ආපසු යන්නට පාර කියනවද (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එදා සෙනසුරාදා දවසක්. වෙලාව උදේ 6.30 විතර ඇති. මම ඔෆිස් යන්න සූදානම් වෙන ගමන් හිටියෙ. මගෙ ෆෝන් එක රින්ග් උනා. මම දැක්කා, ඔව් ඒ ඔහු. එයාගෙ ඔෆිස් එකේ ලෑන්ඩ් ලයින් එකෙන් මට කෝල් එකක්.
ඒ වෙනකොට මම එයාව දැකලා තිබුනෙ නෑ මාස ගානකින්. කතා කරලා තිබුනෙත් බොහොම සීමිතව. ඒකත් වැඩියම දික්කසාදය ඉල්ලලා මට කතා කරපුවා. මම හුස්මක් හෙලලා ඒ කෝල් එක ගත්තා.
“හෙලෝ. මොකද කරන්නේ”
“මම ඔෆිස් යන ලෑස්ති වෙන ගමන්”
“එහෙමද”
“හ්ම්ම්ම්ම්”
“හෙට යනවද”
“වෙන මොනව කරන්නද මං”
“මෙහෙම දෙයක් කරන්න මම කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ”
“දැන් ඕවා කතා කරලා වැඩක් නෑනෙ නේද”
“මට සමාවෙන්න. ඔයාට ඔයාගේ ජීවිතේට මෙහෙම දෙයක් කරාට මට සමාවෙන්න”
“දැන් අපි ඒගැන කතා නොකර ඉමු. කතා කරා කියලා ඔයාට මේ දේවල් වෙනස් කරන්න පුලුවන්ද”
“හ්ම්ම්ම්ම්..හෙට අම්මලා එනවා නේද”
“ඔව්. උදේම එන්න කියලා කිව්වා. කොහොමද දන්නේ”
“අම්මි කිව්වා. ඊයෙ මට කතා කලා. බැන්නා මට හොදටම. කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාස කලා කියලා”
ඔහු තව මොනවදෝ කියවද්දි මට ඇසුනෙ පසුබිමේ තිබුන ගීතය. ඒ ගීතය මාව අවුරුදු ගානක් ඈතට ගෙනගියා.
ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පිං මදිද සිතෙයි
යොදුන් ගණන් දුර ආවේ පසුකර
මල් මාවතක නොවෙයි
ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිදුවේ
ආපසු යන්නට පාර……
කල්ප කාලයක් පෙරුම් පිරුවේ
හෙට සමුගන්න නොවෙයි
ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිදුවේ
ආපසු යන්නට පාර……
හීන් ඉකියක් මගෙන් පිටවුනේ මටත් හොරෙන්.
“අඞනවද?”
“නෑ…..” මම පිට අත්ලෙන් කදුලු පිහිදමින් කිව්වෙ මගේ කදුලු වලට දැන් කිසි දෙයක් වෙනස් කරන්න බැරි නිසා. වෙනස් කරන්න පුලුවන් නම් මම මේ වෙනකොට හෙලලා තියන කදුලු වලට ලෝකයක් පෙරලන්න පුලුවන් වෙලා.
මට මතක් වුනේ අපි හම්බවුන මුල් දවස්. දැනට අවුරුදු 10කට කලින් කාලෙ. මගේ එක කදුලක් වැටෙන්න නොදී මට දීපු ආදරේ. ඒ ආදරේම ඊට අවුරුදු 10ට පස්සෙ මම සගර්යක් තරම් ඇඩුවත් පැත්තකට විසික් කරලා දාලා ගියපු හැටි.
“අහගනද ඉන්නෙ”
“හ්ම්ම්ම්… කියන්න”
“මට සමාවෙන්න. මම ඔයාට ආදරේ කලේ ඇත්තටම. මේ දේවල් මෙහෙම වුනේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. “
“ඇයි දෙයියනේ දැන් මට ඕවා කියන්නෙ”
“මට කතා කරන්න දෙන්න. ඇත්ත. මම ඔයාගෙන් ඩිවෝස් එක ඉල්ලලා කෝල් කලා තමා. ඒත්… ඒත්.. ඒ දේවල් ..”
“දැන් හරිනෙ ඉතින්. ඔයාට එයාව මැරි කරන්න පුලුවන්. මම ඔයා ලග හැපුනා මාව දාලා යන්න එපා කියලා. එයාගෙ කකුල් දෙක ලගට ගිහිල්ලත් කිව්වා. දැන් මට මහන්සියි බබා. … සොරි බබා කිව්වට. පුරුද්දට කියවුනේ. මම යන්නම්. අපේ හැම මතකයක්ම අරගන යන්නම්.”
ලොකු නිෂ්ශබ්දතාවක්.
එයා සද්දයක් නෑ. මේ ඔක්කොම කියලා හිත නිදහස් කරගන්න හිතුන නිසාම මම හිත කියවන්න පටන් ගත්තා.
“දන්නවද. මට හීන කන්දක් තිබුනා. අපේම කියලා ලස්සන පවුලක් , පුන්චි පැටියෙක්. පාර්ලිමේන්තු පාර දිගේ අත් දෙකෙන් අල්ලගන ඇවිද්දවන්න. ඒ හැමදේම ඉවරයි දැන්. මම දන්නෙ නෑ.මගෙන් ඔයාට වැරදි වෙලා ඇති. මට සමාවෙන්න එහෙම වෙලා තියනවානම්.”
“නෑ…නෑ.. නෑ… ඔයා කිසි වැරැද්දක් කරලා නෑ.හැමදේම වුනේ මම නිසා. දෙයියනේ මම මොනාද මේ කලේ”
එයා එකපාරට ෆෝන් එල තිබ්බා. මාත් කිසි දෙයක් හිතාගන්න බැරිව හිටියා. ෆෝන් එක ආයෙමත් රින්ග් වුනා.
“හෙලෝ”
“කියන්න”
“අද මම එනවා. අපි මාලිගාවට යමුද”
මට හිතාගන්න බැරි වුනා. අවුරුද්දක් පුරා මගෙන් වෙන් වෙන්න හිතපු කෙනාද මේ කියලා හිතුනා.
“බැරිද”
“ඒත්, ඇයි හදිසියේම”
“අපි ආයෙමත් මුල ඉදලා පටන්ගමු”
“එතකොට එයා”
“ඒක මම බලාගන්නම්.”
“හ්ම්ම්ම්ම්….”
________________________________________
අනියම් සබදතා හරි ප්රබලයි, ආදරේ ගැන විශ්වාසය අඩු වෙන තරමට. පවුලක් කඩලා හදන පවුලක පැවැත්ම බොහොම අල්පයි. නැත්නම් ඒ දේවල් වල ප්රතිවිපාක හරිම භයානකයි. ජීවිතේ කියන්නෙ සෙල්ලමක් නෙවෙයිනෙ. තමන්ගෙ ආදරේ බැදීම ශක්තිමත් වන තරමට පවුල් සංස්ථාව ආරක්ෂිතයි. ශක්තිමත් වෙන්න. කොයිම මොහොතක හරි ඔබට දැනුනොත් ඔබ තවත් කෙනෙකුගේ පවුල් සංස්ථාකට බලපෑමක් වෙන්න යනවා කියලා වහාම ඉන් මිදෙන්න. අමාරු වෙයි ඔබ නිවරදි නම්. ඒත් කෙනෙකුගෙ හිතක් කඩලා ඇසකින් කදුලක් වට්ටන තරම් ඔබේ ක්රියාව ප්රභල නම් ඉන් ලැබෙන ප්රතිවිපාකයත් බොහෝම දරුනුයි. ආදරයට සුදුසු ආදරයක් ගෞරවයක් ලැබේවා!!!!!!
උපුටා ගැනීම:  Gayani Nimanthika

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!