අපරාධයක් සිදු වූ ස්ථානයේ අපරාධකරුවා දමා යන රුධිරය, ශුක්රාණු, හිසකෙස් වැනි ජෛව විද්යාත්මක සාක්ෂි මගින් එම අපරාධකරුවා හඳුනාගැනීම නූතනයේදී බහුලව සිදුවේ. එම ජෛව විද්යාත්මක සාධක වල අඩංගු ප්රවේණික ද්රව්යන්ගේ (DNA) තොරතුරු මගින් අදාල අපරාධකරුවා හඳුනා ගැනීමට භාවිතා කළ හැක. මෙම DNA අණුවල ප්රවේණික තොරතුරු ගබඩා වී ඇත්තේ නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලවල් ලෙසය. එම නිසා මේවා පොලිනියුක්ලියෝටයිඩ දාමයක් ලෙස හැඳින්වේ. මෙම දාමයන්ගේ විවිධ ස්ථානවල ප්රවේණික තොරතුරු දරන ජානමය කේත මෙන්ම එසේ ප්රකාශ නොවන තොරතුරු ද දරන නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලවල් ප්රදේශ ද (noncoding regions) අඩංගුය. මෙම කේත දරන නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලවල් ඇති ප්රදේශ එක් ජීවී විශේෂයක් තුළ බොහෝ දුරට සමාන වේ. ඇතැම් විට වෙනස් විශේෂ අතර පවා මේවායේ බොහෝ සමානකම් දැකගන්නට හැක. මානව ප්රවේණික තොරතුරු ගබඩාව සැලකූ විට ඉන් 80%ම ඇත්තේ මෙම කේත රහිත ප්රදේශ වේ. මෙම කේත නොදරන නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලවල් දරන ප්රදේශ එක් ජීවී විශේෂයක වුවද විශාල වෙනස්කම් පවතී. එලෙස මිනිසාගේ ද වර්ණදේහ යුගල් විසිතුනක් පැවතියද එකී කේත නොදරන නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලවල් සහිත ප්රදේශ එක් එක් පුද්ගලයා අනුව වෙනස් වේ. මෙම ආවේණික වෙනස්කම DNA ඇගිලි සළකුණු (DNA fingerprints) ලෙස හැඳින්වේ. අපරාධකරුවන් හඳුනා ගැනීමේ දී මෙකී DNA ඇඟිලි සලකුණු වෙන්කර හඳුනා ගත යුතුය. මේ සඳහා ක්රමශිල්ප භාවිතා වේ.
ප්රායෝගිකව මෙම පරීක්ෂණය සිදු කිරීමේදී අපරාධකරුවා තබා යන ජෛව විද්යාත්මක සාක්ෂි වල DNA ලබාගත යුතුය. මෙම DNA සීමාකාරී එන්සයිම ලෙස හැඳින්වෙන එන්සයිම විශේෂයක් මගින් කොටස්වලට කපා ගනු ලැබේ. මෙම එන්සයිමය ක්රියා කරන්නේ විශේෂ DNA කොටස් මත පමණි. එම නිසා අපරාධය කළේ කවුරුන් දැයි යන වග තෝරා ගැනීමේදී එම සැක සහිත පුද්ගලයින්ගේ DNA කොටස්වලට කැපීම සිදුවන්නේ විවිධ ස්ථාන වලින් ය. එනම්, එම එන්සයිම භාවිතයෙන් කොටස් කලවිට DNA ඛණ්ඩ සංඛ්යාව සහ ඒවායේ දිග පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
මෙම කොටස් කරගත් එක් එක් පුද්ගලයාගේ DNA සාම්පල ජෙලි විද්යුත් ගාමනයට භාජනය කෙරේ. මෙහිදී සරලව සිදුවන්නේ ඇග්රෝස් නම් ජෙලි විශේෂයක් මත තබන මෙම DNA ඛණ්ඩ දෙපසින් විද්යුත් ධාරාවක් යැවීමයි. මෙම DNA ඛණ්ඩවල පවතින ආරෝපණ නිසා ජලය තුල එම කොටස් ඛණ්ඩනය වු කොටස් ගමන් කරයි. මෙම කොටස් ගමන් කරනා දුර එම DNA ඛන්ඩවල විශාලත්වය මත රඳා පවතී. අවසානයේදී මෙම ඛණ්ඩ රටාවක් ලෙස පිහිටයි. මෙම රටාවන් එක් එක් පුද්ගලයා අනුව වෙනස් වේ. නමුත්, මෙම රටාවන් ඇසින් නිරීක්ෂණය කළ නොහැක. ඒවායේ සමානකම් සංසන්දනය කිරීම සඳහා ඇසින් නිරීක්ෂණය කළ යුතුය.
අප දන්නා ආකාරයට DNA සෑදී ඇත්තේ දාම දෙකක ද්විත්ව හෙලික්සයක් ලෙසිනි. මෙම දාම දෙකේ එකිනෙකට අනුරූප භෂ්ම සහිතයි. එනම්, එක් ඛණ්ඩයක එක් දාමයකට බැඳී පවතින්නේ එම දාමයේම අනුපූරක භෂ්ම රටාවක් සහිත නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලක් සහිත දාමයක් සමග පමණි. මෙහිදී මෙම DNA, දුස්ස්වාභාවිකරනය හෙවත් එකී දාම දෙක එකිනෙක වෙන්කර කිරීම සිදු කෙරේ. පසුව, විකිරණශීලී මුලද්රව්ය යන්ගෙන් සලකුණු කරන ලද DNA කොටස් හෙවත් ඒෂන පිටතින් මෙම ඛණ්ඩනය කළ DNA සාම්පල තුළට ලබාදේ. මෙම ඒෂන, ඛණ්ඩනය කරන ලද තනි දාම සහිත DNA කොටස්වල ඇති අනුපූරක භෂ්ම අනුපිළිවෙලවල් සමඟ පමණක් එකිනෙක හාවේ. මෙහිදී ඇතිවන රටාවද එක් එක් පුද්ගලයාගේ DNA සාම්පල අනුව වෙනස් වේ. මෙකී විකිරණශීලිතාවය නිසා x-ray කිරණ ඡායා පටලයක් මගින් මෙම රටාව නිරාවරණය කර ගනිමින් අනෙක් පුද්ගලයන්ගේ රටාව අනුව සංසන්දනය කරයි. අපරාධය කළ පුද්ගලයා දමා ගිය සාක්ෂි සහ සැක සහිත පුද්ගලයන්ගේ DNA සාම්පලවල රටා සංසන්දනය කරමින් නිවැරදි අපරාධකරු මෙසේ හඳුනා ගනු ලැබේ.
උපුටා ගැනීම: කේලියම්