ශික් අන්තිමයි!
උදේ පාන්දර ඇඳුම් ගැන කතාවක් ගිය හින්ද මට මේ ටික ලියන්න හිතුනා
ඇඳුම් ගැන කතා කරද්දි නම් අපේ මිනිස්සු අන්තිමයි තර්ඩ් ක්ලාස්
දැන් බලන්න එක එක වෘත්තීන්ට අඳින ඇඳුම් ඒව ටිකක් ඔයිට වැඩිය පිළිවෙලකට පොශ් ගතියට අඳින්න තිබුණා නේද?
අපි ටිකක් උදාහරණ අරන් බලමු
අපි හිතමු ගොවියගෙ ඇඳුම ගැන
ඒකත් ඇඳුමක් ද?
ඕකත් එක්ක අපි ජාත්යන්තරයට යන්නේ කොහොමද ?
සුපර් මෑන් උනත් අන්ඩර් වෙයාර් එක අදින්න කලින් නිකම්ම නිකං මෑන්
බුද්ධිමත්ව හිතලා ඒක උඩට ඇන්දට පස්සෙයි ඌත් සුපර්මෑන් උනෙ..
අමුඩේ තමා මම දැකපු අසභ්යම ඇදුම
ඊයා මුලු පස්ස පැත්තම එළියෙ
එක්කෝ එලියට බහින්න කලින් ඔය තට්ටම් දෙකට makeup ටිකක් උලා ගන්න තිබුණා
කළුවට කලුවෙ කැතේ බැහැ
හන්දියක් හන්දියක් ගානේ සැලෝන් තියෙනවා
එහෙම එකේ ඔය සැලෝන් එහෙකට ගිහිල්ලා පොඩි මේකප් එකක් දාගන්න තිබුණනෙ
කොන්ඩෙට එහෙම රස්ත ගැට ටිකක් දාලා සංග්ලාස් දෙකක් දාලා ඩෙක් ශූස් දාලා කුඹුරට බැස්ස නම්නෙ ගති
එතකොට මඩ ගෑවෙන්නෙත් නෑ
අනික නිතරම මේගොල්ලෝ පර්ෆියුම් එකක් ළඟ තියා ගන්න ඕන දාඩිය ගඳ මැකෙන්න ගාන්න
අනික් අත් යට දුගදට පිළියම ඩියෝඩ්රන්ට්
ඊළඟට ගස් යන අය
නැහැ ගස්සන අය නෙමේ මම කිව්වෙ ගස් යන අය ඒ කිව්වෙ පොල් තැඹිලි කුරුම්බා කඩන්න ගස් යන අය
එයාලා කකුලේ දාන වලල්ල වෙනුවට ෆ්රෙන්ඩ්ශිප් බෑන්ඩ් එකක් තනි කකුලට දාන්න ඕනෙ
අර දෙකටම දාන එක ගහට බඩ ගාන්න උදව් උනා වගේ ද අනේ ඒකෙ කිසි මොඩ් ගතියක් නැහැ
එයාල ලස්සන කොට ටයිට් ස්කර්ට් එකක් අදිනවා නම් හොදයි
එතකොට වත්තෙ නෝනලා මහත්තුරුන්ට යට ඉදන් වලු ගනන් කරන්න ලේසියි
පොල් කඩද්දි ඕකුන් හරියට හොර කරනවා
මේසන් බාස්ලා ටයි කෝට් දාලා ෆුල් සූට් එක අදින එක හොදයි මං නං කියන්නෙ
ටයි එක මේසොං හැන්දෙ පටලෝ ගන්නෙ නැතුව හසුරෝ ගන්ට ඕනෑ
රස්නෙ කාලෙ අවුලක් නං ඒ කාලෙ බදුලු බන්ඩාරවෙල පැත්තෙ විතරක් ගෙවල් හදන්න බාර ගත්තනං ඒ කරදරෙත් කම්මුතුයි
මාලු අල්ලන අය ආරිය සිංහල සූට් එකට බහිමු
එතකොට රුවල ඉරුනු අවස්තාවක සරමට හුලං පුංබං ගොඩ ආහැකි
ඇයි දැල වතුරට විසි කරද්දි හුලං තදට සරමත් කඩන් ගියාම ඒකෙත් මාලු පැටලිලා ලැබෙන ආර්ථික වාසි
ඔන්න ඔහොම ඔන්න ඔහොම රට පෙරට අපි නොරට කියලා දියුනු වෙන මාවත දකින්න ඕනෙ
උපුටා ගැනීම: Ishu S Weerawarna