අද වන විට විද්යාවේ පවතින විශාල අබිරහසක් ලෙස අඳුරු ශක්තිය හැඳින්විය හැක. මෙය නොපෙනන මුහුදක ගමන් කරන බෝට්ටුවක් වැඩි සිද්ධියකට සමාන කළ හැකි අතර මෙහි නොපෙනෙන මුහුද අඳුර ශක්තියයි.අප විශ්වයෙන් 26%ක් පමණ නිර්මාණය වී ඇත්තේ අඳුරු පදාර්ථයෙන් වන අතර 4%ක් නිර්මාණය වී ඇත්තේ අප දකින සාමාන්ය පදාර්ථයෙනි. ඉතිරි 70% නිර්මාණය වී ඇත්තේ මෙම අදෘශ්යමාන අඳුරු ශක්තිය මගිනි. 1929 දී එඩ්වට් හබල් විසින් විශ්වය ප්රසාරණය මට බව සොයා ගන්නා ලදී. මෙහිදී විද්යාඥයින් විශ්වය ප්රසාරණය වන වේගය පිළිබඳ ව අධ්යයනය කරන්නට පෙළඹුණි.බොහෝ විද්යාඥයන් විශ්වාස කළේ ගුරුත්වාකර්ෂණ බලය නිසා කාලයත් සමඟ මෙම ප්රසාරණය වන වේගය කෙමෙන් අඩු වන බවයි. මෙම වේගය හඳුනා ගැනීම පහසු කාර්යයක් නොවූ අතර ඒ සඳහා ආලෝක වර්ෂ මිලියන, බිලියන පමණක් ඈතින් පිහිටි මන්දාකිණිවල ලෝකය ප්රබලතාවය, එම තරඟ ආයාම වල වෙනස්කම් (redshift) හඳුනා ගැනීමට සිදුවිය. මේවා පෘථිවිය මත සිට පියවි ඇසින් හඳුනා ගැනීමට නොහැක.
20වන සියවසේ නිර්මාණය කළ හබල් අභ්යවකාශ දුරේක්ෂය නිපද වන තුරු මෙම ප්රසාරණ වේගය පිළිබඳව පරීක්ෂකයන් විවිධ මත පළ කළ ද නිවැරැදිව හෙළි කළේ හබල් දුරේක්ෂයෙන් ලබාගත් දත්ත පදනම් කරගෙනය. මන්දාකිණිවල ප්රභලත්වය සමාන නොවන අතර පෘථිවියේ සිට පවතින දුර ද අසමාන වේ. එම නිසා මන්දාකිණිවල ප්රසාරණ වේග හදුනා ගැනීමට සම්මත ක්රමවේදයක් හඳුන්වා දීමට අවශ්ය විය. 1900 මුල් කාලයේ දී Saul Perlumutter, Adam Ries සහ Brian Schmidt මන්දාකිණි වලට පවතින දුර සහ ඒවාගේ සිට එන තරංග ආයාම වල වෙනස්වීම් හදුනා ගැනීමට නිවැරදි ක්රමයක් ඉදිරිපත් කරන ලදී. මෙම ක්රමය අනුව වෙනස් දුරවල් වලින් පවතින මන්දාකිණිවල කාල රාමු කීපයක් යටතේ දී ඈත්වන වේග හඳුනා ගන්නා ලදී. එහිදී පරීක්ෂකයන් පුදුමයට පත් කරමින් විශ්වය ප්රසාරණ වේගය අඩු නොවී කෙමින් වැඩි වන බව නිරීක්ෂණය කරන ලදී. එනම් විශ්වයේ ප්රසාරණය වේගය ත්වරණය වේ. නමුත්, ඊට හේතුව පැහැදිලි කිරීමට නොහැකි විය. මෙම ක්රමවේදය හඳුන්වා දීම නිසා Saul Perlumutterට නොබෙල් ත්යාගය ද හිමිවිය. මෙය පෘථිවිය මත සිට යම් වස්තුවක් ඉහළ අභ්යවකාශයට විසි කරනවා වැනි ක්රියාවලියකි. නමුත් මෙම වස්තුව ත්වරණය වෙමින් ඉහළට ගමන් කිරීමට අවශ්ය ශක්තිය සපයන්නේ කුමක්ද? මේ ආකාරයෙන් ත්වරණය වෙමින් විශ්වය ප්රසාරණය වීමට අවශ්ය ශක්තිය අඳුරු ශක්තිය ලෙස මේ වන විට හැඳින්වේ. මෙම අඳුරු ශක්තිය ඇති කරන්නේ කෙසේද යන්න මේ වන ව්ට මතයන් පවතී.
එකක් නම් මෙය අවකාශයෙහි ව පවතින ස්වභාවික ලක්ෂණයක් (property) වීමයි. අයින්ස්ටයින්ගේ ක්ෂේත්ර සමීකරණයේ (Einstein’s field equation) එන cosmological constant ලෙස වූ නියතයක්කට මෙම ලක්ෂණය ඇතුලු කර ඇත. මෙම අගය හිස් අවකාශය පවතින ශක්තිය(vacuum energy) ලෙස හැදින්විය හැක. කොන්ටම් භෞතික විද්යාවට අනුව අවකාශයේ සැමවිටම visual particles නිර්මාණය වෙමින් පවතී. එනම් ඉලෙක්ට්රෝන සහ ප්රොසිටෝන, ප්රෝටෝන සහ ප්රති-ප්රෝටෝන, ක්වාක්ස් සහ ප්රති-ක්වාක්ස් වැනි ප්රති අංශූන් ඇතිවීම වේ. මේ ආකාරයෙන් සෑමවිටම අංශු සහ ප්රති අංශු ඇති වෙන්නේ මෙම අවකාශය පවතින ශක්තිය මගිනි. නමුත් මෙහිදී ඇතිවන විශාල ගණිතමය ගැටලුව නම් මෙලෙස මන්දාකිණි ත්වරණය වෙමින් ප්රසාරණය වීමට අවශ්ය ශක්තියට(10^123) වඩා මෙම හිස් අවකාශයේ පවතින ශක්තිය(0.75) බෙහෙවින් අඩු වීමයි. ගණිතමය ක්රමය සහ පරීක්ෂණාත්මක දත්ත සැලකීමේ දී විද්යාව තුළ එන විශාලතම වෙනස්කමක් සහිත අගය මෙයයි. එසේ නම් මේ සඳහා අවශ්ය අමතර ශක්තියක් සහිත මෙතෙක් හඳුනා නොගත් කාලය සහ අවකාශය ඔස්සේ වෙනස්වන ශක්ති ක්ෂේත්රයක් තිබිය හැකිය. අවකාශයේ විවිධ ස්ථාන වල පවතින මෙම අඳුරු ශක්තියේ ප්රබලත්වය ගණනය කිරීමට හැකිනම් භෞතික විද්යාවේ දැනට ප්රධාන බල හතර වන ගුරුත්වාකර්ෂණ බලය, විද්යුත් චුම්බක බලය, ප්රබල බලය, දුබල බලයට අමතරව තවත් බලයක් පවතින බවට සිතිය හැක. තවත් විද්යාඥයින්ගේ මතයක් නම් අඳුරු පදාර්ථය සඳහාම වෙනම බෝසෝන අංශුවක් පවතින බවයි.
උපුටා ගැනීම: කේලියම්