අනේ උකේ.. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔන්න මේක අපේ කොල්ලෙක්ට කාඩ් එකක් වැටිච්ච සීන් එකක්.එකෝමත් එක දවසක මීට අවුරුදු ගානකට කලින් උනු සීන් එකක් . මට මතක හැටියට ඒක සැප්තැම්බර් මාසෙ දවසක්.
සීන් එක මේකයි.
අපි ඒ අදාල කොල්ලට දමිත් කියමුකො. පොර අපිත් එක්ක නැවතිල හිටිය එකෙක්. පොරගෙ ගෙවල් තියෙන්නෙ නුවර පැත්තට කිට්ටුව කදු මුදුනක. උදේට පට්ට මීදුම් හීතල අල්ලල හිටින ලොකේසන් එකක්. පොරගෙ ඒ දවස්වල මාර පෙරැත්තයක් තිබ්බෙ අපිව උගෙ ගෙදර අරන් යන්ඩ. හෙන පම්පෝරිය ඒ පැත්තෙ ලස්සන කියවල. අපිට නිවනක් නෑ. කොහොමහරි එක දවසක් මුගේ බලවත් ඉල්ලීමට කන්දීල අපි කොල්ලො හතර දෙනෙක් උගෙ ගෙදර යන්ඩ තීරනේ කොලා.
කොහොම හරි එදා සෙනසුරාද දවසක්. අපි හතර දෙනයි ඌයි පහයි සෙට් එකම ගියා උගේ ගෙදර. යනකොට උන්ගෙ ගෙදර තාත්තයි අම්මයි ඌ කියන විදියට උගෙ මුස්පේන්තු මල්ලියි උගෙ හුරතලී චූටි නංගී මග බලන් ඉන්නව. අනික් අය ගැන කෙසේ වෙතත් උගෙ පියතුමා ගැන වචනයක් නොකියා බෑ.
ඌ අපිත් එක්ක උගෙ පියතුමාව හිට්ලර් කෙනෙක් වගේ ඒකාධිපතියෙක් කියල තමා කිව්වෙ. ඒ තරම් සැරයි. ඌ උගෙ තාත්තගෙන් ගුටි කනවට වඩා හෙන හතක් ගහල තව දෙහෙකුත් ගහල මැරිල යනව සැපයි කියල තමා කියන්නෙ. ඉස්සෙල්ල නෙලල පස්සෙ ප්රශ්න අහන ජාතියේ. ඒ තරම් පණ බයයි මේක තාත්තට. උගෙ පියතුමාට ඌ වැරද්දක් කලොත් වයස අදාල නෑ. ලග පාත දෙයියො වැඩල හිටියත් වැරැද්දට දඩුවම් දෙනවලු. ඌ කියන විදියට උගෙ කෙල්ල ගෙදරට පෙන්නන්න එක්ක ගියපු දවසෙ කලින් දවසෙ හෝදපු නැති කෝප්පයක් හින්ද කෙල්ල ඉන්න තැන ගුටි කෑවා කියලත් කිව්ව. ඒක ඇත්ත වෙන්ඩැති කියල අපිට පසුවට මනාව පසක් උනා.
හරි කීවත් වගේ ලොකේසන් එක පට්ට. පොඩි කන්දක් වට කොරන් තියෙන ලොකු කදු ගොඩාක් තියෙන ඉතා අලංකාර ස්පොට් එකක් ඒක. උගේ ගෙදර තියෙන්නෙ අර පොඩි කන්ද මුදුනෙ. රෑට හොදට පායන කාල වලට මීදුම් නෑලු. අහසෙ තරුත් පේනවලු. ඒත් පොඩි හරි හිරි පොද වැස්සක් වැටුනොත් ලැට් එක හොයාගන්ඩවත් බැරි තරම් මීදුමලු. එතකොට මූත්රා බරක් ආවම ජනේල වන්දනාව කොරනවලු. මේ ඉතින් උගෙම වචන තමා.
ඒක නෙවේ කතාව.
ඒ දවසෙ රෑ උල්කාපාත වරුසාවක් වැටෙන්න නියමිත වෙලා තිබ්බ. ඒක දැනගත්තෙ දවල් නිව්ස් වලින්. පොර කෝමත් ඒවට හෙන ආස ඩයල් එකක්. පොත පතේ ටීවී එකේ තරු ගැන උල්කා ගැන පිටසක්වල ජීවියො ගැන හොයන ඒ ගැන සෑහෙන්ඩ දැනුමක් තියෙන බහුශ්රැත කෙනෙක්. කියල තමා හිතන් ඉන්නෙ. අපිත් එක්ක පිටසක්වල ජීවයක් තියෙනව කියල අපි නෑ කියල වලියක් පවා අල්ලපු එකෙක් හිතාගනිල්ලකො ඒ ඉත්තෑවගෙ තරම. අපේ වැඩේ ඉතින් ඌව අවුස්සන එක. හෙන ආතල්.
දැන් මූ ඕක දැනගත්ත වෙලේ ඉදන් මුට ඒක බලන්ඩ උණ. උගේ ගෙදර ගියවෙලේ ඉදන් ඒක ගැනමයි කියවිල්ල. මූ කියනව අපිට
“මම නිදාගන්නෙත් නෑ අඩෝ උඹලත් නිදාගන්ඩ එපා මාත් එක්ක සෙට් වෙලා බලමු. මං උඹලට ඒව ගැන කියල දෙන්නම්. මෙහෙට සුපිරියට පේනව කන්ද උඩ හින්දා. අතින් අල්ලන්ඩ ළඟින් යන්නෙ බලපංකො”
මුගෙ හිතේ මූ නාසා එකේ ගගනගාමියෙක් කියල. ඕක මුගෙ තාත්තට ඇහුනම එතුමා කියනව
” අනේ පුතේ ඕක බලන උල්කා. කයියනම් ගහයි. ඔන්න බලාන්කො ඕක දහය වෙද්දි නිදි නැද්ද කියල”
අපිට හිනා. ඒ කොච්චර විහිලු කලත් අපිට පෙනුනා. මුගෙයි තාත්තගෙයි තියෙන්නෙ පිය පුතුට වඩා යාලුවො දෙන්නෙක්ගෙ සම්බන්දයක් වගේ එකක් කියල. එහෙමත් හෙන ආතල්. හැබැයි වරදට දඬුවම.
ඔන්න දැන් තමා හොදම හරිය. රෑ දහයයි. උල්කා වරුසාව උච්චෙටම යන අවස්ථාව පාන්දර එකයි තිහයි කියල තමා නිව්ස් වලට කිව්ව. කොහෙද හරියටම දහය වෙනකොට එක පාරට වැස්සක් පාත් උනා. කීවත් වගේ අම්මට සිරි වෙයි මීදුමත් එක්ක ආපු සීතල. හකු පයිනව ඒ හීතලට.
වැස්සත් එක්ක මුට හෙන අවුල. ඇයි මීදුම් අස්සෙ මොන උල්කා බැලිල්ලක්ද. මූ කියපි.
“අඩේ බං අපරාදෙ වහිනවනෙ නැත්තන් උඹලට අපූරුවට බලන්ඩ තිබ්බා. දැන් ඉතින් නිදාගමු බං. දැන් ඉතින් බලන්ඩ වෙන්නෙ නෑ. උඹලට සෑහෙන චාන්ස් එකක් මිස් උනේ” කියල.
මූ උල්කාවක් කතා කරනව. හීතලට අපේ අහවල් එව්වත් එක්ක බොල් වෙන සීන් එකක්. අපි මූ පචදාසයෙක් හින්දා කිව්වෙ පච වෙන්ඩැති කියල සීතලට අඳින ඇඳුමක්වත් ගෙනල්ල තිබ්බෙ නෑ.
ඒ අස්සෙ පාන්දර එකට උල්කා බලන්ඩ කතා කරනව. අපිට කොටින්ම උවමනාව තිබ්බෙ නිදාගන්ඩ. වෙන කොරන්ඩ දේකුත් නැති එකේ. සෙට් එක නිදාගන්ඩ ගියා. සෙට් එකම හිටියෙ එක කාමරේ. මුගෙ ගෙදර තිබ්බෙ කාමර හතරයි. හැබැයි කාමරේ ලොකුයි. සෙට් එකේ තුන් දෙන්නෙක් ඇද උඩ. අනික් දෙන්නා බිම නිදාගන්ඩ සෙට් උනා.
අපි කෝම හරි කාමරේ දොර වහල තිබ්බෙ නෑ. ඔයින් මෙයින් මට හීතලේ නින්ද ගියෙත් නෑ. දමිතය නිදි. උගෙ ගෙදරනෙ. හුරුයිනෙ. මෙන්න පාන්දර එකට විතර කලුවරේම කාමරෙ දොර ඇරුනා. මොකෙක් හරි එනවත් ඇහුනා. එක පාරට එහා මුල්ලෙ හිටපු දමිතයව හොලව හොලව මොකෙක් හරි ඇහැරවන ගමන්
“අයියේ අයියේ අහස පැහැදිලි වෙලා.අන්න උල්කා වහිනවා එනව යන්ට බලන්ට” කියනව ඇහුනා.
එතකොට තමා මට තේරුනේ දමිතයගෙ මල්ලි නේද මේ කියල. මේ වැස්සෙ මොන උල්කාද ඩේ. මූ කියල තියෙනව මුගේ නොහොබිනා වැඩ ගැන. දමිතය එකපාරට නිදිමර ගාතෙම ඇහැරුන විත්තිය මට තේරුනා උගෙ කෙඳිරියෙන්ම. එක පාරට මට හිතාගන්ඩවත් බැරි උනා දමිතය නිදි මර ගාතෙම උගෙම වචන වලින් කීවොත්
“මොන #&$ත් උල්කාපාතෙට ගිහින් තෝ පුප දීපන් පරය. තෝ හු*#&$න් ” කියපි.
අම්මේ සාන්ත. දහසක් යක්කු ගස් නැගල බහින අර සුන්දර හිමිදිරි පාන්දර වෙලාවට යසට නින්ද ගිහින් හිටපු එකෙක්ව ඔහොම ඇහැරෙව්වාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ට බෑ නොවෑ. මම ආපු හිනාව බොහොම මාරුවෙන් නැවත්තගත්ත. මට හිනා ගියොත් මුට තව මල පනී කියල. කොහෙද මූ අනිත් පැත්ත හැරිලා ආයෙ නිදි.
ඔයින් මෙයින් මේකා මේක කියපු ගමන් අරූ මලයා ආපහු දුවනවා ඇහුනා.
“තාත්තේ තාත්තේ අයියා මට උල්කාපාතෙට පුප දීපන් කිව්වා” කිය කිය.
පොඩි එකානෙ හැබැයි මුස්පේන්තුවෙක් තමා.
අරූට අර ගැම්මටම නින්ද ගිහින් ආයෙත්. ඒකට නින්ද ගියොත් ගියාම තමා.
මට පැහැදිලවම ඇහුන කවුරු හරි අඩියට දෙකට කාමරේට එනව. කාමරේ ලයිට් ඔන් උනා.
පොඩ්ඩක් ඔලුව උස්සල බලපු ගමන් මම දැක්කෙ දමිතයගෙ හිට්ලර් පියතුමාව. කෙලින්ම ඇද ලගට ආව. සද්දෙ විතරයි ආවෙ හුත හුතෑස් චට පටාස් ගාල අර වැටෙන්ඩ තිබ්බ උල්කා වලින් කොටහක් මුගෙ පිට මැද්දට පත බෑව්වා පියතුමා. ඇහුන විදියට උල්කාපාත හත අටක්ම උච්ච අවස්ථාවට කලින්ම ඇද වැටුණා. මට සේරටම කලින් හිනාවක් ආව ඒමක් ආයෙ මං හිතුවෙ මැරිල යයි කියල ඒක නවත්තගන්ඩ ගිහින්.
“තෝ නැගිටපිය. මොනවද අර පොඩි එකාට මේ පාන්දර කිව්වෙ තෝ. තෝව මම පට්ට ගහනව දැනගනින්. රෑ හින්දා ඉවසනව නැත්තන් තොට ඉන්ඩ වෙන්නෙ කුකුල් කොරටුවේ. හෙට එලි වෙද්දෙන්කො තොට මං යස වැඩේ කොරන්ඩ”
කියල ටොක් ගාල ඔලුවට ටොක්කකුත් ඇනපි. වෙන මොකවත් කීවෙ නෑ. ආයෙ කියන්ඩ දෙයක් තියෙනවෑ. ඒ අස්සෙ උගෙ මලය දොර ලඟ ඉදන්
“තොට යස වැඩේ. ඔය දුන්නෙ පුප තෝ”
කියල මුස්පේන්තු මජර හිනාවක් දාගෙන දුවපි පියතුමා පස්සෙන්ම. මට එවෙලෙ තමා තේරුනේ තාම හය වසරෙ ඉන්න උට ඇයි දමිතය මුස්පේන්තුව කියන්නෙ ඇයි කියල. මේකා හවස ඉඳන්ම මේක ප්ලෑන් කොරලද කොහෙද.උගෙ ප්ලෑන ඇහැරවන එක විතරක් වෙන්ඩ ඇති. ඒත් දමිතයගෙ කට හින්ද නහින වැඩක් උනේ.
දමිතය හම්මේ සාන්ත උට නිකන් මහසෝන ඇහැරවල කියල ගහල ගියා වගේ. ඌ තාම දන්නෙ නෑ මොකද්ද ඒ උනේ කියල. පියවි සිහියට එන්ඩ පැය බාගයක් විතර ගියා. මම තමා සීන් එක කිව්වෙ. මූ දන්නෙත් නෑලු එහෙම එකක් කිව්ව කියල. දනීවෑ සිහියක් පතක් නැතුව නිදිමර ගාතෙනෙ කිව්වෙ. උගෙ මූන බලපු මට හුකෑස් ගාල පශ්චාත් බාගෙනුත් එක්ක හිනා ගියා. උගෙ මූන නිකන් අර අතු හතර පහකට පතබෑවුනු වැල ගෙඩියක් වගේ. කොන්ඩෙ එහ්ව්ම විසිරිලා ගිහින්. අනිත් උන් ටිකත් ගන්ඩ දෙයක් නෑ පැයක් විතර හිනා උනා.
එවෙලෙම මොහොතක් ගියේ නෑ. උට කාඩ් එකක් වැටුණා “උකා” කියල. උකා කිව්වෙ උල්කාව කෙටි කරල. එදා ඉදන් ඕක අපිත් එක්ක ඔය මොක හරි එකක් කියවගෙන එනකොට අපි කියන්නෙම
“අනේ උකේ තෝ කට වහන් පලයන් දාන්නෙ කුකුළු කොරටුවට ” කියල.
ඒක කීව ගමන් පොර සයිලන්ට්. නෝ කතා නෝ සිනා. අපිට ඔරවල කුනුහරුපෙනුත් එක්ක බැනගෙන මාරු වෙනව. ඔන්න ඕකයි කාඩ් එකේ කතාව. සිද්ධිය සිරාය. නම හිතලුවකි. උකාට උපහාර පිණිසයි.
උපුටා ගැනීම: Samitha B. Jayawardhana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!