ක්රිකට් කියන්නේ සුද්දන්ගෙ ක්රීඩාවක් උනත් ලාංකිකයින් විදියට අපේ බොක්කටම දැනෙන ක්රීඩාවක්නේ ඕක.කොච්චර ක්රිකට් ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වල තියෙනවද කියනවනම් පොඩි එකෙක්ගෙන් අපේ ජාතික ක්රීඩාව මොකක්ද කියලා අහද්දි ක්රිකට් කියන එක පුදුම වෙන්න ඕනේ උත්තරයක් නෙමේ.
දැන් අවුරුදු කීපයක් තිස්සේ නම් හැබැයි ලංකාවේ ක්රිකට් තියෙන තැන ගැන අමුතුවෙන් කාටවත් පැහැදිලි කරන්න ඕනේ නෑ.ක්රිකට් තමන්ගේ වෘත්තිය හරි පැෂන් එක හරි මොනවා උනත් සෙල්ලම්කරද්දි තම තමන් ගැන විතරක් හිතලා නම් රටක් වෙනුවෙන් පෙනී ඉන්න අමාරුයි.පෙනී හිටියත් ජයග්රහණ ලබාගන්න අමාරුයි.වෙලාවකට මට හිතෙනවා ලංකාවේ ක්රිකට් ටීම් එකට අපේ ක්රීඩා සමාජෙ ටීම් එක සෙට් කරන් ගියත් ගහලා එන්න පුළුවන් සයිස් එකක් දැන් තියෙන්නේ කියලා.රටේ ක්රිකට් කොහොම උනත් අපේ ක්රිකට් තියෙන්නේ හදවතේ.ඒ හින්දා කවදා හරි දිනයිනේ කියලා හිතලා අපිත් ඔහේ බලන් ඉන්නවා ඉතින්.
පොඩි කාලේ,ඉස්කෝලෙ කාලෙ කොච්චර ක්රිකට් ගැහුවත් මේ ක්රිකට් පිස්සුව පිස්සුවක් විදියට මට ඔළුවට ආවේ පළවෙනි පාර A/Level කරන කාලේ.ඒ කාලේ අපේ ගෙවල් පැත්තටම තිබ්බ එකම රබර් වත්තත් වෙන්දේසි කරලා කොල්ලොන්ට සුපිරි ග්රවුන්ඩ් එකක් හැදිලා තිබ්බේ.පොඩි උන් සරුංගල් යවනවා,ක්රිකට් ගහනවා,බයිසිකල් පදිනවා,කෙල්ලෝ ඇවිල්ලා බැඩ්මින්ටන් ගහනවා ඒ අස්සේ පොඩියට දාපු ලර්නස් එහෙමත් තැන් තැන් වල තිබ්බා.
මන්තුමත් ඉතින් විභාගේ කියලා අමාරුවෙන් තමා මෙව්වා බල බල ගෙදර ඇවිල්ලා ඊළග දවසේ පේපර් එකට ලෑස්ති වෙන්නේ.ඉවසන් ඉඳලා ඉඳලා පොදු පරීක්ෂනය තියෙන්න කලින් දවසේ නම් ඕනේ මඟුලක් කියලා මාත් ආව සරුංගල් ඇරලා ක්රිකට් අතක් එහෙමත් සෙල්ලං කරන්න හිතන්. ඒක දැකලා ඒ කිට්ටුව ඉන්න ඇන්ටි කෙනෙක් අහනවා ඔයා මේ පාර විභාගේ නේද පාඩම් කරන්නේ නැද්ද කියලා.මන් ඉතින් ශේප් එකේ එයාව මග ඇරලා වෙන පැත්තකට ගියා.ආයේ ඉතිං පොදු පරීක්ෂනය තියෙන්නේ කියලා ඇන්ටිට පැහැදිලි කරනවාට වැඩිය පියුමිට බුද්ධාගම කියලා දෙන එක ලේසියි කියලා මට ඒ කාලේම හිතෙන්න ඇති.
කොහොමහරි මන් යද්දි අපේ මල්ලිලා සෙට් එකක් සෙට් වෙලා ක්රිකට් ගහනවා.සමහර එවුන් නම් මන් දැක්කේත් එදා.උන්ටත් මන් දැක්කම එහෙම හිතෙන්නේ ඇති.මොකද ඉන්නේ ගමේ උනත් අපි වැඩිය එළි බහින්නේ නැති මිනිස්සු කොටඨාසයක්නේ.කොහොමින් කොහොම හරි මගේ මල්ලිලත් එතන හිටිය නිසා කට්ටියව පොඩ්ඩක් අඳුනගෙන මාත් ක්රීඩාව පටන් ගත්තා.බෝල දාන්න කීප සැරයක්ම අවස්ථාව හම්බුනත් චක් ගහන සීන් ඒක නිසා වැඩේ අල්ලලා දැම්මා.බලද්දී ඔක්කොම එවුන් චක් කාරයෝ.ආයේ මොනාද ඉතින් එදා ඉඳලා මාස ගානක් අපි ඔය ඉඩමේ ක්රිකට් ගැහුවා.
දවසක් ඔහොම ක්රිකට් ගහන්න සෙට් වෙලා අපි ග්රවුන්ඩ් එකේ බලන් ඉන්නවා.එකෙක්වත් එන පාටක් නෑ.කීප දෙනෙක්ට පණිවිඩ යවන්න මල්ලිව යවලා මාත් ගත්තා තව එකෙක්ට කෝල් එකක්.
“දසුනා කෝ බං උබ.දැන් වෙලාව බලපන්කෝ.හවස් වෙනවා බං වරෙන්කෝ.”
“හරි හරි එනවා.මේ බත් කටක් කෑවා බං”
“විදුරංග අයියත් එනවා නේද උබ එක්ක “
“ඌ නම් දන්නේ නෑ බං ඌ එයි මන් ඌට අරන් බලන්න ද?”
“නෑ නෑ ඉස්සෙල්ලා උබ වරෙන්නේ.දැන් කොහෙද ඉන්නේ කියහන්”
“අඩෝ මන් මේ වෙල මැද්දේ එන ගමන් මචං”
“පච කෙලින්ම එපා මයිනො උබේ ලෑන්ඩ් ෆෝන් එකට ගත්තේ මන්.”
උපුටා ගැනීම: Sithum L. Kodagoda