ගුරුවරයකුට පුලුවන් තමන්ගේ එක වචනයකින් දරුවෙක්ගේ ජීවිතය වෙනස් කරන්න.
මේකත් ඒ වගේ කතාවක්.
මම එතකොට 8 හිටියේ. ගණිතය විෂයට අතිශය දුර්වලයි. කොච්චර දුර්වලයි ද කියනවා නම් එක වාර විභාගයක ගණිතයට ලකුණු 7 යි. ඊට ටික දවසකට පස්සේ දෙමාපිය රැස්වීම. මම දැනගත්තා එදාට නම් බේරිල්ලක් නැති දවසක් , ගණන් මිස් මග අරින්න විදියක් හොය හොය හිටියේ. ඒත් මග අරින්න බැරි උනා කර මුලටම අහු උනා.
අප්පච්චීත් එක්ක මිස්ට කතා කරන්න ගියේ පරාන බයකින්. මිස් හොඳට හිනා වෙලා වාඩි වෙන්න කිව්වා මම හිතුවේ නැහැ මිස් හිනා වෙයි කියලාවත්,
” ආ මෙයාට ගණන් පුලුවන්, හිටපු ගමන් ලකුණු ටිකක් අඩු වෙනවා හැබැයි බැරි ලමයෙක් නෙවෙයි, මෙයා අල්ල ගනී බය වෙන්න එපා ඔයාට පුලුවන් පුතා”
මට උන් හිටි තැන් අමතක උනා හිතන්න ලකුණු 7 ට මෙහෙම ප්රතිචාරයක්, මගේ ජීවීතේ කවදාවත් අමතක නොවන දෙමාපිය රැස්වීම ඒක. ඒ දිරි ගැන්වීම අවසන් වාර විභාගයට ලකුණු 57 දක්වා වැඩි කර ගන්න හැකි උනා.
එදා සිට අද දක්වා මම විශ්වාස කරනවා ගුරුවරයකුගේ එක වචනයකට පුලුවන් දරුවෙක්ගේ ජීවිතය වෙනස් කරන්න. ඔබ ගුරුවරයෙක් නම් ඔබෙන් පිටවන වචන ගැන සැලකිලිමත් වන්න. කෙනෙක්ගේ ජීවිතය වෙනස් කිරීමේ බලයක් ඒ වචනවලට තියෙනවා.
මාව ලකුණු 7 න් උඩට ගත්ත, මා අද යම් තැනක සිටීනම් එතනට යන්න උදව් කල එක් පඩියක් වන්නේ 8 වසරේදී මට ගණිතය ඉගැන්වූ ඇයයි. ඒ අනෝමා ගුරුතුමියයි.ස්තූතියි මිස්….
උපුටා ගැනීම: -උත්පලා මනතුංග-