ඕනම දෙයක් ඕනවට වඩා හොඳත් නෑ කියලා කතාවක් තියනවනේ. සෞඛ්‍ය සම්පන්න ආහාර වුණත් එහෙමයි. සෞඛ්‍ය සම්පන්න ආහාර ඕනවට වඩා ආහාරයට ගන්න එකෙනුත් ශරීරයට කරදරයි. අපේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාගන්න ඕන ප්‍රමාණයට වඩා ලබා ගැනීම ශරීරයට අහිතකරයි.
සෞඛ්‍ය සම්පන්න ආහාර නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ලබාගත්තොත් ශරීරයට මොකද වෙන්නෙ කියලා දැන් අපි බලමු.
01. කැරට්

කැරට්වල බීටා-කැරොටින් බහුලයි. ශරීරය මගින් බීටා-කැරොටින, විටමින් A බවට පරිවර්තනය කරනවා. ඒත් ශරීරයට වැඩිපුර බීටා-කැරොටින් ලැබීමෙන් ඔයාගෙ සම කහ පාටට හැරෙන රෝගයක් වන කැරොටිනේමියාව ඇති වෙන්න පුලුවන්. ඒත් ලබාගන්න කැරොටින් ප්‍රමාණය පාලනය කළාම මේ තත්වය එච්චර බරපතල වෙන්නෙ නෑ. ඉබේම සුව වෙනවා.
02. කොම්බුචා හෙවත් ටී මෂ්රූම්

මේක චීනයේ ප්‍රසිද්ධ පානයක්. මෙමගින් ආහාර ජීර්ණ පද්ධතිය ගොඩක් වාසි ලැබෙනවා. ඒ වගේම බඩවැල්වල හිතකර බැක්ටීරියා වැඩි කරනවා. කොහොම වුණත්, යීස්ට් පැසවීමේ අතුරු ඵලයක් වන FODMAP කියන සංයෝගය මේ පානයේ අඩංගු වෙනවා. ඒ නිසා එය ඕනෑවට වඩා පරිභෝජනය කිරීමෙන් බඩවැල් ඉදිමීම හා ආහාර ජීර්ණ අපහසුතා ඇති වෙන්න පුලුවන්.
03. ජලය

ඕනෑවට වඩා වැඩියෙන් වතුර බිව්වොත් මොකද වෙන්නෙ කියලා ඔයා දැනගෙන හිටියද? එමගින් ඔයාගෙ වකුගඩුවල සෝඩියම් මට්ටම අඩු කරලා වකුගඩුව තුළ විද්‍යුත් අසමතුලිත බවක් ඇති කරනවා. ඒ වගේම වැඩිපුර වතුර මොළයේ එකතු වීම නිසා මොළය ඉදිමෙනවා. මිනිස් හිස් කබල ඇදෙන සුළු එකක් නොවන නිසා හිස් කබල ඇතුලේ පීඩනය වැඩි වෙනවා.
04. අලිගැට පේර
අලිගැට පේර වල තන්තු හා විටමින් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. එමගින් නරක කොලෙස්ටරෝල් (එල්ඩීඑල්) අඩු කරනවා. ඒ වගේම අලිගැටපේර වල මොනොසැටරේටඩ් මේද බහුල නිසා ඔයාගෙ සෛල අලුත්වැඩියා කරන්නත් එය ප්‍රයෝජනවත් වෙනවා. ඒත් එක අලිගැට පේර ගෙඩියක කැලරි 240 ක් අඩංගු වෙනවා. එය පුද්ගලයෙකුගේ පරිපූර්ණ කැලරි ප්‍රමාණයෙන් 10% -20% ක් පමණ අගයක් ගන්නවා. අධික කැලරි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් ධමනි අවහිර වීමේ ගැටළු ඇති වෙන්න පුලුවන්. අලිපේර අමුවෙන්ම කනවා නම් දවසට අලිගැට පේර භාගයක් හෝ 1 කට වඩා කන්න එපා.
05. බීට්රූට්

බීට්රූට් කියන්නෙ විටමින් හා ඛනිජ ලවණ බහුල ආහාරයක්. බීට් රූට් වල නයිට්‍රික් ඔක්සයිඩ් බොහෝමයක් අඩංගු වෙනවා. එමඟින් ඔයාගෙ රුධිර පීඩනය අඩු කර ගන්න පුලුවන්. ඒවා පසුව නයිට්‍රොසැමයින් බවට පත් වෙනවා. ඒවා මස් වලත් දකින්න ලැබෙනවා. එමගින් කෙනෙකුගේ රෝග වර්ධනය වීමේ අවදානම වැඩි කරන්න ඉඩ තියනවා. මේ නිසා, බීට්රූට් හා රතු මස් අධික ලෙස ආහාරයට ගැනීමෙන් වළකින එක වඩාත් හොඳයි.
06. මුහුදු පැලෑටි

මුහුදු පැලෑටිවල විටමින් බී 12 බහුලයි. මුහුදු පැළෑටි කියන්නෙ සත්ත්ව ආහාර වලින් තොර හා නිර්මාංශ අයට මස් සඳහා හොඳ ආදේශකයක්. එහි අයඩින් හා තන්තු බහුලව අඩංගු වෙනවා. එමගින් ඇඟේ බර අඩු කරගන්නත් උදව් වෙනවා. ඒත් අධික අයඩින් ප්‍රමාණයක් මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු හා බර වැඩිවීමට පවා හේතු වෙන්න පුලුවන්. ඒ වගේම මුහුදු පැලෑටි හැදුණු ස්ථානය අනුව ඒවායේ බැර ලෝහ අඩංගු වෙන්නත් ඉඩ තියනවා.
07. සෝයා ආහාර

සෝයා ආහාරවල විටමින් බී, තන්තු, පොටෑසියම්, මැග්නීසියම් වගේම හොඳම ප්රෝටීන්වර්ග ඇතුළු පෝෂ්‍ය පදාර්ථ බහුලව අඩංගු වෙනවා. ශරීරයට සෑදිය නොහැකි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9 ක්ම එහි අඩංගු නිසා එය සම්පූර්ණ ප්‍රෝටීනයක් ලෙස සැලකෙනවා. ඒත් තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු නිසා ඔයා මෑතකදී ඔයාගෙ ආහාර වේල වෙනස් කලා නම්, පරෙස්සම් වෙන්න. කාන්තා රෝගීන් තුළ හයිපෝතිරයිඩයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන හෝමෝන ඖෂධ වලට සෝයා මගින් බාධා ඇති කරනවා.
08. චියා ඇට

ඔමේගා-3 අඩංගු නිසා චියා ඇට සුපිරි ආහාරයක් කියලා අපි හිතනවා. ඒත් ඒවායේ සෞඛ්‍යමය වාසි ගැන, විශේෂයෙන් හෘද වාහිනී රෝග පිළිබඳ කිසිම සාක්ෂියක් මෙතෙක් හොයාගෙන නෑ. චියා ඇටවල අඩංගු ඔමේගා-3, සැමන් විසින් ලබා දෙන මේද වර්ගයට වඩා අවශෝෂණය කර ගැනීම අපහසුයි. චියා ඇට ග්‍රෑම් 100 ක කැලරි 500 ක් පමණ අඩංගු වෙනවා. එය ක්ෂණික ආහාර, හැම්බර්ගර් වගේ ආහාරවල තියන කැලරි ප්‍රමාණයට ආසන්න අගයක් ගන්නවා. ඒ නිසා චියා ඇට ඕනෑවට වඩා කන එක හොඳ නෑ.
උපුටා ගැනීම: adobae