අන්තරේ (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මේ ඇහුණයි , පුතාගෙ වැඩ ගැන ටිකක් හොයල බලන්න වෙයි”
“අර මොකෝ ? “
“ඒ ලෙවල් ඉවර කරන්නත් කලින්ම ඉඳන් අන්තරේට සම්බන්ධ වෙලා වගේ. මට ඇහුණා ඊයෙ යාලුවො කට්ටිය එක්ක අන්තරේ ගැන බර සාකච්ඡාවක් කරනවා. එකතු වෙලා පාඩම් කරනව කියල ඇවිත් කට්ටිය කරන්නෙ ඕවා තමයි”
“අන්තරේ කියන්නෙ මොකක්ද ?”
“ඇයි වදේ ? මොන ලෝකෙද ඉන්නෙ. අර රැවුල් වවාගෙන හඩුවට ඉන්න කාලකණ්ණි හපුටු පෙනුමක් තියෙන ඉලන්දාරි රංචුව. නිතරම පාරවල් වල රස්තියාදුව උද්ඝෝෂණයි අරවයි මේවයි ගගා. පොලීසියෙන් තමයි මාසෙකට සැරයක් විතර ඕකුන්දලව නාවන්නෙත්”
“හැබෑට මේ අපේ එකත් එවුන් එක්ක පංගාර්තු වෙලාද ? මේකව කොටියා කාල ඒ කොටියව තව කොටියෙක් කන්න එපැයි. කෝ මේකා. මෙහෙට වර “
—–+++++++++++++++++++++++++ —————
“හැබෑද මේ කියන කතාව ? තෝ හිමිජ්ජා වගේ ඉඳන් අන්තරේට සම්බන්ධ වෙලාද ? කතා කරපිය. පන්ති යනවා කියල කරන්නෙ මේවද ?”
“හෑ ? අන්තරේට ?? කවුද කිව්වෙ එහෙම එකක් ?”
“ඇත්ත කියපිය. ඊයෙ පාඩම් කරනව කියල ඇවිත් හිටපු කොල්ලො එක්ක අන්තරේ ගැන සකච්ඡා කර කර හිටිය නේද ?”
“ආ ඒ, වර්ග දෙකක අන්තරේ ගැනනෙ අපි කතා කරේ”
“වර්ග දෙකක අන්තරේ තමයි බොල. ඔය අන්තරේ එව්වො දිව දෙකේ දෙපිටකාට්ටුවො . වර්ග දෙකක් නොවෙයි ඔව්වෝ වර්ග 10ක 15ක එව්වො”
“නෑ නෑ , එක්ස් වර්ගය රින වයි වර්ගය සමානයි එක්ස් ධන වයි එක්ස් රින වයි ගැන අපි කතා කළේ”
“එක්ස් කියන්නෙ කුණුහබ්බ ෆිලුම් නෙ. ධන මොකක්දො වාදයක් ගැන කියවල තමයි ඔය අන්තරේ එව්වො කොල්ලන්ගෙ ඔලු අවුල් කරල දැලේ දා ගන්නෙ. වයි කියන්නෙත් මොකක් හරි අලුත් කුණුහබ්බක් වෙන්න ඇති”
“නෑ , නෑ , මේක මේ ගණිතමය ………..”
“කට වහපං. මීට පස්සෙ පන්ති යන්න ඕනි නෑ. ඉගෙන ගන්න දෙයක් ඉස්කෝලෙන් ඉගෙන ගං. ඉස්කෝලෙ ඉවර වෙච්ච ගමන් ගෙදර එන්න ඕනි වෙන කොහේවත් යන්න බෑ”
“පන්ති නොගිහින් කැම්පස් …..”
“ඔය කැම්පුස් අර පුස් මේ පුස් වලින් වැඩක් නෑ. තෝ ඒවට යන්න ඕනි නෑ. ගෙදරට වෙලා වත්ත පිටියෙ තියෙන වැඩක් බලං කාබනික වගාවක් කරගෙන හිටපිය”
උපුටා ගැනීම: Chanaka Aruna Munasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!