අනිත් Drama Networks වල නැති මේ OCN Drama වල තියන විශේෂත්වය මොකක්ද ? (විනෝදාස්වාද )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හුග කාලෙකින් මේ වගේ පෝස්ට් එකක් ගේන්නෙ..🙂කොහොමහරි අද කියන්න යන්නෙ මගේ Fav ම Drama Network එක වෙන #OCN ගැන..කොටින් ම කියනවා නම් OCN Drama එකක් කිව්වොත් අත අරින්නෙ නැති තරම්..ඒ තරම් කැමති Korean Drama Network එකක් තමා OCN කියන්නෙ..ලංකාවේ අය වගේම කොරියාවෙත් ගොඩක් අය OCN Drama වලට ලොකු කැමැත්තක් දක්වනව…ඉතින් ඇයි මෙච්චර OCN Drama වලට ගොඩක් අය කැමති ? අනිත් Drama Networks වල නැති මේ Drama වල තියන විශේෂත්වය මොකක්ද ? මේ පෝස්ට් එකෙන් කියන්න යන්නෙ ඒ ගැන..
ප.ලි – මුලින් ම කියන්න ඕන මම අනිත් Drama Networks වලට Drama වලට කැමති නැතුව නෙමේ..මම වැඩියෙන් ම කැමති Drama Network එක තමා OCN කියන්නෙ..🖐️
හේතු ගැන කියන්න කලින් මම මේ OCN කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරලා ඉන්නම්…OCN කියන්නෙ දකුණු කොරියාවෙ තියන Cable Network එකක්..මේ Cable Networks කියන්නෙ මේක නම් ගොඩක් අය දන්නවනෙ..ඔය HBO , Cinemax , Discovery , Cartoon Network වගේ චැනල් එකක්..සරලවම කිව්වොත් සාමාන්ය ඇන්ටනා වලින් මේවා බලන්න බෑ..😅ඔය ලංකාවේ Dish Tv , Dialog , Peo වගේ ඕනෙ..
ඉතින් OCN කියන්නෙ Orion Cinema Network කියන එක කෙටි කරලා..මේක මුලින් ම පටන් ගන්නෙ Movie Channel එකක් විදිහට..Drama වලට එන්න කලින්..මුලින් ම චිත්රපට වලට මුල් තැන දුන්න නිසා අනිත් Drama Network එක්ක බලද්දි බොහොම අඩු Drama සංඛ්යාවක් තිබ්බත් පස්සෙ අලුත් අලුත් Drama නිර්මාණය කරන්න පටන් ගන්නවා..( හිතන්නකො OCN කියන්නෙ දකුණු කොරියාවෙ HBO වගේ කියලා 😅 )
අනිත් Drama Network අතරින් OCN Drama වෙනස් වෙන්නෙ එයාලගෙ කැටගරි එකෙන්..අපි ගත්තොත් TvN , JTBC , MBC , KBS වගේ Drama එයාලා Romance , Rom-Com , Mystery , Thriller , Crime ඔය වගේ හැම කැටගරි එකේම Drama නිර්මාණය කරනවා..හැබැයි OCN ලා සම්පූර්ණයෙන් ම වෙනස්..මෙයාලා හදන්නෙ Horror , Mystery , Thriller , Crime , Supernatural ඔය කියන කැටගරි වලින් විතරයි..ඒකෙන් කියන්නෙ නෑ OCN ලගෙ Romance කැටගරි එකේ Drama නෑ කියලා..ඔය My Secret Romance , My First Love වගේ Romance කටගරි එකෙන් එහෙමත් Drama නිර්මාණය කරලා තියනවා..හැබැයි 97% ක් වගෙ උඩ කිව්ව කැටගරි එකෙන් තමා නිර්මාණය කරන්නෙ..
1) Crime කැටගරි එකේ Drama වලට වැඩියෙන් ම Addicted වුනේ මේ OCN Drama වලින් කියලා කියන්නම ඕන..
OCN Drama කියන්නෙ ගොඩක් Dark Tone එකෙන් යන Drama..ඒ වගේම අපරාධ කියන්නෙ මෙයාලගෙ Main Point එක..OCN ලගෙ Fantasy යක් වුනත් මෙයාලගෙ Main Theme එක වෙන්නෙ Dark Theme එක…වෙන Network එක්ක බලද්දි OCN Drama වල Violence ගතිය වැඩී..Crime Genre එකේ Drama හොයන කෙනෙක් ට හොදම Option එක තමා OCN Drama !
2) OCN ලගෙ Cinematography
OCN ලගෙ Cinematography වල විශේෂ දෙයක් තියනවා..ඒකට හේතුවක් වෙන්න පුළුවන් මෙයාලා මුලින් ම Movie Channel එකක් වීමත්..ඒකනෙ OCN Dramatic Cinema කියන්නෙ..🙂OCN Drama බලපු අය අනිත් Drama Network වල Cinematography එක්ක බලද්දි ලොකු විශේෂත්වයක් පේනවා දකින්න ඇති..කැමරා ඈන්ගල් , Background Colors එහෙම OCN Drama වලටම ආවේනික Colours තමා තියෙන්නෙ….OCN Drama බලන අයට ඒක හොදින් බලාගන්න පුළුවන්..
3) OCN Drama Hard Topics , Violence වලින් ඈත් වෙන්නෙ නෑ..
OCN ලා වෙන Drama Network එකක හොද නොවන අන්තර්ගතයනුත් Broadcast කරනවා..ප්රචණ්ඩත්වය , කරදරකාරී දර්ශන වැඩියෙන් ප්රේක්ෂකයන් ට දෙනවා..OCN Drama මේ තරම් Dark වගේම හොදට කරන්නෙ ඒ නිසයි..අපේ ලෝකයේ තියන අපරාධ වල තියන කටුක යථාර්ථය OCN පෙන්නන්න පසුබට වෙන්නෙ නැතුව නිර්මාණය කරනවා…
හොදම උදාහරණය මම නම් කියන්නෙ OCN ලගෙ Most Popular Drama එකක් වෙන #Voice 1 Drama එක..ඒකෙ ගොඩක් සිදුවීම් සත්ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරපුවා..ඉතින් OCN ලා මේ අපරාධ වල යථාර්ථය නොවෙනස්ව තියාගන්න ප්රචණ්ඩත්වය තාත්ත්විකව පෙන්නන්න තීරණය කරලා තියනවා..ඒ නිසාම තමා ඒ ඩ්රාමා එක ගොඩක් ම ජනප්රිය වුනෙත්..
4) Storylines සහ Plot මාරම Unique මේ OCN Drama වල..
OCN ලගෙ Storylines සුපිරි වගේම Unpredictable..ඇමතුම් මධ්යථානයක වැඩ කරන සුපිරි සවන්දීමක් තියන කාන්තාවක් අපරාධ විසදන්න උදව් වෙන Kdrama ගැන අහලා තියනවද ? ඒ වගේම Guest / Priests වගේ තනිකරම Exorcism / Shaminism Based වුන Kdrama වගේ මීට කලින් කිසිම නාළිකාවකින් නිර්මාණය නොවුන කතා OCN ලා නිර්මාණය කරනවා..ඒ නිසාම තමා OCN Drama විශේෂ වෙන්නෙ..ඒ වගේම OCN ලා එයාලගෙ Topics එක්ක අවධානම් ගන්නවා..
5) OCN Drama වල OTS 👌😍
OCN ලගෙ Crime / Thriller OST වල අමුතුම ගතියක් තියෙන්නෙ..මේ OST වලට වෙන Kdrama වල දකින්න නොලැබෙන Music Parts වගේම වැඩිය ප්රසිද්ධ නැති Artists ලා අරගන්නෙ..Crime Drama වල OST මගේ Fav ලිස්ට් එකේ තියනවා..
6) OCN Drama ගොඩක් ම එපිසෝඩ් ප්රමාණය අඩු Drama
OCN Drama හැම එකකට සාමාන්ය Kdrama Episode සංඛ්යාව වෙන Episode 16 ක් නෑ..සමහර ඒවා 12 යි සමහර ඒවා 10 යි..මේක බලන කෙනෙක් ට සමහර වෙලාවට ලේසියි..එපිසෝඩ් 10 ක Drama එකක වුනත් මුළු කතාවම ගානට බැලන්ස් කරලා දෙනවා..
7) කුතුහලය
OCN Drama වල තියන තව විශේෂත්වය ක් තමා කුතුහලය..මේවගෙ කුතුහලය උපරිමයි..එක එපිසෝඩ් එකක් බලලා නවත්තන්න හිතෙන්නෙ නැති තරම්..ඔක්කොම එකදිගට බලන්න හිතෙනවා..ඒ තරම් කුතුහලයක් OCN Drama වලින් ප්රේක්ෂකයාට දෙනවා..
ඉතින් මේ හේතු ටිකක් මම OCN Drama වලට කැමති වෙන්න..තව ගොඩක් දේවල් තියනවා කියන්න නම්..පෝස්ට් එක තව දික් වෙන නිසා මෙතනින් නවත්තන්නම්..
OCN Drama බලන්න කැමති කෙනෙක් ට මම නම් මුලින් ම Recommend කරන්නෙ..
– Tunnel
– Voice
– Guest
ඔය තුන..හැබැයි OCN කොච්චර Thriller Drama ආවත් තාමත් මගේ Fav List එකේ මුලින් ම තියෙන්නෙ TvN ලගෙ #Signal Drama එක..ඉස්සරහට මේක වෙනුවට Replace වෙන OCN Drama එකක් එන්නත් පුළුවන්..OCN අනිත් Drama Network වලට වඩා වෙනස් නිසා තමා මේ විදිහට පොඩි හැදින්වීමක් ගෙනාවෙ….🖐️
උපුටා ගැනීම:  Sithum Ishara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!