අපේ දේසේ අපේ ටියුෂන් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කොළඹ ඉපදිලා කොළඹ හැදිලා වැඩුණු අපිට නුගේගොඩ කියන්නේ අමුතු පැත්තක් නෙමේනෙ.ඉතින් අපොස උසස් පෙළ කරන කාලේ වෙච්චි සන්තෑසියක් ගැන තමා ඔන්න මේ හෑල්ල.සාමාන්ය පෙළට ගණිතයයි විද්යාවයි A සාමාර්ථ ඇවිල්ලා මන් තමයි ඇල්බට් අයින්ස්ටයින් කියලා හිතිච්ච කලෙක මංතුමත් රැල්ලට මැත්ස් තමා තෝරගත්තෙ.උදේ ඉස්කෝලෙ යනවා හවසට ටියුෂන් යනවා.ඉස්කෝලෙ නැති දවස් දෙකෙත් ටියුෂන් තමා.ටියුෂන් පන්තිවල කියලා දෙන ඒවා මෙලෝ දෙයක් තෙරුන් නැති වුණත් විභාගෙට කලින් කරන බෝධි පූජාව නිසා හරි පාස් වෙයි කියලා හිතන් අපි හැමදාම පන්තියට ගියා.
දවසක් හවස තිබ්බ පන්තියක් ඉවර වෙලා මං ඉන්නවා බස් එකක් එනකල් නුගේගොඩ ජෝන් එක ගාව රොටරි හෝල්ට් එකේ.ගොඩ දෙනෙක් මාත් එක්කම හෝල්ට් එකට අවට මොකෝ 138/4 වගේ සුන්දර රූට් එකක බස් එකක් බලාපොරොත්තු වෙලා ඉඳලා තියෙන්නේ මන් විතරයි. ආව ආව අනිත් හැමෝම එක වැලට එන මත්තේගොඩ කොට්ටාව හෝමාගම බස් වල නැගලා යන්න ගියා.කොහොමහරි අවසානෙට මන් විතරයි ඉතුරු.මන් හිටි තැන පොඩි අඳුරු ගතියක් තිබ්බත් එහෙට මෙහෙට යන වාහන නිසා ඒ චූටි වෙලාවකට විතරයි.
ඔන්න ටිකකින් තව කොල්ලො දෙන්නෙකුත් යන්තම් හෝල්ට් එකට ආව.වැඩේ කියන්නේ හෝල්ට් එකට ආවට මොකෝ මුන් දෙන්නගේ හොර බැල්මට් එක අහුවෙන්න මට එච්චර වෙලා ගියේ නෑ. මං ඉස්කෝලෙ ඇඳුමෙන් ඉන්න නිසා මුන් වැඩිය කිට්ටු කරන පාටකුත් නෑ.මට නම් හිතුනෙම හැබැයි කරවල වේලන්න යන්න වෙන සීන් එකක් සෙට් වුණා තමයි කියලා.අවුරුදු 17ක් 18 ක් වුණාට මොකෝ අපේ ආච්චි හැමදාම උදේට එළියට බහිද්දි අනිවාර්යෙන් කියන කතාවක් තමා ඔය කරවල වාඩියේ සීන් එක.අඳුනන් නැති අයත් එක්ක කතා කරන්න එපා.වාහනේකට දාගෙන උස්සන් යයි කරවල වේලන්න කියලා.
පාරේ වාහන ටිකක් එහේ මෙහෙ වෙලා එළිය අඩුවෙනකල් ඉඳලා මෙන්න මුන් දෙන්නා මගේ දෙපැත්තෙන් ඇවිත් හිට ගත්තේ නැතෑ.හදිස්සියට එක පැත්තකටත් වත් දුවගන්න විදියක් නෑ.එකෙක් අහපි
” මල්ලි රොටරියේද ” කියලා.
මන් සද්ද නෑ.ආයෙම අහනවා ඒ ප්රශ්නෙම.
” මල්ලි රොටරියෙද .
” ඔව් ” මන් දුන්නා උත්තරේ.
” ඔයා මේ නංගීව අඳුනනවද ” කියලා කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් පෙන්නුවා ඒ පාර.
යකෝ සංචරණ සීමා දාලා තියෙන්නේ කියලත් පාරට එනවට වැඩිය සෙනඟක් යන එන රොටරියේ කෙල්ලෙක් මතක හිටිනවා නම් බේකර් ස්ට්රීට් එකේ ශලොක්ට වඩා වැඩ්ඩෙක් වෙන්න එපැයි මන්.
“අපෝ නෑ .දැකලවත් නෑ.”
“වෙන්න බෑනේ.මේ නංගි නම් කිව්වේ ඔයා එයාව දන්නවා කියලා.”
මොන ගිනිගෙඩියක්ද යකෝ මේ පාත් වුනේ කියලා හිතුවත් වැඩි කලබලයක් නැතුව මන් එතනින් මග ඇරලා යන්නයි හැදුවේ.
මෙන්ම එක පාරටම මුන්ගේ වෙස් පෙරලුනා.එකෙන් පොඩි පිහි කෑල්ලක් අතට අරන් “ගනින් යකෝ පර්ස් එක” කිව්වා.
අනිත් එකා වට පිට බලනවා මොකෙක් හරි එයිද කියල.මගේ කරුමෙට මේලෝ එකෙක් නෑ.අනේ ඉතින් ඉස්කෝලෙ යන අපිට මොන සල්ලිද ආයුබෝවන්ඩ.තිබ්බත් ඒ කාලේ ඕවා පර්ස් වල දාගෙන ඉන්නේ නෑ .ඉතින් බය නැතුව පර්ස් එක අරන් දුන්නා උගේ අතට.
” අපෝ බං රුපියල් 150 නේ තියෙන්නේ.”
“ඔව් අයියේ මන් අතුරුගිරියට බස් එකේ ගිහින් එතනින් විල් එකක් අරන් යන්නේ. ගානට සල්ලි තියන් ඉන්නේ අයියේ.ඔයාලට ඕනේ නම් 100 ගන්න.මට බස් එකේ යන්නවත් 50 දීලා යන්න.”
ෆුල් දුක් සීන් එකෙක් මන් කිව්වා.
“අපෝ බං මූ අඬනවනෙ.”
“හා එහෙනම් ඉඳා “
කියලා පර්ස් එකයි රුපියල් 50 මට දීලා රුපියල් 100 අරන් මුන් ගියා කියහන්කො. හරිම හොඳ අයියලා දෙන්නෙක්.දැන් ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති පව් අර මහ රෑ කොල්ලා අතුරුගිරියට බස් එකේ ඇවිත් එතන ඉඳන් පයින්ම ගෙදර එන්න ඇති කියලා.මොන පිස්සුද.සල්ලි තියෙන්නේ සාක්කු වලනේ. මේන් මොණරු.
උපුටා ගැනීම: Sithum L. Kodagoda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!