අඳුරන හාදයෙක්ගෙ නෝනට බබෙක් හම්බුනා ද? (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්කෝලෙ යන්න කලියෙන් බලන්න නොගියා කියලා ඒ පොඩි එකාවත් ගෙදර අයවත් තරහ වෙන එකක් නෑ.
හැබැයි ගියොත් ඔයා ඒ පොඩ්ඩට කොරෝනා දීලා එන්න ඉඩ තියෙනවා.
අඳුරන මනුස්සයෙක් ලෙඩින් වැටිලද?
ලෙඩ දුක් හොයන්න මේ වෙලාවෙ නොගියා කියලා ඒ මනුස්සයා තරහ වෙන්නෙ නෑ.නොගියට දුරකථනෙන් වට්සැප්, ෆේස්බුක් එකෙන් ඒ තොරතුරු කතාබහ කරගන්න පුළුවන් .කොහොමත් අසනීප වෙච්ච මනුස්සයෙක්ට ඕනේ ආරක්ෂාව යි විවේකයයි නෙ.
හැබැයි මේ වෙලාවෙ බලන්න ගියොතින් ඔයා ඒ ලෙඩාට කොරෝනා දීලා එන්න ඉඩ තියෙනවා.
අඳුරන මනුස්සයෙක් අන්තරා වුනාද?
දුකයි තමයි හිතට.ඒත් මරණෙට ඔයා ගියා කියලා ඒ මනුස්සයා ආයෙ එන්නෙ නැහැනේ.මේ වගේ වෙලාවක නාවට ඔයාගෙ හිතවත්කම අඩු වෙලා කියලා ඒ මනුස්සයා ජීවත් වෙලා හිටියත් හිතන එකක් නෑ.
හැබැයි ඔයා ගියොත් ඔයා ඒ ගෙදර අයට කොරෝනා දීලා එන්න ඉඩ තියෙනවා.
ළඟම හිතවතෙක් කසාද බඳිනවද?
මෙච්චර කාලයක් එකට හිටපු එකා විහින් අමාරුවේ වැටෙන දවසෙ යන්නම ඕනෙ වගේ ද? අද නොගියට පස්සෙ දවසක ගිහින් කරගත්ත මෝඩකම ගැන කතා කරලා තේකක් කාරිය බීලා එන්න බැරි යැ.සමහරවිට පොඩි එකෙක්වත් බලන්න එක්කම.හොඳම යාලුවෙක් නම් අද නොඑන එක යාළු කමට පරහක් කරගන්න එකක් නෑ.
ඒත් අද ගියොත් ඔයා මඟුල් ගෙදරටම කොරෝනා දීලා එන්න ඉඩ තියෙනවා.
ට්රිප් යන්න බෑනේ මේ දවස්වල කොරෝනත් එක්ක.ඒත් ලාවට සෙට් වෙන්න තහනමක් නෑනේ ෆිට්ම එවුන් දෙන්නෙක් එක්ක.එහෙම හිතෙනව වගේ ද?
ඇත්ත මේ හතරවටෙන් ඇහෙන හිත ගැස්සෙන කතා අස්සෙ මිනිස්සු හැටියට අපි මොකක් හරි පොඩි ඩිස්ට්රැක්ශන් එකක් හොයන්න තියෙන ඉඩ වැඩියි.මනුස්ස ගතිය නෙ.පොඩී ට්රිප් එකක් , ලාවට සෙට් වෙලා අඩියක්,විනාඩියකට අල්ලපු ගෙදරට ගොඩ වෙලා බෙදාගන්න ඕපයක්.පිට මිනිස්සු නෙවෙයිනෙ අපි දන්න කියන අයනේ.
ඒත් මේ ඕනෙම වෙලාවක ඔයාගෙන් ඒ අයට කොරෝනා බෝ වෙන්න පුළුවන්.
එයාලටනෙ බෝ වෙන්නෙ මට නෙවෙයිනේ කියලා හිතෙනවද? එහෙනං මතක් කරගන්න නිව්ටන්ගෙ තුන් වෙනි නියමෙ.ඔයාගෙන් එයාලට හැදෙන්න වගේම ඔය හැම වෙලාවකම ඔය ඕනෙම තැනක එක කොරෝනා ආසාදිතයෙක් හිටියම හොඳටම ඇති ඔයාට කොරෝනා ආසාදනය වෙන්න.
කොරෝනා ඇහැට පේන්නෙ නෑ කියන එක අපි හැමෝම දන්නවා.උණ,කැස්ස, උගුරෙ අමාරු මෙකී නොකී අමාරු එකක්වත් එන්න කලියෙන් වගේම ඒ අමාරු මොකක්වත් නැතිවත් කොරෝනා ආසාදිතයො ඉන්න පුළුවන් ඒ අයගෙන් කොරෝනා අපිට බෝවෙන්න පුළුවන් කියලා අපි දන්නවා.ඒ ඇරුණම හුළඟෙනුත් බෝවෙන්න පුළුවන් බවට සාක්ෂි මේ වෙද්දි එක්කහු වෙමින් තියෙනවා.
ඉතින් මොකද කරන්නේ? කාත් එක්කවත් ඇයි හොඳයි එපාද?
නෑ මේ කාලෙ තමයි අපි අපි වෙනුවෙන් ඉන්නම ඕනේ කාලේ.හැබැයි පරෙස්සම ගැන මුලින්ම හිතලා.අපිට හිතවතුන් එක්ක කතා බහ කරන්න ඕනේ තරම් දියුණු සන්නීවේදන මාධ්ය තියෙනවනේ එකතු වෙලා කතා බහ කරනවට වඩා.
මරණෙකට මගුලකට සහභාගි නොවීත් තමන්ගෙ ලෙන්ගතු බව පෙන්නන්න අපිට බැරි කමක් නෑනේ.අලුත උපන් පොඩ්ඩෙක් බලන්න යනවා වෙනුවට අපිට බැරිද පොඩ්ඩගෙ අනාගතේ වෙනුවෙන් කීයක් හරි ඉතුරුමක් කරන්න.
වටපිටාවේ ඉන්න අසල්වාසීන්ට හිතවත්තුන්ට මේ වෙලාවෙ අපේ උදව් ඕනෙම වෙන්න පුළුවන් .කොරෝනා නිසා වෙනද වගේ බඩ රස්සාව කරගන්න අපහසු මිනිස්සු ඇති .නිරෝධායනය වෙන්න වෙලා අසරණ වුන අය ඇති.ඒ අය වෙනුවෙන් මූල්යමය පැත්තෙන් හයියක් වෙන්න එහෙමත් නැතිනම් මොනවා හරි වෙනත් උදව්වක් කරන්න අපිට බැරි නෑ මුණ ගැහෙන්නෙ නැතුවත්.එහෙම කරන්න අපිටත් හයියක් නැති වෙලාවක උනත් දුරකථන ඇමතුමක් , මැසෙන්ජර් පණිවිඩයක් වුනත් මනුස්සයෙක්ට තමන් තනි වෙලා අසරණ වෙලා නෑ කියලා හිතෙන්න උදව්වක් වෙන්න පුළුවන්.
මේක වසංගතයක්.පොඩි මිනිහට පොඩි මිනිහව පරිස්සම් කරගන්න වෙච්ච වෙලාවක්.අපි ඔක්කොම සිහිනුවණින් කටයුතු කළේ නැතිනම් අපිට යන්න වෙන්නෙත් ඉන්දියාවෙ අඩි පාරෙම තමයි.
ඒක නිසා ගෙයින් එළියට අඩියක් තියද්දී එක තත්පරයක් නැවතිලා ආයෙම හිතන්න.මේ ගමන මම යන්න ඕනෙමද?
ඉගිලෙන ලියමන්
2021.04.30
උපුටා ගැනීම: Sanduni Sudarshana Perera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!