අනේ මට මැරෙන්න දෙන්න (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“අනේ මට මැරෙන්න දෙන්න. ඇයි මාව බේර ගන්න හදන්නේ මට ඔක්කොම එපාවෙලා මෙතනින් අහකට යන්න. මට බැහෑ අනේ….”
” කතා කරලා වැඩක් නැහැ නෝනා ගෙදර ඔයිට වැඩී ඊයේ රෙදි ටිකත් මල්ලකට දාගෙන කෝචියට පයින්ඩ යනවා කියලා ගෙදරින් පැනලා යද්දි ගමේ කොල්ලො ටික මේකි කුදලගෙන ආවේ. ඒ ඇවිල්ලත් මොකද්ද කෙරුවෙ පල්ලෙහා කඩෙන් පැනඩෝල් පෙට්ටියක් ගෙනල්ලා පෙති 48 ක් බීලා. මට අහු උනෙත් පැයකට විතර පස්සෙ ගේ පිටිපස්සේ වැටිලා ඉදලා කාලකන්නි. වෙන කවුරුත් නෙවෙයි නෝනා මේකි මගේ මල්ලිගෙ කෙල්ල පුoචි සන්දියේ ඉදලාම හිතුවක්කාරි….”
ඇය මයුමි ලෙස හදුන්වමි. මට මයුමි මුන ගැහෙන්නේ මානසික වාට්ටුවෙනි. මයුමිගේ මව මයුමි කුඩා කළ සිටම විදේශ ගතවී නැවත පැමින නැත. පියාද වෙනත් විවාහයක් කරගතේය. මයුමි ගේ ළමා කාලයේ ගත වූ යේ කුඩම්මාගේ අඩම්තෙහෙට්ටම් මැදය. පුoචි වරදටත් ගුටි ලැබුනි. පියාද කුඩම්මාගේ කේලම් බහට රැවටී මයුමිටම ගුටි බැට දුනි. මේ නිසාම මයුමි දඩබ්බර අකීකරු ගති පෙන්වීය. මයුමිගේ දඩ්බ්බර ගති නිසාම මයුමිට කවුරුවත් ආදරය කලේ නැත. නිතරම කුඩම්මා සමග ආරවුල් ඇතිකර ගත්තාය. සමහර දවස්වල්ට වේල් දෙක තුන ඈ කුසගින්නේ සිටියාය. මේ වෙද්දී මයුමිට වයස අවුරුදු 11 කි. මයුමි හේතුවක් නැතුව නිතරම අඩයි. නිතරම අධික කෝපයෙන් පසු වූවාය. අසතුටෙන් හා කළ කිරීමෙන් කාලය ගෙවීය.
හදිස්සියේම පාසලේදී ඈ බිම ඇද වටිනි. ඇය රෝහල් ගත කෙරිනි මයුමිට කායික රෝගයක් නොවීය. ඇයට තිබුණේ තද බල මානසික පීඩනයකි. එනිසාම ඇය මානසික වාට්ටුවට ඇතුලත කෙරිනි. එදා සිට මයුමි depression හෙවත් විශාදයට බෙහෙත් ගත්තාය. මයුමි ගැන සොයා බලන්නට කිසිවෙක් නොසිටි නිසාම depression වලට නිවැරදි ප්රතිකාරයක් නොලැබුනි.
කෙසේ උවත් මයුරි ගෙදර අය සමග අඩ දබර පෙරසේම සිදුවිය. මයුමිට රෑට නිද යාමද අඩුය. මහා රෑ දෙගොඩ හරියේද මයුමි ගෙදර අයට රන්ඩු කලාය. මේ හේතු නිසා ගමේ අය කිව්වේ
“කෙල්ලට යකෙක් වැහිලා “
කියලා. මයුමිගේ නෑදෑයන් එකතුවෙලා මයුමිට සුව කරන්න සිතා බලි තොවිල්ද කලේය. ඒ එකකින්වත් මයුමිට සුවයක් නොලැබුනි.
මයුමිට ශරීරයේ නොයෙකුත් ලෙඩ ඇති බව පවසයි. නිතරම බඩ , ඔලුව, පපුව ආදිය රිදෙන බවත් පවසයි. මේ නිසාම වැඩි ආරක්ෂාවට මයුමි තාත්තාගේ අක්කාගේ ගෙදරට එයි.
මෙසේ කාලය ගත වුවත් ශරීරයේ වේදනාවන් සදහා බෙහෙත් ගන්න ගිය සෑම දිනම මයුමිගේ වෛද්ය වාර්තා බලා විශාදයට බෙහෙත් දුනි. එහෙත් දිගටම මේ බෙහෙත් ගත්තේ නැත.
මයුමි තනිවම සිටීම, කල්පනා කිරීම පුරුද්දට මෙන් කලාය. හේතුවක් නැතුව නිතරම අඩයි. මෙහෙම කාලයක් ගතවත්ම මයුමි ටවුමේ කඩේක වැඩට ගියාය. එම කඩේ ඇති වූ ආරවුලක් නිසා දවස් දෙක තුනක කෑ ගසමින් අඩමින් සිටියාය. ගෙදර අය සමහ නිතර රන්ඩු කර ගත්තාය. රන්ඩුව ඉවරයක නැති නිසාම මයුමිට නැන්දා හොදටම බනිනවා. මේ හේතුව නිසා මයුමි ගෙදරින් යන්නේය. අවසානයේ එයද අසාර්තක වීම නිසා පැනඩෝල් පානය කරයි.
විශාදය සමාජයේ කාන්තාවන්ට වැඩිපුරම වින කරන රෝගී තත්ත්වයකි. විශාදයේ ප්රබේද කිහිපයක් වේ. ඒ නිසා මෙම රෝගයට ගොදුරු වූ හැම රෝගියෙකුම එකම ආකාරයේ රෝග ලකෂණ පෙන්නුම් නොකරයි එක් එක් අය පෙන්නුම් කරන රෝග ලක්ෂණ විවිදාකාරය. කරයි.
විශාදයේ රෝග ලක්ශන..
*දුක් බර ගතිය
;උනන්දුව උද්යෝගය හීනවීම
*සාමාන්ය එදිනෙදා වැඩ කටයුතු කිරීමට එපාවීම
* හේතුවක් නොමැතිව ඇතිවන බිය.
*හිතේ සතුටක් නැතිකම
*ඇඩෙනසුලු බව
*මහන්සිය ඇතිවීම.
*ශාරීරික දුබලතා ඇතිවීම
*පසු තැවීම.
*ආත්ම ශක්තිය කීනවීම
*අධික කෝපය
*නින්ද අඩු වීම
*ජීවිතය එපාවීම.
*ජීවිතය නැතිකර ගැනීමට සිතීම.
විශාදය සදහා ඖෂද පතිකාර මෙන්ම මනෝ විද්යා උපදේශන හා මනෝ ප්රතිකාරද තිබේ. මේ සදහා එක දිගටම ප්රතිකාර ලබා ගැනීමෙන් සුව කර ගත හැකිය.
මනෝ විද්යා උපදේශනය හා මනෝ ප්රතිකාර ක්රමය විශාදය සදහා තවත් එක් සාර්ථක ප්රතිකාරයකි.
විශාද තත්වය උග්ර වූ විට හා පසු ප්රසව තත්ත්වයේ විශාදය තත්ත්වයේදී විද්යුත් කම්පන ලෙස හදුන්වන ප්රතිකාරයද භාවිත කරයි
කාලයක් තිස්සේ ඇතිවන මානසික පීඩනය නිසාද විශාද තත්ත්වයට පත්වේ. මයුමිට සිදු වී තිබුනේ එවැනි තත්වයකි. එසේම පිලිකා, හෘද්යාබාද, දියවැඩියාව,රුදිර පීඩනය ආදී දීර්ග කාලීන ප්රතිකාර ලබා ගන්නා අයටද විශාද තත්ත්වයන්ට ගොදුරුවීමේ අවදානම වැඩිය. ජානමය ආභාෂයයෙන්ද විශාද තත්වයට පත්වෙන බවට සොයාගෙන ඇත.
ඔබද ඔබේ සමීපතමයාද මෙවැනි තත්ත්වයකින් පීඩා විදින්නේ නම් මනෝ විද්යා උපදේශක හා මනෝ චිකිත්වක වටයකුගේ සහය ලබා ගත හැකිය.
                      ජේෂ්ඨ මනෝ විද්යා උපදේශක හා මනෝ චිකිත්සක.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!