අපේ ගමේ චතුරංග සහ ඉසුරු කියලා කොල්ලෝ දෙන්නෙක් නීති විරෝධී පෙති වගයක් ළඟ තබාගැනීමේ වරදට අවිස්සාවේල්ල පොලිසිය විසින් නඩු පවරනු ලැබුවා.
පොලීසියෙන් ඔවුන්ව උසාවි ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය සෙනසුරාදාය. අත්අඩංගුවට පත්වූ දෙදෙනාගෙන් එක් අයකු මගේ අසල්වැසියෙකු විය. මෙම අසල්වැසි කොලුවාට ඒ මොහොතේ ඇප දීමට ඉදිරිපත් වීමට කෙනෙක් නොමැති වූ හෙයින් ඔහුගේ මව විසින් කරන ලද කාරුණික ඉල්ලීමකට අනුව, උණකට හෙම්බිරිස්සාවකට වත් පෙනඩෝල් පෙත්තක් නොබන මට තහනම පෙති වෙනුවෙන් ඇප දීම සඳහා ඉදිරිපත් වීමට සිදුවිය.
අනෙක් තරුණයා වෙනුවෙන් ඇප දීමට පැමිණි මලිත් සොයුරාටත් මටත් උසාවිය අසල උදේ නමය හමාරේ සිට දහවල් 12:30 වන තෙක් කට්ට කාගෙන සිටින්නට සිදුවිය.
එහිදී තවත් නඩුවකට ඇප දීම සඳහා වයස අවුරුදු හතළිහක පමණ ගැහැණියක් සහ ඔහුගේ මවද එම ස්ථානයට පැමිණියාය.
ඔවුන් පැමිණියේ කුමන හේතුවක් සඳහා ඇප දීමට ද යනුවෙන් මා විසින් විමසූ විට ඔවුන් ඇප දීම සඳහා පැමිණි හේතුව මොන තරම් හිරිකිත එකක් වුණත් එය නොපැකිලිව පැවසූ ඔවුන් අප පැමිණියේ කුමක් සඳහා ඇප දීමට ද යනුවෙන් පෙරළා ප්‍රශ්න කරන්නට විය.
තහනම් පෙති ළඟ තබාගැනීමේ වරදට හසු වූ අයෙකුට ඇප දීම සඳහා පැමිණියේ යැයි කීමට පොඩි විළිලැජ්ජාවක් එහිදී මට ඇතිවිය. එම නිසා මම ඔවුනට බොරුවක් කියනවා වෙනුවට ඇයගේ ප්‍රශ්නයෙන් මගහැර යාම සදහා මොනවා හෝ කියනවා යනුවෙන් සිතාගෙන කියන්නට වූයේ
අපේ ගමේ කොල්ලො දෙන්නෙක් ගිය පොයට සිල් ගන්ඩ ගිහින් තියෙනවා. එහිදී ඔවුන් සිල් පවාරණය කිරීමට පෙර පන්සලෙන් ඇවිත් තිබෙනවා. සිල් පවාරණය නොකර පන්සලෙන් පැන අාපු නිසා එම පන්සලේ හාමුදුරුවන් විසින් ඔවුන්ට නඩුවක් දාලා තියෙනවා. ඒකට ඇප දෙන්න තමයි ආවේ කියලා මම කිව්වහම හරි පුදුමයෙන් වගේ මගේ කතාව අහගෙන හිටපු වයසක අම්මන්ඩි කම්පාවෙන් වගේ ඇහනවා කොයි පන්සලේද ඔය සිදුවීම් වුනේ කියලා.
එතකොටම මට කියවුනා මානියංගම පන්සලේ කියලා. එවිට අනික් ගැහැණු කෙනා ඇහුවා මේ ළඟ තියෙන මානියන්ගම පන්සල ද කියලා.
මම කිව්වා නෑ මේ මානියන්ගම නෙමෙයි කියලා. එවිට අනිත් ගැහැණු කෙනා ඇහන්ඩ ගත්තා දැන් එතකොට හාමුදුරුවොත් මෙතනට එනවද කියලා. අදනම් හාමුදුරුවන් එන එකක් නෑ. නඩුවට එයි. කියලාකියලා මම කිව්වා.
බලන්නකො හැබෑටම මේ ළමයි දෙන්න කරල තියෙන වැඩේ කියලා ඒ ගැහැනු දෙන්නා විසින් දිගටම හරට අපෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්විට තවදුරටත් එම ප්‍රශ්න වලට පිලිතුරු දිය නොහැකි නිසා අපි එතනින් ඉවත් වී ඔවුන්ව නොපෙනෙන තැනකට යන්නට සිදුවිය.
රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප වලට අත්සන් කෙරූ අප උසාවියෙන් එළියට එන විට ද අර ගැහැණුන් දෙදෙනා අපගේ සිදුවීම පිළිබඳව මහත් පුදුමයෙන් තවත් අය සමග කතා කරනවා ඇසුණු අප උසාවි භූමියෙන් එළියට ආවේ දුවගෙනමය.
එසේ පැමිණි අපි උසාවියට ටිකක් එහායින් තිබෙන කඩයකින් තේ කෝප්පයක් බොන ගමන් කතා කරන්නට වූයේ අප සමඟ කතාබහට වැටුණු අවුරුදු හතළිහක පමණ වූ ගැහැනිය ලග හොඳ ස්මාට් ෆෝන් එකක් තිබුණු අතර ඇය එතැනට ගිය වෙලේ සිට ෆේස්බුක් පිටුව තුළ එහා මෙහා ගමන් කරනවා දුටු අප සිතන්නට වූයේ ඒ තුළින්වත් ඇය පවතින බොරුව හා මායාව තුළින් යම් හෝ සරල සත්‍යතාවයක් දැකීමට වත් ෆේස්බුක් පිටුව ඇයට ඉවහල් නොවුනේ මන්ද යනුවෙන්ය.
එහිදී මා සමග සිටි මලිත් සොයුරා කිව්වේ හරි අපූරු කතාවක් ය.
ප්රසන්ජිත් අයියේ ෆේස්බුක් කියලා අපි රිංගගෙන ඉන්නේ අනුන්ගේ තාක්ෂණික අගුපිලක. එම අගුපිලේ ඉන්න ගමන්, අපි ඉන්නේ අගුපිලක කියලා තේරුම් ගෙන අපේම ගෙයක් හදා ගන්නවා වෙනුවට ඒ අගුපිල තුළ තිබෙන බිත්තියේ වෙනම ගුල් හදාගෙන ඒ ගුලකට රිංගා ගන්නා අපි අපේ තිබෙන ගෝත්රවාදී මනෝභාවයන් ආරක්ෂා කර ගැනීම සඳහා ෆේස්බුක් කියන තාක්ෂණික අගුපිලේ ඉදන් මරාගෙන මැරෙන සටනක් කරනවා.
ඔය පේජ් සහ ගෘප් කියන්නේ ඒ ගුල් වලින් කීපයක් තමයි.
ඔය අතරින් සුළු පිරිසක් ජන විඥානය සවිඥානක කර ලස්සන ලෝකයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් පෙනී සිටියට වැඩි පිරිසක් ඉන්නේ පවතින බොරුව සහ මායාව තුලම වින්දනීයයත්වයට පත් වෙමිනුයි.
එම නිසා ෆේස්බුක් පාවිච්චි කළත් ඇයට විතරක් නෙමෙයි අපේ කොල්ලන් දෙන්නටත් සාමාන්‍ය තත්වය වත් තේරුම් ගැනීමට නොහැකි වීමට එයත් හේතුවක් විය හැකි බව තමයි ඔහුගේ අදහස වුණේ.
උපුටා ගැනීම: Prasanjith Jayarathne