අපේ නංගී අවුරුදු 12 වෙද්දි වැඩිවියට පත් වෙලා ලස්සන ගෑණු ලමයෙක් වුනා. පොඩි කාලෙ තිබුණු කෝච්චරවත් තිබුණු කියවිල්ල සහ ඉවරයක් නැති සිනා වැල කොහේ ගියාද මන්දා නංගී වෙනස් වුනා. ගමන බිමන හරි තාලෙකට, කතා බහ අඩුයි. හිනාව යන්තම්. කොයි වෙලෙත් පොඩි හොර බැල්මක් මූනෙ. කොයි වෙලෙත් කන්නාඩිය ලඟ. ලස්සනයි හරියට. මටත් වෙලාවකට පුදුමයි මේ අපෙ නංගිද වෙනත් කෙල්ලෙක්ද කියලා. ඉස්සර නම් ඔට්ටු සෙල්ලම් කරන්න, වැලි ගොඩේ පෙරලි පෙරලි සෙල්ලම් කරන්න හරිම ආසායි. දැන් කෙල්ල ලස්සන ලස්සන ගවුම් අඳිනවා. කොන්ඩෙ ගඟක් වගේ පීරලා තෙල් වර්ග ගාලා සුවඳයි දිලිසෙනවා හරීම ලස්සනයි. කෑම කන්න හරී පෙරේත කමක් තිබුනෙ මෙයාට ඉස්සර. දැන් එහෙම නෑ. දැන් කෑම හදන්න, ගේ ලස්සන කරන්න, තත්තගෙ මගේ ඇඳුම් සෝදන්නත් පටන් අරන්.
ඒත් හොඳම හරිය මේක නෙවෙ. වෙනදා කොහෙවත් බලාගෙන ගියපු කොල්ලො දැන් ඔක්කොම අපේ නංගි පස්සෙ. පුදුම වදයක්. ලියුම් දෙනවා, කැමැත්ත අහනවා, පස්සෙන් එනවා, අඬනවා, වැලපෙනවා එක විකාරයයි. ඒත් අපේ එකී නෙවේ උන්ව සත පහකට මායිම් කලේ. හරීම ආඩම්බර කාරී. කොල්ලන්ව සත පහකට ගණන් ගන්නෙ නෑ. තාත්තට මේ දවස් වල හරීම වදේ. කෙල්ල වටේ කැරකෙන කොලු රෑන් පන්නලා පන්නලා එපා වෙලා. කොල්ලොත් අතාරින්නෑ. චොක්ලට් දෙනවා, අරක දෙනවා, මේක දෙනවා අපේ නංගා ඒව ගෙනැත් අපිට දෙනවා.
නංගා 10 වසරෙ ඉද්දි උසස්පෙල කොල්ලෙක් උන්න රයන් කියල. කොල්ලගෙ තාත්ත ලෝයර් කෙනෙක්. අම්මා කොලබ ඉකෝලෙක ප්රින්සිපල්. රයන් හරි තැන්පත් කොල්ල. දවසක් දා අපෙ නංගා දැකලා මූට හැදුනා පිස්සු. රයන් ඉගෙනගන්න දස්සයා. ඒ මාර්ගයෙන් මේකා අපේ නංගිට කිට්ටු කරා. පාඩම් කියා දෙන්න. අපටත් එපා කියන්න බැහැනෙ. අනික ඉස්කොලෙ ඉන්ටවල් එකෙ විතරයි. අතින් ඇල්ලීම්, සිප ගැනීම ආදිය නැති නිකම්ම පාඩම් කියා දීමක් විතරයි. කොල්ල හරි හොඳයි. අනවශ්ය වැඩ නෑ. කෝම හරි අපේ නංගා සාමන්ය පෙල හොඳට පාස් වුනා මූ නිසා. අපේ එකීට ගණන් බෑ. රයන් නිසා වැඩේ ගොඩ ගියා. රයන් කැම්පස් ගියා. ඌ නම් කැම්පස් යන බව කවුරුත් කලින්ම දැනගෙන උන්න.
ඔන්න මූ කැම්පස් සිලෙක්ට් වෙලා දවස් දෙකක් තුනක් ගිය තැන මූ අපෙ ගෙදර ආව මොක්ද්ද බොරුවක් ගොතාගෙන. අපේ එකී එලියටවත් ආවෙ නෑ. මූ කුම්බලා මාලු කන්න ඇවිත් මුට්ටි පාරක් කාපු පූසා වගේ මූන බෙරි කරන් යන්ඩ ගියා. හැන්දෑවෙලා අපෙ නංගි තව කෙල්ලෙක්ගෙ ගෙදර ගියා මොකද්ද උන්ගෙ වැඩකට. අපි දැන් 7,8 වෙද්දි බලන් ඉන්නවා මේකි නෑ. අඩ්ඩෙ අපෙ තාත්තා පත්තු වෙලා, අම්මා භීතියට පත් වෙලා, මම කොර වෙලා කෝ මේකී නෑනෙ. මායි තාත්තයි ගියා මේකී හොයන්න. නංගිගෙ යාලුවාගෙ ගෙදරින් කීවා ඒකි 6ට ආපහු ගියාලු. උන්ගේ ගෙදරිනුත් දෙතුන් දෙනෙක් අපෙ ටීම් එකට සෙට් වුනා. දැන් අපි රබර් වත්ත පැත්තෙන් ටෝච් අරන් අපෙ නංගා හොයනව.
ටිකක් දුර යනකොට මෙන්න බොලෙ මොක්කුන්ද දෙන්නෙක් ඈත එනවා කරුවලේම. අපි වට කලා උන් දෙන්නව. අඩ්ඩෙ රයනුයි අපෙ නංගයි අත්වැල් අල්ලන්!! රයන් බය වෙලා, නංගාත් බය වෙලා. තාත්තාට මල පැන්න පාර ගැහුවා නංගගෙ කනට. රයන් පැන්න මැද්දට. තාත්ත දුන්නා උටත් කනට. දැන් දෙන්නම අඬනව. පවි කියලා හිතුනා. ටීම් එකෙ අනිත් සාමාජිකයන්ට හිනා.
ඉතිං රයන් දැන් නුවර පදිංචියට ගිහින්. අපේ එකිත් එහෙ. බැඳලා අවුරුද්දක් සහ මාසයයි සති එකහමාරයි. හෙට අනිද්දා උන්ගෙ පවුලට කොලු පැටියෙකුත් එකතු වෙයි. මම මාමෙක් වෙයි. අපෙ අම්ම ආච්චියෙක් වෙයි. තාත්තා සීයෙක් වෙයි. ඔහොම තමයි ජීවිතේ. අනෙ අපෙ පුංචි නංගා. දැන් ලොකු ගෑණීයෙක්. අම්මෙක්. කාලය කියන්නෙ තටු තියෙන විසාල සතෙක්. ඌ අපිවත් අරන් පියාබන වේගෙට අපි ගිය පාරවත් පේන්නෙ නෑ. මතකයන් විතරයි ඉතුරු.
උපුටා ගැනීම: තක්කඩියා ඇඩ්මින්