඉතිහාසයේදී එක දිනකදී අච්චු ගහපු වැඩිම මුදල් ප්රමාණයලු.
ගෝඨාභය මහත්තයා ජනාධිපතිවරණයට තරග කරන වෙලාවේ දෙස් විදෙස් වාර්තාකරුවෝ ගෙනල්ලා ලොකු ප්රෙස් එකක් තිබ්බා. එතැනදි එක මාධ්යවේදියෙක් අහනවා ලංකාවේ ආර්ථිකය ගොඩගන්න මොනවද තියෙන සැළසුම්…? කියලා. ඒ වෙලාවේ ගෝඨාභය මහත්තයා පුරුදු විදිහටම හිනා වෙලා මහින්ද අයියා දිහා බලනවා. මහින්ද මහත්තයා කියනවා අපි ළඟ සැළසුමක් තියෙනවා… ඒවා දැන්ම කියන්න බැහැ, වෙලාවම ආවම කියන්නම් කියලා. ඒ කියලා මහ හයියෙන් හිනා වුණා. මම නම් එදාම දැන ගත්තා බඩු බනිස් කියලා.
දැන් ඉතින් ආණ්ඩුවේ හැමෝම කියනවානේ ලංකාවේ ආර්ථිකය ගොඩගන්න නම් බැසිල්ව මුදල් ඇමැති කරන්න ඕනේ කියලා. මම නම් කියන්නේ වහාම බැසිල්ට ආර්ථිකය භාර දෙන්ඩ ඕනේ කියලා. කොහොමත් ලංකාවේ ඉන්න ලක්ෂ 69 ක් වෙන බහුතරයකට රාජපක්ෂ වාසගම තියෙන ඕන කෙනෙක් ඕන තනතුරකට පත්වුණාම අවුලක් නැහැනේ. ඒ ගොල්ලන්ට ඕනෙත් ඒකනේ. ඉතින් තවත් මොකටද බලන් ඉන්නේ… කැමැති දෙයක් කරන්න තමයි තමයි 2/3 ක ජනවරමක් රාජපක්ෂ පවුලට දීලා තියෙන්නේ.
“වහාම බැසිල් ස’ ට ආර්ථිකය භාරදෙමු….”
හැබැයි පුතෝ බැසිල් ස’ ඇවිත් ආර්ථිකය ගොඩ දානකම් අතේ තියෙන ෆෝන් එක නම් බිම වට්ටගෙන කෙ ලෝ ගන්න එපා. ආයි මලාට අලුත්එකක් ගන්න වෙන්නේ නැහැ.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!