අන්තිම මාසය 100%ක් ඵලදායී ලෙස ගත කරමු.ලකුණු වැඩි කරගමු.

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඒලවෙල් පන්තියට මුලදි අරගෙන එන හීන අරමුණු බලාපොරොත්තු , ගොඩාක් අයට විභාගයට ලං වෙනකොට නැතිවෙලා යනවා.විශේෂයෙන්ම විභාගයට තියන අන්තිම මාසෙදී ජීවිතෙම එපා වෙලා වගෙ තමයි හැසිරෙන්නෙ.අපරාදෙ කලින් වැඩ කරන්න තිබ්බෙ, අනේ තව මාස තුනක්වත් අඩුම තරමෙ තිබ්බානම්, එක්කො ඊලග අවුරුද්දෙම පාඩම් කරලා හොදට ලියනවා වගෙ බොරු තර්ක හිත හිත වැඩ කරන්න තියන කාලයත් ගොඩාක් අය නාස්ති කරගන්නවා.

අංක එක

ඔයා ක්ලාස් ගියා නම් ඉස්කෝල් ගියා නම් අඩුම තරමෙ කියලා දීපු දෙයක් අහගෙන හරී හිටියනම් දැනුම කියන දේ ඔයාගෙ ඔලුවෙ තියනවා.ඒ නිසා ඉස්සෙල්ලම අපරාදෙ කලින් වැඩ කරන්න තිබ්බෙ කියන ඍණාත්මක සිතුවිල්ල අයින් කරගන්න. 

දෙවනියට 

දැන් ඔයාට මාසයක් හරි තියනවා.හරියට වැඩ ටික කළමනාකරණය කරගත්තොත් මාස පහක දහයක වැඩ වුනත් එක මාසයකින් කරන්න පුලුවන්. ‘ගිය හකුරට නාඩන්නෙ තියන හකුර රැකගන්නෙ’..

තුන්වෙනියට 

ඊලග වතාවෙ හොදට පාඩම් කරලා ලියන්න හිතාගෙන ඉන්නවනම්… කියන්න කණගාටුයි ඔයා ඉන්නෙ ලොකු මායාවක.ඊලග වතාවෙ ලියනකොට මෙ අවුරුද්දෙ තරම්වත් වැඩ කරන්න හිතෙන්නෙ නැතිවෙන්න පුලුවන්.අනිත් දේ තමයි මෙ දැන් රටේ ලෝකයෙ තියන තත්ත්වයත් එක්ක ඉස්සරහට මොන දෙයක් වෙයිද කියන්න බැහැ.දැන් ඔයාගෙ සිටුවේෂන් එක හරිම සාමකාමීව තියන එකෙ මේ වතාවෙ මගෙ උපරිමය කරනවා කියලා හිතාගන්න.

student
අන්තිම මාසය 100%ක් ඵලදායී ලෙස ගත කරමු.ලකුණු වැඩි කරගමු.

මාසයකින් පුලුවන් ද අපිට උපරිම ප්‍රතිඵලයකට යන්න ? 

 

මම දන්න කෙනෙක් හිටියා.මෙයා දෙවනිවරට කලා විෂය ධාරාවෙන් ඒලවෙල් විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙලයි හිටියෙ.ගිය වතාවෙ නොකරපු අලුත් විෂයකුත් එකතු කරගෙන  වෙනත් යහලුවෙක්ගෙන් නෝට්ස් ඉල්ලගෙන මාසයකටත් අඩු කාලයකින් වැඩ කරපු මෙයාට විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිකරගැනීමෙ හැකියාවකුත් ලැබුණා. 

ඒලවෙල් කරපු ලමයින් අධ්‍යයනය කලොත් අපිට මේ වගෙ කතා ගොඩාක් අහන්න පුලුවන් වෙනවා. මගෙ මතය නම් මේ අන්තිම මාසයෙන් තමයි ඔයාගෙ ප්‍රතිඵලය කොහොම එකක්ද කියලා හොදටම තීරණය කරන්න පුලුවන් වෙන්නෙ. 

අපි හිතමු මෙහෙම.ඔයාට තව විභාගයට දවස් 25ක් තියනවනම්, ඔයා දවසකට එක් විෂයයකට ලකුණු පහක් ගානෙ වැඩි කරගන්න කටයුතු කලොත් අනිවාර්යයෙන්ම ඔයා හිතන තරම් ඉහලම ප්‍රතිඵලයකට යන්න පුලුවන්. කොහොම වුනත් මේ අන්තිම මාසය ඔයා ගොඩාක් හොදින් කළමනාකරණය කරගන්න ඕන.

අන්තිම මාසයෙන් උපරිම වැඩ කරලා ඉහලම ප්‍රතිඵලයකට යමු 

 

ඉස්සෙල්ලම ඔයාට තියන ප්‍රධාන විෂයන් තුනෙ පාස්ට් පේපර්ස්, නෝට්ස් හරියට පිලිවෙලකට තියාගන්න ඕන. ඔයාගෙ මේසය ටිකක් පිලිවෙලකට හදාගන්න.පහසුවෙන් පේපර්ස් නෝට්ස් හොයාගන්න පුලුවන් විදියට. ඔයා ලග අවුරුදු පහකට ආසන්න පාස්ට් පේපර්ස් ටිකක් තියාගන්න. දැන් ඔයා තනිකරම නෝට්ස් පාඩම් කරන්න යන්න එපා.ඒ වෙනුවට පාස්ට් පේපර්ස් වලට පුහුණු වෙන ගමන් ක්‍රමයෙන් විෂය කරුණු ආවර්ජනය කරගන්න. 

past papers
අන්තිම මාසය 100%ක් ඵලදායී ලෙස ගත කරමු.ලකුණු වැඩි කරගමු.

අපිට දැන් මොනදේටත් වඩා වටින්නෙ කාලය. කාලය හරියට කළමනාකරණය කරගත්‍තොත් ඔයාට ලොකු වැඩ කොටසක් මේ කෙටි කාලයෙන් කරගන්න පුලුවන්. දැන් ඔයා හදාගන්න ඕන පුංචි කාල සටහනක්.ඔයාට මේක හදාගන්න අවබෝධයක් නැත්තම් යහලුවෙක්ගෙන් උදව් ලබාගන්න.

ඔයාට නිදිමත නැතිව ෆිට් එකෙ ඇහැරිලා ඉන්න පුලුවන් වෙලාවන් ටික වෙන් කරගන්න.මේ වගෙ ෆිට් වෙලාවට ඔයාට ටිකක් බෝරිං වගෙ විෂය කරුණු පාඩම් කරන්න දාගන්න. ඔයාට ටිකක් බෝරිං වගෙ වෙලාවට ආසම විෂයන් පාඩම් කරන්න දාගන්න.

දැන් ඔයාට තියෙන්නෙ මාසයක කාලයක්.ඉතින් ඔයා මට පොරොන්දු වෙන්න ඕන කැපවීමෙන් ඔයා හදාගත්ත කාල සටහන අනුව වැඩ කරනවා කියලා. 

ඔයා හදාගත්ත කාල සටහනට අමතරව ඔයාට වෙලාව වෙන් කරන්න වෙනවනෙ නාන්න,කන්න එහෙම. ඔයාට මේ වෙලාවත් හොද ප්‍රතිඵලයක් වෙනුවෙන් යොදාගන්න පුලුවන්.අතිශයින්ම වැදගත් කරුණු ටික මතක තියාගන්න පාඩම් කරන්න පුලුවන්.පොඩි කටුකොල හො නෝට්ස් කොල වල ලියාගෙන මේ අමතර කාලය තුල කියවගන්න පුලුවන්.

සමීකරණ ,කවි,සූත්‍ර වගෙ මතක තියාගන්න ඕන වැදගත් දේවල් කාඩ් වල ලියාගෙන නිතර අතෙ තියාගෙන ආවර්ජනය කරන්න පුලුවන්.

sticky notes
අන්තිම මාසය 100%ක් ඵලදායී ලෙස ගත කරමු.ලකුණු වැඩි කරගමු.

කොලවල ලියාගෙන බිත්තියෙ අලවගෙන කාමරයෙ ඉන්න වෙලාවට නිතර නිතර මතක් කරගන්න.

ඔයා මේ මාසය වැඩ කරන්න ඕනෙ පුලුවන් තරම් පාස්ට් පේපර්ස් ඔස්සෙයි.ඔයාගෙ ටාර්ගට් එක වෙන්න ඕනෙ දවසකට ලකුණු අඩුම පහක් වත් එකතු කරගන්නවා කියලයි.

මොන දෙයක් කලත් කෙනෙක්ට අංක එකට තියෙන්න ඕනෙ උනන්දුවයි දැඩි කැපවීමකුයි විතරයි.ඉස්සෙල්ලම වැඩ පටන් ගන්නත් කලින් හිතට දැනෙන හොද අරමුණක් හදාගන්න.ඊටපස්සෙ හොදට කාලය කළමනාකරණය කරගෙන් වැඩ කරන්න පටන් ගන්න. ඔබට ජය.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!