පෝස්ට් එකක් දැකලා මේකත් ලියන්න හිතුනේ..
කොරෝ්නාවෙන් කොරවෙලා ඉන්න වෙලාවෙ අපිට සැනසිල්ලෙ ඉන්න පුළුවන් ෆිනෑන්ස් වල එවුන්ට නිවාඩු දීල තියනකම්ම විතරයි කියන කතාව සහතික ඇත්ත.
මට ආව මේ මෑතකදි ඇමතුමක් මම ඒකට කීප වරක්ම උත්තර දීල ශේප් කලත් ආයි ආයි කතා කරනවා මම ප්රතිපත්තියක් විදිහට ඔය ෆිනෑන්ස් අනන් මනන් කරන්නෑ මං රෝල ගහන්නෙ අතට පඩිය අරන් ඉවරෙලා, ලයිට් වතුර බිලයි දුවගෙ මොන්ටිසෝරි ගාස්තුවයි විතරයි මට මාසිකව ස්ථිර වියදම් වෙන්නෙ අනිත්වා ලද පමණට විතරයි.
මේ ගෑනු මනුස්සය ආයමත් දවසක මට කෝල් එකක් ගත්තා
“හෙලෝ සර් ඔබතුමා ඇපකාරයෙක් විදිහට අත්සන් කරපු යතුරුපැදියෙ වාරික 8ක් ගෙවීම පැහැර හැරලා. අපිට සිද්ධ වෙනවා ඔබතුමාටත් විරුද්ධව නීතිමය පියවර ගන්න”
“හෙලෝ මිස්.. මම කසාද දෙක තුනකට අත්සන් කරල තියනවා සාක්ෂිකරු විදිහට දැන් ඒ බැදපු එවුන්ගෙ මිනිස්සු බීල ආපුවහම ගෑනු මට කතා කරල කියන්න ඕනද මේ මිනිහ හරියන්නෑ තමුසෙ මාව බාර ගන්නවා කියලා..?”
මේ අද වෙනතුරු තාමත් අදාල ෆිනෑන්ස් එකෙන් මට කෝල් එකක් ආවෙනම් නෑ මිතුරනි නඩු දාලද දන්නෑ දාලනම් ඒවට ගිහින් නඩුකාරයට කියන්නෙත් මං
“ස්වාමීනී මං මෙහෙම්ම සාක්ෂි කූඩුවෙ ඉන්නම් ඊලඟට එන දික්කසාද නඩුවලත් සාක්ෂිකරු මම නිසා” කියල තමයි….
හරි හරි ගෙවන්න ඕන තමා. අපි ඇප උනේ සල්ලි ගෙවන්න මිසක් කතා කරකර වද දෙන ගෑනුන්ට කරුම ගෙවන්න නෙමෙයිනෙ…
මූලාශ්‍රය: Daham Kalyana