රටේ මේ දිනවල කාබනික වගාව පිළිබඳ මේ දිනවල රට පුරා වැඩි වැඩි කතාබහට ලක්වන අතර බෝග වගාව සඳහා මේ කාබනික පොහොර වලින් විශාල වාසි ගණනාවක් හිමි කරනු ලබනවා. රටපුරා කා පුරා කාබනික වගාව ගැන වැඩි අවධානයක් යොමු වුන මේ කාලේ අපේ රටේ ක්‍රියාත්මක වන විශාල ම කාබනික වගාව පිළිබඳ විස්තර යයි මේ. එම කාබනික වගාව විශාල වශයෙන් සිදු කරන ස්ථානය වන්නේ අපේ රටේ උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයයි.
මෙම ස්ථානය මෙහෙයවනු ලබන්නේ පූජ්‍ය සිරි සමන්ත බද්‍ර ස්වාමීන්වහන්සේ වේ.රටට ආදර්ශයක් වෙමින් උන්වහන්සේ විසින් පවත්වාගෙන ලබමින්ම කාබනික පොහොර වගාව සැබැවින්ම අපේ රටට මහගු සේවයක් ඉටු කරන කාර්යයක් වෙයි. උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ සිදු කරන විශාල වගාවන් සඳහා අවශ්‍ය සියලුම පොහොර වර්ග මෙන් මෙම ස්ථානයේදී ම මෙම ස්ථානයේ දීම නිපදවීම සිදු කරනු ලබයි එහිදී කොම්පෝස්ට් නිෂ්පාදනය,කාබනික කෘමි විකර්ශක, දියර පොහොර නිෂ්පාදනය ආදිය මෙම ස්ථානයේ දී සිදුකරනු ලබයි.
01

ලපටි කොළ වර්ග ,වියලි කොළ වර්ග, සත්ව පොහොර පොස්පේට් ආදී මේ සියල්ල එකතු කරමින් ස්ථානය කාබනික පොහොර නිෂ්පාදනය විශාල වශයෙන් සිදු කරනු ලබයි. මෙම ස්ථානයේ නිෂ්පාදනය කරන කාබනික පොහොර වර්ග අතර පොස්පෙට්, කර දහයියා ගොම පොහොර, කුකුල් පොහොර, කොම්පෝස්ට් පොහොර ආදී වශයෙන් පොහොර වර්ග ගණනාවක් මෙහි නිෂ්පාදනය කරනු ලබයි.
02

මීට පෙර සඳහන් කළ ආකාරයට නෙමෙයි මෙම ස්ථානයේ දියර පොහොර වර්ග ද නිෂ්පාදනය කරන අතර බෝග වගාව සඳහා කෘමි නාශක වෙනවාට කෘමි විකර්ශක මෙහි සෑදීම සිදු කරන අතර මේ සියල්ල සදහා සදහා ඉවත දමන අපද්‍රව්‍ය යොදා ගනු ලබයි. උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය තුළ සිදුකරන සියලු වගාවන් අක්කර ගානක් පුරා විහිදී ඇති අතර කාබනික පොහොර යොදා ගනිමින් සිදු කර ඇති වගාවන් සරුවට ඒවා වැඩි ඇති අයුරු දැක ගැනීමට හැකි වේ.
03

එමෙන්ම එම කාබනික පොහොර භාවිතයෙන් වගා කරන බෝග යොදාගනිමින් විවිධ ආහාර වර්ග රැසක් මෙහිදී හඳුන්වා දීමට සිදු කර තිබෙනවා. මේ සියල්ල ස්වභාවිකව නිෂ්පාදනය කරනු ලබන ආහාර වර්ග වෙයි. කාබනික පොහොර වගාවේ ඉතා සාර්ථක බෝග වර්ග රැසක් අපට ලබා ගැනීමට හැකියාව ඇති බවට හොඳම උදාහරණය මේ උමන්දාව බෞද්ධ විශ්ව ගම්මාන තුළින් ඔබට ද දැක ගැනීමට හැකි වේ.
04

05

06

07

08
