මෙය කියවන ඔබට සමහරවිට සිතට එන්නට ඇත්තේ, එංගලන්තය ඇතුළු එක්සත් රාජධානියේ අනෙක් රටවල් අඳුරු රටවල් බවය. බොහෝවිට වැසිබර, වළාකුළු සහිත අහසක් ඇති එක්සත් රාජධානියේ ඔබට සැමවිටම අසන්නට වන, හිතවතුන් හමු වූ විට අහන පොදු කතාව නම් කාලකන්නි දේශගුණය වේ.
වසරේ වැඩි කාලයක් මුහුණු එල්ලාගෙන සිටින මිනිසුන්, වසන්ත කාලයේ වෙනස් වේ. මිනිසුන්ගේ සිනහ මුහුණු වැඩි වැඩියෙන් දැකිය හැක.
එනම් වසන්තයේ හැර අන් දිනවල සූර්ය පැනල වලින් ලැබෙන බල ශක්තිය අවම වේ. මතක තබා ගත යුතු කරුණක් වන්නේ, සූර්ය පැනල ශක්තිය අන් සියළු ශක්ති ප්රභාවයන්ට වඩා ලාභ බවය. මේ යතාර්ථය මුලින් සිතේ තබාගෙන මේ කතාව ගැන සාකච්චා කරමු.
එක්සත් රාජධානියේ විදුලි බල පද්ධතියේ විදුලිය විසන්ධි වීමේ අවදානමක් ඇති බවට බළධාරීන් අනතුරු අඟවති. නුදුරු අනාගතයේ දී බ්රිතාන්ය මාර්ගවලට ඇතුළු වීමට අපේක්ෂා කරන නව විදුලි වාහන මිලියන ගණනක වැඩිවීම නිසා විදුලිබල ඉල්ලුම නිසා රටේ සමහර ප්රදේශවල විදුලිය විසන්ධි වන බව සොයාගෙන තිබේ. 2030 සිට ICE වාහන ඉවත් කිරීම සිදුවනු ඇත.
ග්රාමීය හෝ දුර බැහැර ප්රදේශවල වෙසෙන රියදුරන් සඳහා ආරෝපණ යටිතල පහසුකම් දැනට නොමැත. නව විදුලි වාහන වලින් ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම අවශ්ය විය හැක. එකවර විදුලිබල ජාලයට වැඩි පීඩනයක් ගෙන දෙන ශුන්ය ආරෝපනයේ සිට පූර්ණ ආරෝපණය ලෙස නැවත ආරෝපණය කරනවාට වඩා, නිතර නිතර බැටරි ආරෝපණය කිරීමට රියැදුරන් දිරිමත් කෙරේ.
සමස්ථ ඉල්ලුම අනුව මෝටර් රථයකට අවශ්ය ආරෝපණ වෙනස් කරන “ස්මාර්ට් චාජර්” – තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත. ලංකාව වැනි බල ශක්තිය විෂයේ පසුගාමී රටවල් වලට වරදින්නේ මෙන්න මෙතන වේ. තවද සෑම ප්රභවයක්ම ග්රිඩ් එකට සවි කිරීමේ අරුත කුමක්ද ?
ආරෝපණ යටිතල පහසුකම් සැපයීම සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා ප්රාදේශීය සැලසුම් ඇති කල යුතු බව එක්සත් රාජධානියේ තීරණය වේ.
පාරේ සවි කර ඇති ආරෝපිත යන්ත්ර වලින් අයකිරීමට වඩා, නිවසේදී වැය වන මිළ සැලකිය යුතු තරම් ලාභදායී වේ. කමිටුවේ සභාපති වූ පාර්ලිමේන්තු මන්ත්රී “මෙරිමන් මහතා” මෙසේ පැවසීය.
…“මෝටර් රථ භාවිතය පූර්ව වසංගත මට්ටමට නැවත පැමිණෙන විට, අපගේ ඉලක්කය මෙසේ වේ”… “එනම් 2035 වසර වන විට සියළුම විදුළි කාර් සහ වෑන් ආරෝපණය කිරීමට ඇති තරම් විදුලි බලය තිබිය යුතුය”…
යටිතල පහසුකම් සඳහා ඇප සහතික ලබා දීම ඉතා වැදගත් වන නමුත් විදුලි කාර් කාර් ආරෝපණ යටිතල පහසුකම් සැපයීම යථාර්තවාදීව මෙන්ම සාර්ථකව ඉටු කල යුතු බව රජය ප්රකාශ කරයි. රියදුරන්ට ඔවුන් ජීවත් වන ස්ථානයෙන් හෝ ඔවුන්ගේ වාහන වලට අය කරන ආකාරය අවාසිදායක නොවිය යුතුය යන්න රජයේ ප්රතිපත්තිය වේ.
“නැෂනල් ග්රිඩ්” හෙවත් ජාතික විදුළි ජාලයේ වෙළෙඳපොළ ප්රධානී “ග්රේම් කූපර්” මෙසේ පැවසීය.
… “ආරෝපණ ස්ථාන වේගයෙන් ව්යාප්ත කිරීම සඳහා තීරණාත්මක ජාලක ධාරිතාවක් අවශ්ය වන්නේ කොතැනදැයි දැන ගැනීමට අපි රජය සමඟ කටයුතු කරන්නෙමු”… “විදුලි හෝ හයිඩ්රජන් ට්රක් රථ සහ වෙනත් ප්රවාහන අවශ්යතා සඳහා පියවරක් ඉදිරියට තැබීම නිසා බලශක්ති ඉල්ලුමේ ඉහළ යාමක් සිදුවනු ඇත”… “එබැවින් අනාගත ඉල්ලුම සඳහා නිවැරදි සන්නායක නිසි තැනට එලන බවත් ආරෝපිත ස්ථාන ඉදි කරන බවට අප සහතික විය යුතුය”…
“එක්ස්ප්ලෝ” [engineering consultants Expleo UK] ආයතනයේ, එක්සත් රාජධානියේ ඉංජිනේරු උපදේශකවරුන් මෙසේ කියති. … “බ්රිතාන්යයන් සඳහා විද්යුත් ආරෝපිත ස්ථාන සාර්ථකව ප්රදානය කිරීමට, අපගේ පවතින බලශක්ති ජාල සමඟ ස්මාර්ට් ආරෝපණ පද්ධතියක් අප නිර්මාණය කළ යුතුයි”…
“මෙමඟින් ඉල්ලුම සුමට වන අතර සේවා අයකිරීමේ වේලාවන් සඳහා අතිරේක විදුලි උත්පාදනයක් ඇති කිරීමට රජයට ඇති අවශ්යතාවය අඩු කරනු ඇත”…
මෙම පද්ධතියට වාහන, මිනිසුන් සහ බල පද්ධතියක් ඇතුළත් බැවින් එය ක්රියාත්මක කිරීම ඉතා සංකීර්ණ වනු ඇත. මෙයට එක හේතුවක් වන්නේ ඉහත කී සූර්ය බල ශක්තිය වසරේ බොහෝ දිනවල අවම වීම වේ.
පාරිභෝගිකයින් සහ වාණිජ රියදුරන් සඳහා නව ගාස්තු සහ වාණිජ දිරි දීමනා ලබා දීම මෙන්ම එක්සත් රාජධානියේ කාබන් විමෝචනය වැඩි නොකර වැඩි බලශක්ති අවශ්යතාවයකට ප්රතිචාර දැක්විය හැකි වෙනත් තාක්ෂණ ගවේෂණය කිරීම ද එයින් අදහස් කෙරේ.
මෙම සතිය මුලදී, “හවුස් ඔෆ් ලෝඩ්ස් විද්යා හා තාක්ෂණ තේරීම් කමිටුව” [the House of Lords Science and Technology] රජයෙන් ඉල්ලා සිටියේ සිය ශුද්ධ ශුන්ය කාබන් විමෝචන උපාය මාර්ගයට මූලික ගලක් ලෙස නව බැටරි තාක්ෂණයන් වැඩිදියුණු කිරීම සඳහා වැඩි වැඩියෙන් කටයුතු කරන ලෙසයි.
දැන් අපි ලංකාවේ අනාගතය ගැන සිතමු. ලංකාවේ කොතරම් නූගත් සහ දූෂිත බල ශක්ති අංශයේ නිළධාරීන් සිටියද, ලෝකය යන ආකාරයට ලංකාවටද ගමන් කරන්නට සිදු වනු ඇත. වේගයෙන් විදුළි වාහන වල තත්වය වැඩි දියුණු වීමද ඒ හා තරඟ කරන්නට නොහැකි තරමින් ෆොසිල ඉන්ධන වාහන පසු පසට යන බවද යථාර්තයකි. ලෝකය ඉදිරියට යන්නේ දේශපාලන හෝ පාරිසර හේතුන් නිසා නොවේ. එය ආර්ථික හේතුන්ම වේ.
ඒ අනුව බොහෝ වේගයෙන් ලොව විදුළි වාහන වලට අනුවර්ථනය වන දින අප සිතනවාට වඩා වේගවත් වේ.
මෙය සාපයක් නොව ආශිර්වාදයක් කර ගැනීමට ලංකාව වැනි රටවල් වලට විශේෂ වරප්රසාදයක් ඇත්තේ, සූර්යාලෝකයෙන් කෙලින්ම විදුළි වාහන සඳහා අවශ්ය විදුළිය ලබා ආරෝපිත ස්ථාන ඉදි කිරීමේ හැකියාව වේ. මෙහිදී අදාළ පරිදි බැටරි බෑන්ක් ප්රමාණයක් ඇති විටෙක, ජාතික විදුළි ජාලයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව එම ආරෝපිත ස්ථාන භාවිතා කල හැක.
සාපේක්ෂව මිළ වැඩි බැටරි බෑන්ක් නැතිවද, ග්රිඩ් එකට සම්බන්දයක් නොමැති සූර්ය පැනල මගින් දිවා කාලයේ වාහන ආරෝපණ කිරීම කල හැක.
බොහෝ දෙනා මේ අදහසට එකඟ නොවනු ඇත.
නමුත් එක්තරා බල ශක්ති සීමාවකට [උදාහරණයක් සේ කිලෝ වොට් 10ක්] වොට් එකක් හෝ වැඩියෙන් ඇති විටෙක ක්රියාත්මක වන ඉන්වර්ටර නූතනයේ නිෂ්පාදනය කර ඇත. වැසිබර හෝ වළාකුල් සහිත කාලගුණයක් නැති බොහෝ දිනවල සූර්ය පැනල සහ ඒ ආකාරයේ ඉන්වර්ටර සවිකළ ඇටවුම් වලින් විදුළි වාහන ආරෝපණය කල හැක. දිනයේ පාරිසරික හේතුන් පුරෝකථනය කිරීමේ කාලගුණික විද්යා තත්වය අනුව එම ආරෝපිත ස්ථාන ක්රියාත්මක වන්නේද යයි ඒ ඒ දිනවල රියැදුරන්ට දැනුම් දිය හැක.
ලංකාවට කලකට පෙර පැමිණි නිසාන් ලීෆ් වාහන සඳහා හදිසියේම කුඩම්මාගේ සැළකිලි දක්වමින් විශාල සේ බදු අය නොකර සිටියේ නම්, එදා ඒ වාහන විකිණී ගිය ආකාරය අනුව අද දින සෑහෙන ඉදිරි ගමනක් යන්නට තිබිණ. හුදෙක් පටු අරමුණු නිසා එය ව්යාර්ථ විය. සෑම බල ශක්ති ප්රභවයක්ම ග්රිඩ් එකට සම්බන්ද කිරීමේ අනිවාර්ය අවශ්යතාවයක් නැත. ලංකාව වැනි දීප්තිමත් හිරු එළිය වසරේ වැඩි කාලයක් ලැබෙන රටකට, එම වාසනාව සහ ආශිර්වාදය ලබා ගැනීමට දැන්වත් කටයුතු කිරීම වටී.
ඔබ දකින මේ පින්තුරය අප්රිකාව හෝ ආසියාවේ තැනක නොවේ. එය ඇමරිකාවේ දියුණුම ප්රාන්තයක් වන කැලිෆෝනියාවේ “ග්රිඩ් එකට සම්බන්ද නැති’ ආරෝපිත ස්ථානයකි. ඔවුන්ගේ ප්රයත්නය වන්නේ අවම සේ මේ ඇටවුම් 30%ක් ග්රිඩ් එකෙන් ඉවත් කිරීම වේ.
මෙය [හුදෙක් සූර්ය පැනල සහ ඉන්වරටර “පමණක්” ඇති ආරෝපිත ස්ථාන”] ඉතා හොඳ ආර්ථික ව්යාපෘතියක් වන්නට ඉඩ ඇත්තේ ඊට යන මූළික වියදම අවම වන හෙයිණි. පවතින ආණ්ඩුවක් කරන තුරු බලා නොසිට මේ ගැන සිතුවහොත්, හොඳ ආර්ථික ව්යාපෘතියක් මෙන්ම, ලංකාවට සුමට සේ විදුළි වාහන අවශෝෂණය කර ගැනීමට හැකි වනු ඇත. යුරෝපයේ අඳුරු රටවල් වලට ඒ වාසනාව නැත.
අපට ඇති මේ හිරු එළිය යුරෝපීය රටවල් වලට ඇත්නම් ඔවුන් ෆොසිල ඉන්ධන වාහන තහනම් කිරීම 2030 දී පමණ නොව, මේ වන විට කරන්නට ඉඩ තිබිණ.
උපුටා ගැනීම: Lalith Karunaratna